Ads 468x60px

.

මොන කතාව පැතිරුණත් මිනිස්සු දන්නවා මං ගැන


ආක්‍ෂා මොකක්ද මේ වෙබ් අඩවිවල පැතිරෙන කතාව?
ඔව් මමත් දැක්කා. ඕක අපිට මඩ ගහන්න ඒ වෙබ් අඩවි ප්‍රසිද්ධ කරන්න කරපු වැඩක් කියලයි මම හිතන්නේ.


ඒ කියන්නේ ඔයාව ඔයාගේ අම්මව, මේනකාව, අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා තියෙනවා කියන එක බොරුවක්ද?
ඔව්. අපිට එහෙම කවුරුත් ඔය වගේ දෙයක් දැනුම් දීලා නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් අපි දැනගන්න ඕනෙනේ. ඒත් එහෙම දෙයක් නෑ. අපි ඔක්කොම හොඳින් ඉන්නවා. මම මගේ වැඩකරගෙන මගේ ගෙදර

ඉන්නවා. මේනකත් මේ සිද්ධියට සම්බන්ධ නෑ. එයත් එයාගේ වැඩ කරගෙන පාඩුවේ ඉන්නවා.

ගින්නක් නැතිව දුමක් නඟින්නේ නෑනේ. අඩුම ගාණේ පරණ සිද්ධිය ගැන ආයෙම කතා කරන්න හේතුවක් ඇතිනේද?
ඇත්තටම ඔය සිද්ධිය පරණ සිද්ධියක්. මම හිතන්නේ ඒක කවුරු හරි අවුස්සලා අරගෙන එහෙම නැතුව වෙන හේතුවක් නැහැ.


ඔයයි. මේනකයි අෑඳුණ මේ කතාව තාම ඉවරයක් නෑ නේද?
ඒ ප්‍රශ්නයත් එතැනින් ඉවර වුණා. ඒක ආයෙම කතා කරන්න මම කැමැති නැහැ. ඒක ආයෙම ඇදලා ගන්න මට ඕනෙත් නැහැ. එහෙම තියෙද්දි තමයි පරණ සිද්ධියක් වෙබ් අඩවියකින් මේ විදියට මතු කරලා තියෙන්නේ.

ඇත්තටම මේ විදියට ඔයාලට මඩ ගහන්න කාටද වුවමනාව තියෙන්නේ?
ඊර්ෂ්‍යාව කාටවත් නවත්තන්න බෑ. මේක ඒ වෙබ් අඩවියට කවුරු දුන්නද, කවුද ඒක කළේ කියලා අපි දන්නේ නෑ. අපිට ඒක කිසි ප්‍රශ්නයකුත් නෙවෙයි. ඒ ගැන හිතන්නේ නැතුව මම මගේ වැඩකටයුතු කරගෙන යනවා. මේනකත් එයාගේ අලුත් ෂොප් එකේ වැඩත් එක්ක කාර්ය බහුල වෙලා ඉන්නවා.


ඔය වගේ කතා පැතිරෙන එක ඔයාගේ චරිතයට හානියක් නෙවෙයිද?
නෑ. ජනප්‍රිය අයට කොහොමත් කටකතා හැදෙනවනේ. ජනප්‍රිය අය ගැන මිනිස්සු කොහොමත් කතා කරනවනේ. ඒවා සාමාන්‍ය දේවල්.

හැබැයි ඉතිං මේ කතා කරන්නේ ඔයාගේ හොඳ ගැන නම් නෙවෙයි. ඔයාගේ නරක ගැන කතා කළත් ඔයාගේ ජනප්‍රියත්වයට ප්‍රශ්නයක් නැද්ද?
ඇත්ත. ගොඩක් වෙලාවට හොඳට වඩා කතා කරන්නේ නරක දේවල් ගැනනේ. ඔය මොන කතාව පැතිරුණත් මිනිස්සු දන්නවා මං ගැන. මම කරන දෙයක් සාධාරණව කරනවා කියලා එයාලා දන්නවා. ඉතිං මම ඔය කතා ඔළුවට ගන්න එකේ තේරුමක් නැහැනේ. අපි ජනප්‍රිය නිසානේ ඔය වගේ කතා කියන්නේ කියලා ඒවා කියන්න දීලා බලාගෙන ඉන්නවා.


ඔය කතා පැතිරෙද්දි ඇත්තටම මේ දවස්වල ආක්‍ෂා මොනවද කරන්නේ කියලත් කියමු නේද?
මම මගේ වැඩ වගයක් කරගෙන යනවා. මගේ රසික රසිකාවියන්ට සුබ ආරංචියක් කියන්න තියෙනවා. ඒක ඉදිරියේදී කියන්නම්. ඊට අමතරව සුපුරුදු විදියට රූපවාහිනි වැඩසටහන්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.
 
Related Posts with Thumbnails