Ads 468x60px

.

ජේසු තුමන්ගේ රුව දිස්වන ගසක් (වීඩියෝ)


ජේසු තුමන්ගේ මුහුණට සමාන රුවක් දිස්වන ගසක් පිළිබඳ පුවතක් මධ්‍යම රුසියාවේ බර්මාකිනෝ ගම්මානයෙන් වාර්ථා වනවා. 

මෙසේ ජේසු තුමන්ගේ මුහුණට සමාන රූපය මතුව ඇත්තේ බර්ච් ශාඛයක පැරණි අතු ඉවත් කිරීමට යාමේදී බවයි විදෙස් මාධ්‍ය වාර්ථා පවසන්නේ. මේ වන විට මෙම ස්ථානයට යාඥා කිරීම සඳහා පිරිස් එක්
රැස් වන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කොමියුනිස්ට් පාලනය විසින් පෙර තිබූ පල්ලි විනාශ කර ‍එම බිම් පොදු කටයුතු සඳහා යොදවා ඇති නිසා මෙම ගම් වැසියන්ට තම ආගමික ස්ථාන අහිමිව තිබෙනවා. 

මේ ලෙස ජේසු තුමන්ගේ රුවට සමාන රුවක් බර්ච් ගසෙහි බ‍ෙඳෙහි දිස්වීම නිසා ගම්වැසියන්ට නැවත පල්ලියක් ඉදිකරගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන අතර ෆීලික්ස් ඔසරෝඩ් පියතුමන් පවසා තිබෙන්නේ ශුද්ධ වු පියතුමන් යම්දෙයක් පවසන බවත් ඒ දේ අප විසින් අසමින් සිටිනා බවත්ය. 

මේ වැනි තවත් සිදුවීමක් පිළිබඳ දැක්වෙන වීඩියෝවක්ද පහතින් නැරඹිය හැක.




 
Related Posts with Thumbnails