Ads 468x60px

.

කාන්තාවක් තනියම යනවා නම් මෙන්න මෙහෙට යන්න.(පින්තුර)


කාන්තාවකට තනියම ගමන් කිරීම අනතුරුදායක මට්ටම්වල පවතින බවත් සෑම වර්ෂයකම ලිංගික හිංසාවන් සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති රැසක් අසන්නට ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එහෙත් කාන්තාවන්ට තනිවම කිසිදු බියකින් තොරව ගමන් කළ හැකි ස්ථාන 10ක් සම්බන්ධයෙන්ද විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.

ඩෙන්මාර්කය - කෝපන්හේගන්

ඩෙන්මාර්කයේ විශාලතම නගරය වන කෝපන්හේගන් නගරය මිලියන දෙකක ජනගහනයකින් යුත් අතිශය කාර්ය බහුලම නගරයද වනවා. එසේම අලංකාර වාස්තු විද්‍යාත්මක නිර්මාණ මෙන්ම ඉහළ පෙළේ සාප්පු සංකීර්ණවලින්ද මෙම නගරය යුක්ත වනවා. 


එසේම කාන්තාවන්ට සාප්පු සවාරි යාමට හොඳම නගරය ලෙසද බහුතර පිරිසකගේ මතය වනවා. ඩෙන්මාර්කය බිහි වූ අයුරු කියැවෙන මිත්‍යා ප‍්‍රබන්ධ කතාවට පසුබිම් වූ ගෙෆ් ජුන් උල්පත මෙම නගරයේදී නැරඹිය යුතු චිත්තාකර්ශනීයම ස්ථානය වනවා.


Denmark

නවසීලන්තය -  ඕක්ලන්ඞ්

ඕක්ලන්ඞ් නවසීලන්තයේ විශාලතම නගරයයි. මෙහි ජනගහනය දහ හතර ලක්ෂයකට අධිකයි. එහෙත් එම නගරයේ කාන්තාවකට තනිවම ගමන් කිරීමට හැකියාව තිබෙන ආරක්ෂාකාරීම නගරයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම නගරය රුවල් නගරය ලෙස අන්වර්ථ නාමයෙන්ද  ඕක්ලන්ඞ් හැඳින්වෙනවා. 


ඊට හේතු වන්නේ මෙහි වරායේ නිරන්තයෙන් රුවල් ඔරු දක්නට ලැබීම නිසයි. එසේම මෙහි ඔරිවා ප‍්‍රදේශයේ ඇති සුන්දර වෙරළ තීරය නැරඹීමටද සංචාරකයන් දක්වන්නේ ඉහළ උනන්දුවක්. වයිවේරා උණු ජල උල්පත් ද මෙහි යන සංචාරකයන් නැරඹීමට අමතක නොකරන ස්ථානයකි.


New Zealand 

නෝර්වේ - ඔස්ලෝ

කාන්තාවන්ට සමසැලකීම ලබාදීම සම්බන්ධයෙන් මුල් තැන ගන්නා ස්කැන්ඩිනේවියානු රටවල් අතර නෝර්වේ රාජ්‍යයට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. නෝර්වේ අගනුවර මෙන්ම විශාලතම නගරය වන්නේද ඔස්ලෝයි. විග්ලන්ඞ් මූර්ති උද්‍යානය මෙහි සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානයකි.  



Norway 

ප‍්‍රංශය - මාර්සෙයිල්

ඉහළම සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප‍්‍රංශයේ දෙවන විශාලතම නගරය වන්නේ මාර්සෙයිල් නගරයි. මෙම නගරයද කාන්තාවන්ට ලැබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් බහුතරයකගේ විශ්වාසය දිනාගෙන තිබෙන නගරයකි. මෙම නගරය මධ්‍යධරණී වෙරළ තීරයේ පිහිටා තිබේ. මෙම නගරයේ තවත් විශේෂත්වයක් වන්නේ නොයෙක් වර්ගයේ මුහුදු ආහාර රස බැලීමේ අවස්ථාව උදා වනවා.  



France
  
හවායි - හිලෝ

ඇමෙරිකාවේ නගර බොහෝමයක කාන්තාවන්ට බියෙන් සැකෙන් තොරව ගමන් කළ හැකි නගර තිබුණද ඒවායින්ද වැඩිම ආරක්ෂාවක් සහිත නගරය ලෙස පෙරමුණ ගන්නේ හවායි හි හිලෝ නගරයයි. මෙහි ජනගහනය ලක්ෂ හතරකට අධික වනවා. 


අකාකා ෆෝල්ස් ස්ටේට් උද්‍යානයේ පිහිටි අඩි 400ක් පමණ උසැති දිය ඇල්ල මෙහි සංචාරය කරනු ලබන අයෙක් නැරඹිය යුතුම ස්ථානයකි. මෙහි සංචාරයක නිරත වන  ඕනෑම අයෙක් අමතක නොකරන දෙයකි මැකඬේමියා නමැති ඇට මැදි කළ ප‍්‍රණීත චොකලට් කැබැල්ලක් අනුභව කිරීම.


Hawaii 

පෘතුගාලය - සෙටුබාල්

පෘතුගාලයේදී කාන්තාවකට ආරක්ෂාවක් ලැබෙන ප‍්‍රධානතම ස්ථානයකි සෙටුබාල්. මෙහි සෙරා ඩා ඇරබිඩා ජාතික උද්‍යානය සුවිශේෂී ස්ථානයක් ගන්නවා. මුහුද හා වනය එක් වන අපූරුව සුන්දරත්වය දැක බලා ගැනීමේ විරල අවස්ථාවද මෙහිදී උදාවනවා. එසේම මෙහි මුහුදු තීරයද විශේෂත්වයක් ගන්නවා. එනම් මෙහි පෝර්ටින්හෝ ඩා ඇරබිඩා මුහුදු වෙරළහෙි රළ රහිතය.



Portugal 

ෆින්ලන්තය - හෙල්සින්කි

විශ්මිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ හා කලාත්මක ගොඩනැගිලි නිසා සංචාරක ආකර්ශණය දිනාගත් හෙල්සින්කිද කාන්තාවන්ට තනිවම ගමන් කළ හැකි තවත් නගරයකි. මෙම නගරය කාර්මික නිර්මාණ සංගම්වල ජාත්‍යන්තර කවුන්සිලය විසින් ලෝක නිර්මාණ අගනුවර ලෙස තෝරා ගැනුණේද හෙල්සින්කි නුවරයි. ඒ 2012 වසරේදියි. ස්කැන්ඩිනේවියානු සම්ප‍්‍රදායේ විසිතුරු ඇඳුම් පැළැඳුම් මිලදී ගැනීමටද හෙල්සින්කි වෙත යන කාන්තාවන්ට අවස්ථාව උදාවනවා.  



Finland 

කැනඩාව - ඔටාවා

ඔටාවා නගරය බහුවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත නගරයකි. ඉංගී‍්‍රසි සහ ප‍්‍රංශ භාෂාව මිශ‍්‍රව කතා කරයි. මෙම නගරයේ ඇති බයිවර්ඞ් වෙළෙඳ මධ්‍යස්ථානය නැරඹිය යුතුම ස්ථානයක් වන අතර සති අන්තයේදී සංචාරකයින් පන් දහසක් පමණ මෙම නගරයට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. 


ඔටාවාහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ දේශීය වශයෙන් නිපදවෙන චීස් හා පාන් වර්ග රසවිඳීමටද පමණක් නොව අතින් සැකසූ ඇඳුම් හා ආභරණ ආදිය මිලදී ගැනීමේ අවස්ථාවද මෙහිදී උදා වනවා.  


Canada 

ස්වීඩනය - මැල්මෝ

ස්වීඩනයද කාන්තාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ ප‍්‍රතිපත්ති අනුගමනය කරන රටකි. එරට නගර අතරිනුත් විශාලත්වයෙන් තෙවන ස්ථානය ගනු ලබන මැල්මෝ නගරය වඩාත් ආරක්ෂාකාරී බවයි විශ්වාස කෙරෙන්නේ. 


එසේම මැල්මෝ නගරය  කි‍්‍රයාශීලී නිවාඩුවක් ගත කිරීමට ආශා කරන කාන්තාවන්ට  උචිතම නගරයකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සුන්දර සංස්කෘතියකින් සහ සොඳුරු මිනිසුන්ගෙන් සමන්විත වීමයි. එසේම පරිසර හිතකාමී ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමටද මෙහිදී සංචාරකයන්ට අවස්ථාව උදාවනවා.  


Sweden 

ඕස්ටේ‍්‍රලියාව - පර්ත්

බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ අගනගරය වන පර්ත් නගරයද කාන්තාවන්ට ආරක්ෂාකාරීම නගර අතරට ගැනෙනවා. ලක්ෂ 18ක අධික ජනගහනයක් ජීවත් වන පර්ත් හි ඇති කිංග්ස් පාර්ක් නමැති උද්‍යානය ලොව නගරයක් තුළ ඇති විශාලතම උද්‍යානය වනවා. ලක්ෂ 60කට අධික පිරිසක් මෙම උද්‍යානය වර්ෂයක් තුළ නරඹනු ලබනවා.  



Australia


කාන්තාවකට තනියම ගමන් කිරීම අනතුරුදායක මට්ටම්වල පවතින බවත් සෑම වර්ෂයකම ලිංගික හිංසාවන් සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති රැසක් අසන්නට ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහෙත් කාන්තාවන්ට තනිවම කිසිදු බියකින් තොරව ගමන් කළ හැකි ස්ථාන 10ක් සම්බන්ධයෙන්ද විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. 
 
ඩෙන්මාර්කය - කෝපන්හේගන් 
 
ඩෙන්මාර්කයේ විශාලතම නගරය වන කෝපන්හේගන් නගරය මිලියන දෙකක ජනගහනයකින් යුත් අතිශය කාර්ය බහුලම නගරයද වනවා. එසේම අලංකාර වාස්තු විද්‍යාත්මක නිර්මාණ මෙන්ම ඉහළ පෙළේ සාප්පු සංකීර්ණවලින්ද මෙම නගරය යුක්ත වනවා. එසේම කාන්තාවන්ට සාප්පු සවාරි යාමට හොඳම නගරය ලෙසද බහුතර පිරිසකගේ මතය වනවා. ඩෙන්මාර්කය බිහි වූ අයුරු කියැවෙන මිත්‍යා ප‍්‍රබන්ධ කතාවට පසුබිම් වූ ගෙෆ් ජුන් උල්පත මෙම නගරයේදී නැරඹිය යුතු චිත්තාකර්ශනීයම ස්ථානය වනවා. 
- See more at: http://offair.nethfm.com/article/6892#sthash.d5EMwYOc.dpuf
කාන්තාවකට තනියම ගමන් කිරීම අනතුරුදායක මට්ටම්වල පවතින බවත් සෑම වර්ෂයකම ලිංගික හිංසාවන් සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති රැසක් අසන්නට ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහෙත් කාන්තාවන්ට තනිවම කිසිදු බියකින් තොරව ගමන් කළ හැකි ස්ථාන 10ක් සම්බන්ධයෙන්ද විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. 
 
ඩෙන්මාර්කය - කෝපන්හේගන් 
 
ඩෙන්මාර්කයේ විශාලතම නගරය වන කෝපන්හේගන් නගරය මිලියන දෙකක ජනගහනයකින් යුත් අතිශය කාර්ය බහුලම නගරයද වනවා. එසේම අලංකාර වාස්තු විද්‍යාත්මක නිර්මාණ මෙන්ම ඉහළ පෙළේ සාප්පු සංකීර්ණවලින්ද මෙම නගරය යුක්ත වනවා. එසේම කාන්තාවන්ට සාප්පු සවාරි යාමට හොඳම නගරය ලෙසද බහුතර පිරිසකගේ මතය වනවා. ඩෙන්මාර්කය බිහි වූ අයුරු කියැවෙන මිත්‍යා ප‍්‍රබන්ධ කතාවට පසුබිම් වූ ගෙෆ් ජුන් උල්පත මෙම නගරයේදී නැරඹිය යුතු චිත්තාකර්ශනීයම ස්ථානය වනවා. 
- See more at: http://offair.nethfm.com/article/6892#sthash.d5EMwYOc.dpuf
 
Related Posts with Thumbnails