Ads 468x60px

.

මෙන්න කාර් ! ලීටරයට කිලෝමීටර් 100 යි !


ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 100 ක් දුර ධාවනය කල හැකි හයිබ්‍රිඩ් මෝටර් රියක්  නිපදවීමට  Renault සමාගම සැරසෙයි. ඊයේ පැරිස් නුවරදී පැවති 2014 Paris Motor Show හිදී මෙහි සැලැස්ම රෙනොල්ට් සමාගම විසින් ඉදිරිපත් කර  තිබේ.

'EOLAB' ලෙස හදුන්වා ඇති මෙහි තාක්ෂණය මගින් සිලින්ඩර් තුනේ 1.01 පෙට්‍රල් එන්ජිමක් සහ ඉලෙක්ට්‍රික් මෝටරයක් මීට සවිකර තිබේ. මේ අනුව මෙම මොටර් රිය අඩු කාබන් දහනයකින් යුතුව ධාවනය

කරවිය හැකි බව රෙනෝල්ට් සමාගම කියයි.

මෙම මෝටර් රියෙහි බර  සාපේක්ෂව අඩුවන නිසාද ඉන්ධන දහනය සාර්ථකව සිදුවෙයි. මේ අනුව සලකා බැලු විට ඉන්ධන ලීටරයකට කිලෝමීටර් 118.4 ක දුරක් මෙම මෝටර් රියට ගමන් කළ හැකි බව එම සමාගම සදහන් කර තිබේ.

 
Related Posts with Thumbnails