Ads 468x60px

.

මගේ පියයුරක් මිරිකන ගමන් අනික් අත මගේ පිටි පස්සේ දාන්න හැදුවා, තවත් ස්ට්‍රීට් හැරස්මන්ට් එකක්


දැන් ගොඩක් ගෑනු ළමයි අඳින විදිහ වැරදි නිසා පිරිමි ළමයි එයාලට එක එක දේවල් අපහාසාත්මකව කියනවා වගේ එක එක දේවල් අහන්න ලැබෙනවා. 

හැබැයි මම එහෙම සංස්කෘතියට සහ සදාචාරයට නොගැලපෙන කිසිදෙයක් අඳින්නේ නැතුව සාරිය ඇඳගෙන (සිරුරේ අනවශ්‍ය තැන් හොඳින් වැසෙන පරිදි) වැඩට යන කොටත් බස්වල උදේ පාන්දර මිනිස්සු එක එක කතා කියලා තියනවා.

ඒවායින් එකක් නම් 'නංගී මූණ ඔච්චර ලස්සන නම් කඳ කොහොම ඇතිද නේ'... ඒ වෙලාවට මම එක්කෝ කට වහගෙන මට නෙවෙයි වගේ ඉන්නවා. සමහර වෙලාවට ඒ මිනිස්සුන්ගේ ඇස්දෙක දිහා බලලා ඔරවනවා. ගොඩක් වෙලාවට එහෙම කියන්නේ ඔෆිස් යන අන්කල්ලා.

එක දවසක් powerset එකක යනකොට තෙරපිලා තෙරපිලා හිටපු මැදිරියේ අගටම මාව තල්ලුවුණු වෙලාවක එතන ඉඳගෙන හිටපු පිරිමි කෙනෙක් මට සීට් එක දෙන්න වගේ හිටගෙන එක පාරට මාව හරස් කරලා මගේ පියයුරු එක අතකින් මිරිකන ගමන් අනික් අත මගේ
පිටිපස්සේ දාන්න හැදුවා තට්ටම් දිහාවට. 

මගේ ළඟ ඉඳගෙන හිටපු ගෑනු කෙනා මට වැඩිය වැඩිමහලු මගේ අම්මාගේ වයසට ටිකක් බාල කෙනෙක්. එයා වුනත් ඒ වෙලාවේ කියව කියව හිටපු පත්තරෙන් මූණ වහගෙන නොදැක්කා වගේ හිටියා. 

මගෙත් උගුර හිරවුනා වගේ දැනුනා හැබැයි ඒ වනචරයා එයාගේ වටේ හිටපු පිරිමි යාළුවො හිනාවෙන අතරේ මගේ තොල් දෙකට එයාගේ කට ලන්කරනකොට නම් මට සීමාව ඉක්මවා ගියා.. මම පුළුවන් වෙර දාලා ඒ මිනිහා අහකට තල්ලු කරලා මැදිරි දොරවල් පැත්තට යන්න හැදුවා. 

ඒ වෙලාවේ මට ඇහුනා සමහරු 'සුදු මූණයි හුරතලයයි හරි අවදානම්' කියන සින්දු කොටස කියලා හයියෙන් හිනාවුනා. මේ වෙනකොට කේන්තියට මගේ ඇහෙන් කඳුලුත් පිටදාලා. 

ඒ අතරේ තවත් කොල්ලෙක් මට කුනුහරුපයක් කියලා බැන්නා මම අනික් අයව තෙරපාගෙන දුවන කතාවක් කියලා. මට විශ්වාසයි ඒ කොල්ලත් දැක්කා සිද්දවෙන්න ගිය දේ. ඒ වුනත් මට සෙනග මැද්දේ අපහාස කෙරුවා. මෙක සිද්දවුනේ දැනට මාස 2කත විතර කලින්.

මට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු ගෑනු ළමයින්ට මෙච්චර කෙනහිලිකම් කරන්නේ කියලා. කියවන බන පොත්වල හිටන් සමහර වෙලාවට දකින්න ලැබෙනවා ගෑනු කෙනෙක් වෙලා උපදින්නේ පෙර පවකට කියලා. මේ දේවල් සිද්දවෙනකොට කලින් විශ්වාස නොකලත් මේවයේ ඇත්තක් තියනවාද කියලා මට වෙලාවකට හිතෙනවා. 


අනික් අතට, එහෙම වෙන්නේ කොහොමද? මේ මට අපහාස කරපු හැම පිරිමියෙක්ම ඉපදුනේ අම්මගෙන්... මුලින්ම ඒ මිනිස්සුන්ගේ බඩට වැටුනේ ඒ අම්මාගේ පියයුරුවලින් එරුණු කිරි. 

එහෙම බලනකොට කොහොමද මේ මිනිස්සුන්ට කරදඬු උස මහත් වුනාම තමන්ට ජීවය දුන්න පියයුරු තියන තමන්ගේ අම්මා වගේම අම්මා කෙනෙක් වෙන්න පුළුවන් කම තියන වෙන ගෑනු කෙනෙක්ගේ පියයුරු සහ ඉඟටිය දිහා මේ තරම් තිරිසන් විදිහට බලන්න හිතෙන්නේ? මට මේක මහා කලකිරීම ඇතිවෙන ප්‍රශ්නයක්.

වයසක අය මම වගේ අවුරුදු විසිගානක ළමයෙකුට නංගී කියන එකටත් වෙලාවකට මට හිතයටින් හිනා යනවා...මම වැඩට යන්නේ ගොඩක් උදෙන්ම 138 බස්වල කොටුවට ගිහින් එතනින් කෝච්චියේ නැගලයි. 

බස් එකේ කිටිකිටියේ හිරවෙන අවස්ථා ටිකක් අඩුයි ඒ වුනත් කෝච්චි ගමන නම් අමාරුයි power set එකක වගේ නැග්ගොත් ගොඩක්ම අමාරුයි දැන හෝ නොදැන උඋයි කියවෙනකන් කකුල් පාගන පිරිමි අය වගේම ගෑනු ළමයින්ගේ පියයුරු සහ තට්ටම්වලට ඇහැ වගේම අතත් ගහන්න හදන පිරිමි නිසා.

ඒ වගේම ඇයි මේ වගේ වෙලාවට අහල පහල බලාගෙන ඉන්න වැඩිහිටි ගෑනු අය වුනත් ඒ පිරිමින්ට වචනෙකින් හරි විරෝධය නොදක්වන්නේ?


අඩුම ගානේ වයසින් වැඩි ගෑනු අයවත් අපි වෙනුවේන් කතා කරන්නේ නෑ කියන එක හිතුනාම කලකිරීම තවත් වැඩිවෙනවා... උගත් වගේම බුද්ධිමත් ගෑනු ළමයි වශයෙන් ඒ නිසා ඔයාලා කරගෙන යන මේ දැනුවත් කිරීමට සුබපතනවා. 

ඒ අතරේ එහෙම අසීරුතාවලට ලක්වෙන ගෑනුළමයි තමන්ගේම සහෝදරියෝ කියලා හිතාගෙන එයාලා වෙනුවේන් බය නැතුව හෙට ඉඳන් හරි කතාකරන්න ඉදිරිපත්වෙන්න කියලා වැඩිහිටි කාන්තාවන්ටත් මතක්කරන්න කැමතී"

 
Related Posts with Thumbnails