Ads 468x60px

.

එයා තමයි මම දණ ගාගෙන බඩ ගාගෙන එයා ළඟට එන්න ඕනේ කියලා කිව්වේ.


කාලයක් ඇදිලා ගිය නඩුවෙන් නිදහස් වුණා කියන්නේ ඇත්තද?
නඩුවෙන් නිදහස් වුණා නෙමෙයි නඩුව දාපු කෙනා ඒ නඩුව ඉල්ලා අස්කර ගත්තා. අධිකරණය, සොබාදහම මම විශ්වාස කරපු විදිහට මට සාධාරණයක් කළා.

එතකොට ඔබ ඔබේ නඩුව ඉවත් කරගත්තේ ඇයි?
මට කාටවත් විරුද්ධව නඩු කීමේ අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. මට විරුද්ධව නඩුව ගොනු කළේ එයා. නඩුවේ සාක්‍ෂි කැඳවන්න තිබුණේ ඔක්තෝබර් 01 වැනිදා එදා නඩුවට ගියා. 


එදා නඩුව 14 වැනිදාට කල් ගියා. එයාගේ පැත්තේ නීතිඥ මහත්වරු මගේ පැත්තේ නීතිඥ මහත්වරුන්ගෙන් අහලා තිබ්බා නඩුව ඉවත් කර ගන්න කැමැතිද කියලා.

ඒ වෙලාවේ මගේ නීතිඥ මහත්වරු කියලා තිබ්බා අපි නඩුවක් දාලා නැහැ. පැමිණිලිකාරිය නඩුව ඉවත් කරගන්න කැමැති නම් ඊට ප්‍රති විරුද්ධව දාපු නඩුව අස්කරගන්නවා කියලා. පැමිණිල්ල දාපු කෙනා එය
ඉල්ලා අස්කරගත්ත නිසා මටත් අමානුෂික වෙන්න වුවමනා වුණේ නෑ. මටත් තව වැඩ තියෙනවා. ඒ නිසා ඊට ප්‍රතිවිරුද්ධව දාපු නඩුව මම ඉවත් කර ගත්තා.

මීට කලින් මේ ප්‍රශ්නය ගොඩින් බේර ගන්න දමිතා උත්සාහ කළේම නැද්ද?

නඩුව දාන්න කලින් මම උත්සාහ කළා මම තුන් වතාවක් එයාට ඛ්චතත කළා. ඒත් ඇය මට තර්ජනාත්මකව කිව්වා මට පාඩමක් උගන්නනවා කියලා. වෙබ් අඩවියක තිබුණ දෙයක් සම්බන්ධයෙන් මම පිළිතුරු දීම අපහාසයක් කියලා තමයි ඇය පැමිණිල්ල ගොනු කළේ. 


අපි එකට වැඩකරපු දෙන්නෙක් නිසා මේක කතා කරලා විසඳගමු කිව්වට එයා ඇහුවේ නෑ. ඊට පස්සේ මම කෙටි පණිවුඩයකිනුත් එයාට තත්ත්වය තේරුම් කළා. ඒත් එයා තේරුම් ගත්තේ නෑ.

ප්‍රවීණයනුත් ඔය දෙන්නගේ ප්‍රශ්නය නිරාකරණය කරන්න උත්සාහ ගත්තා කියන්නේ ඇත්තද?


ප්‍රවීණයෝ කීප දෙනෙක්ම අපිව එකතු කරන්න කැමැති වුණා. නදීකා ගුණසේකර මගෙන් ඇහුවා සේමිණී එනවා නම් කතා කරන්න එනවද කියලා. නිෂ්පාදකවරයෙක් වුණ ප්‍රේම් අයියා සේමිණීව ගෙන්වන්න මට එන්න පුළුවන්ද ඇහුවා. මම කැමැති වුණා. 


ඒත් එයා කවදාවත් ආවේ නැහැ. එයාට මේ ප්‍රශ්නය මනුස්සකමින් විසඳගන්න අවශ්‍යතාවක් තිබ්බේ නෑ. මේ නඩුව ඉස්සරහට අරන් යන එකේ තේරුමක් නෑ කියලා නීතිඥයෝ එයාට අවවාද කරන්න ඇති.

දැන් ඔබ ජය ගත්තා කියලද හිතාගෙන ඉන්නේ?

නීතියෙන්, අධිකරණයෙන් මට වෙන්න ඕන සාධාරණය ඉෂ්ට වුණා. සත්‍ය ජයගන්නවා කියලා තහවුරු වුණු මෙය මට මතකයේ තියෙනවා. මොකද මම දිනුමක් පැරදුමක් ගැන කතා කළේ නැහැ. එයා තමයි මම දණ ගාගෙන බඩ ගාගෙන එයා ළඟට එන්න ඕනේ කියලා පුවත්පත්වලට කියලා තිබ්බේ. 


එයා නඩුව ඉල්ලා අස්කර ගත්තේ ඒක ඉදිරියට ගෙනියන්න බැරි නිසානේ. ඉතිං මම මේ නඩුව විත්තිය. පැමිණිලිකාරිය නඩුව අස්කරගත්තම විත්තිය ජයග්‍රහණය කළා වගේ තමයි. 

මගේ වැඩ ශක්තිමත් කරගෙන යන්න උදවු කරපු ජේ‍යෂ්ඨ නීතිඥ නෙවිල් අබේරත්න, ප්‍රදීප් ගමගේ සහ සමන්ති ගමගේ නීතිඥ මහත්ම මහත්මීන්ට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා.

දැන් ආයෙම දෙන්නට එකට වැඩකරන්න පුළුවන්ද?


නඩුව තිබ්බත් නැතත් මට එයත් එක්ක වැඩකරන්න බැරිකමක් නැහැ.


දැන් දමිතගේ හිතේ පරණ කෝන්තර ඇත්තෙම නැද්ද?


මට එයත් එක්ක කෝන්තරයක් තිබ්බේ නෑ. නමුත් එයා එක්ක එකට වැඩකරපු ශිල්පිනියක් කියා කතා කරලා බලලා ඒක විසඳ ගන්න තත්ත්වයට ආවේ නැත්තේ එයාගේ හිතේ කෝන්තරයක් තිබ්බ නිසානේ. මේවා හැමෝටම හොඳ පාඩම්. අනිත් අයගේ කීම් අහලා දඟලන්නේ නැතුව ප්‍රශ්නය කෙළින් කතා කරලා විසඳගන්න එකයි වැදගත්.

සේමිණි කාලයක් ඇදගෙන ආපු නඩුව ඉල්ලා අස්කරගත්තලු නේද?


එහෙම නෑ. ඒක වැරැදි කතාවක්. මේක දෙපාර්ශ්වයේම එකඟත්වය අවශ්‍යතාව මත දෙපාර්ශ්වයේ නීතිඥවරු කතා කරලා ගත්ත තීරණයක්. මම ඛ්ධචබ ර්ණීඤඥප එක ලැබුණම ඒක මාධ්‍යවලට දෙනවා. එතකොට ඒ ගැන හරි තත්ත්වය දැනගන්න ලැබෙයි.

නඩුව ඉල්ලා අස්කරගන්න කලින් ඔබයි දමිතයි මේ ගැන කතා කළාද?


අපි දෙන්නා මේ ගැන කතා කළේ නෑ. අපේ නීතිඥවරු මේ ගැන කතා කරලා අපෙනුත් අහලා තමයි මේ තීරණය ගත්තේ.


ඔය තීරණය ගන්න කල් ගත්තා වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?


කල් ගැනීමක් මෙතැන වුණේ නැහැ. මෙතැනදී මට මගේ පැත්තෙන් නැතිවුණ දේවල් තියෙනවා. ඒ වගේම මගේ කාර්යබහුලකම එක්ක වගේම කල්යනකොට ඒ සිද්ධිය සම්බන්ධයෙන් හිත හදාගන්න මට පුළුවන් වුණා. ඒ වගේම මේ නඩුව දාපු දවස්වල ඉඳන්ම ප්‍රවීණයන් මට කිව්වා ඕක අතහැරලා දාන්න කියලා. එයාලට කරන ගෞරවයක් විදියට මට හිත හදාගෙන මේ තීරණය ගන්න පුළුවන් වුණා.

දමිතා සමාව ගන්නතුරු මේ නඩුව ඉල්ලා අස්කරගන්නේ නෑ කියපු ඔබ එහෙම දෙයක් සිද්ධ නොවීම නඩුව ඉල්ලා අස්කර ගත්තේ ඔබට අවාසියක් වෙන්න ඉඩ තිබුණ නිසාද?


නැහැ. මට ඔය නඩුව ගෙනියන්න ඕන තරම් කරුණු කාරණා සාක්ෂි තියෙනවා. නමුත් කාලයක් යන කොට මට මේක කරදරයක් වුණා. මම බිරියක්. මවක් විදියට වැඩ ගොඩක ඉන්නේ.

නීතිඥවරු මුණගැහෙන්න යන්නත් වෙනවා. මේ දේවල් එක්ක මම එක තැනකදී හිර වෙනවා. ඉතිං මට මේ කරදරයෙන් නිදහස් වෙන්න ඕන වුණා. ඒ නිසා අනිත් පාර්ශ්වයෙන් කරපු ඉල්ලීම මත දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතුව මේ තීරණය ගත්තා.


මේ සිද්ධියේදී දමිතා නම් කියන්නේ සත්‍ය ජයගත්තා කියලා. ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ?


මෙතැනදී සත්‍ය ජයගන්නා හරි පරාජය වෙන්න හරි නඩුවක් අහලා තීන්දුවක් දුන්නේ නෑනේ. දෙපාර්ශ්වයේම එකඟතාව මත මේ නඩු දෙකම විත්ඩේ‍රා් කරගත්තා. මටත් ඔය ප්‍රකාශ ඇහිලා තියෙනවා. ඒ ප්‍රකාශය එහෙම නම් එයාට නඩු ගාස්තු අය කරගන්න තිබුණා.

එයාගේ නඩුව ඉස්සරහට අරගෙන යන්න තිබුණා. ඇයි එයා ඒක ඉවත් කර ගත්තේ. තීන්දුවක් දුන්නට පස්සේ මේ වගේ ප්‍රකාශ කරන එක උසාවියටත් අගෞරවයක්.


මේ ප්‍රශ්නය දුරදිග ගෙනියන්න කලින් දමිතා මෙය කතා කරලා විසඳගන්න ඔබට කතා කළා කියන්නේ ඇත්තද?


එයා මට කතා කළේ නැහැ. ඒ වගේ අපහාසයක් මට කරලා පස්සේ සමථයකට පත්වෙන්න කතා කරලා වැඩක් නැහැනේ. ඒක කලින් දැන ගන්න ඕනෙනේ. දැන් ඒ දේවල් ඉවරයි. ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.

නඩු හබ ඉවර නිසා දැන් දෙන්නට පරණ මිත්‍රකම් අලුත් කර ගන්න පුළුවන් නේද?


අපිට එකට රඟපාන්න ලැබුණොත් මට ඒක ගැටලුවක් නැහැ. පරණ මිත්‍රකම් කියලා අපේ ලොකු මිත්‍රකමක් තිබුණේ නැහැ. වැඩ කරපු නිර්මාණවලදී සහෝදරත්වයෙන් වැඩ කළා විතරයි. දැනුත් මගේ හිතේ වෛරයක්, කේ‍රා්ධයක් නෑ. හැබැයි සිද්ධ වූ දේ හිතේ තාම තියෙනවා.


නඩුව ඉවර කරගත්තා වගේ ඔය හිතේ කහටත් නැති කර ගන්න පුළුවන් වෙයි නේද?


මේ සිද්ධියේදී අපි කවුරුවත් මැරුණේ නැහැනේ. අපි මනුස්සයෝ. ඒ නිසා සමහර විට තව අවුරුද්දක් දෙකක් යනකොට ඔය හිතේ තියෙන කහටත් නැති වෙලා යයි.
 
Related Posts with Thumbnails