Ads 468x60px

.

කේෂානි දැරිය පිළිබඳව නිවැරදි තොරතුරක්‌ ලබා දෙන අයකුට රුපියල් දස ලක්‍ෂයක ත්‍යාග මුදලක්‌

පැහැරගැනීමට ලක්‌වූ පමාරා කේෂානි බණ්‌ඩාර දැරිය පිළිබඳව නිවැරදි තොරතුරක්‌ ලබා දෙන අයකුට රුපියල් දස ලක්‍ෂයක ත්‍යාග මුදලක්‌ ලබා දීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම සිඟිති දැරිය පිළිබඳ තොරතුරක්‌ ඇත්නම් වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌ පතිවරයාගේ 0718137007 දුරකථන අංකයට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු වේ 0112328138 දුරකථන අංකය වෙත තොර තුරු ලබා දෙන ලෙස පොලිසිය මහජනතාව ගෙන් ඉල්ලා සිටියි. තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්‌ෂා කරන බව ද පොලිසිය කියා සිටියි.

ඉකුත් 09 වැනිදා අලුයම 2.00 ට පමණ පැහැර ගැනීමට ලක්‌වූ කේෂානි දැරිය පිළිබඳව කිසිදු තොරතුරක්‌ ඊයේ වනතුරුත් ලැබී නොතිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කට්‌ටඩියාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න

කරගෙන ගියද වැදගත් සාක්‌ෂි කිසිවක්‌ ලැබී නොමැත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පුද්ගලයන් රැසකගෙන් පොලිසිය ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබේ.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස්‌ කණ්‌ඩායම් 9 ක්‌ මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද වෙනම පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යයි.

ඉකුක්‌ 09 වැනිදා අලුයම වැල්ලව අඹකොළවැව ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වූ කිසියම් පිරිසක්‌ නිදි යහනේ සිටි කේෂානි දැරිය පැහැරගෙන ගොස්‌ තිබිණි.
 
Related Posts with Thumbnails