Ads 468x60px

.

ආගමේ නාමයෙන් කිරි මව්වරු දහස් ගණනක් ඝාතනය ඇරඹේ.

ඊයේට සහ අදට (ඔක්.05-06)  යෙදී ඇති ඉස්ලාම් භක්තිකයන්ගේ හජ්ජි උත්සවයේ අංගයක් ලෙස සත්ව ඝාතන චාරිත්‍රයක් පවතින බැවින් ඒ වෙනුවෙන් සූදානම් කළ ගවයින්, එළුවන්, කුකුළන් වැනි සතුන් දහස් ගණනක් ඊයේ සහ අද ශ්‍රී ලංකාව පුරා සිය ජීවිත පූජා කළ බව පුවත් වාර්තා වේ. 

මේ අතරින් අළුත්ගම දර්ගා නගරය, කාත්තන්කුඩි, බේරුවල, අකුරණ වැනි මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රෙද්ශ  ඇතුළු දිවයිනේ බොහොමයක් ප්‍රෙද්ශවල දහස් ගණනක් අහිංසක සතුන් අමානුෂික ලෙස
මරා දැමීම මේ මොහොත වනවිටත් සිදුවෙමින් පවතින බව වාර්තාවේ.

විශේෂයෙන්ම හෙළ බොදු අනන්‍යතාවය, සංස්කෘතිය ඓතිහාසිකව මුල්බැසගත් මෙවැනි රටක හෙළ බොදු අනන්‍යතාවය නොතකා, ආගමික චාරිත්‍රයක් ලෙසින් මෙවන් කෘෘරතර සත්ව ඝාතන සිදුකිරීම පිළිබඳව බෞද්ධයන් ලෙස ලැජ්ජා විය යුතුය. 

මිනිසාව කිරෙන් පෝෂණය කරන ජාතියේ කිරි මව ලෙසින් විරුදාවලී ලත් ගව සම්පත ආගමික චාරිත්‍රයක් ලෙසින් මරාගෙන කෑම මොන තරම් නම් ගුණමකු ක්‍රියාවක් දැයි අබ මල් රේණුවක මොළයක් ඇති අයෙකුට වුව වැටහෙනු ඇත. 

ගව මස් කන්නා රොඩියෙකු බව පැවසූ අනගාරික ධර්මපාල තුමන් සමරණ මේ කාලය තුළදීම ගව සම්පත මරාගෙන කන ආගමික චාරිත්‍රයකටද ඉඩදී නිහඬව සිටීීමට තරම් සිංහල බිමේ සිංහලයා අසරණ භාවයට පත්ව තිබීම අතිශයින්ම ඛේදනීය තත්වයකි. 

සත්ව ඝාතනය, විශේෂයෙන්ම ගව සම්පත ඝාතනය කිරීමේ ගුණමකු ක්‍රියාව වහාම නතර කිරීමට රාජ්‍ය මැදිහත්වීම උවමනා කාලය පැමිණ තිබේ. 

දිවයිනේ සතර දෙසින් වරින් වර අසන්නට දකින්නට ලැබෙන ගව අභයදාන පිංකම්, මරණින් ගවයින් නිදහස් කර ගැනීමේ කැට ව්‍යාපාර, මස් කඩවල ටෙන්ඩර් බොදු හැඟීම් ඇති මිනිසුන් විසින් හා භික්ෂූන් වහන්සේ ලා විසින් මිලට ගෙන මස්කඩ වසා දැමීම, ගව ඝාතනයට එරෙහිව පා ගමන් යෑම, ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලා පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාව වගේම, පළාත් පාලන ආයතන මගින් ගව ඝාතනය තහනම් කිරීම, මරණින් මුදවා ගත් ගවයින් සිය හාම්පුතාට නමස්කාර කිරීම වැනි සංවේදී ක්‍රියාවන් ද පසුගිය කාලයේ අත්දකින්නට ලැබුණු ගව ඝාතන විරෝධී සිදුවීම්ය. 

බහුතර බෞද්ධ ජනතාවක්, බහුතර හින්දු ජනතාවක් වෙසෙන මෙබිම තුළ සැබෑ බොදුනුවෝ හා හින්දූන් ගව මස් අනුභව නොකරති. ඒ පිරිස 80% ත් වැඩිය. එසේනම්, ඒ අයගේ කැමැත්තට ඉඩ නොදී 20%කටත් අඩු පිරිසක ගේ උවමනාවට ගව ඝාතන ගුණමකු ක්‍රියාව කරගෙන යෑමට ඉඩදී තිබීම ජාතියේ අවාසනාවකි. 

එය හරියට බල්ලා විසින් නගුට නටවනවා වෙනුවට, නගුට විසින් බල්ලා නටවනවා යන කියමනට සමානය. මෙම සමාජ විකෘතිය ප්‍රකෘතිමත් කළයුතු කාලය එළඹ තිබේ.

- හෙළ යුගය ජාතික සංවිධානය.
 
Related Posts with Thumbnails