Ads 468x60px

.

සිසුවා හා හමුදා සෙබලා නිරුවතින් පාළු නිවසක


රහස්‌ පොලිසියේ නිලධාරියෙකු ලෙස පෙනී සිට පරික්‍ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් පාසල නිම වී නිවෙස කරා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු පාළු නිවසකට රැගෙන ගොස්‌ නිරුවත් කොට බරපතළ ලිංගික අපරාධයක්‌ කරමින් සිටි හමුදා සෙබළකු ගම්වාසීන් විසින් අල්ලා පොලිසිය වෙත බාරදී තිබෙන පුවතක් ගම්පොල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් මෙම සෙබළා උඩ්ඩුසුඩාන්වල සේවය කරන අතර නිවාඩුවට නිවසට පැමිණ සිටියදී මෙම පාසල් සිසුවා බිය කර මෙම

අපරාධය සිදු කොට තිබෙන බවයි.

26 හැවිරිදි අවිවාහක මොහු පාසල් සිසුන් ඉලක්‌ක කොට ගෙන කාලයක්‌ තිස්‌සේ මෙම අපරාධය සිදු කොට ඇති බව පොලිස්‌ පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇති අතර එයට ඇබ්බැහි වී ඇති අයෙකුද වන බව පැවසේ.

ගම්පොල ප්‍රසිද්ධ පාසලක සිසුවකු වන මෙම 16 හැවිරිදි සිසුවා නිවසට පැමිණීම ප්‍රමාද වීම නිසා සිය පියා ඇතුළු ගම්වාසීන් සොයා බැලීමේදී ගම්පොල කහටපිටිය දේවරාජ මාවතේ පැරැණි දුම්රිය නිවසක මෙම සිසුවා හා හමුදා සෙබලා නිරුවතින් සිටියදී සොයාගෙන තිබේ.

පාසල් සිසුවා ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර පහර දීමක්‌ නිසා මෙම සැකකරුද රෝහල් ගතකොට ඇත. සැකකරු ගම්පොල මහෙස්‌ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඊයේ (30 දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
Related Posts with Thumbnails