Ads 468x60px

.

අය වැයෙන් පස්සේ කාර් හා වෑන් මිල අඩුවෙන්නේ මෙහෙමයි.


නව අයවැය යෝජනාවලට අනුව ආසන 20ට අඩු වෑන් රථ සහ 1000CC ට අඩු එන්ජින් ධාරිතාවක් සහිත කුඩා මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ තුන දක්වා ප්‍රමාණයකින් අඩු වන බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.

ඒ අනුව ආසන 20ට අඩු කුඩා වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකින් පහළ යන බවත් එන්ජින් ධාරිතාව 1000CC ට වඩා අඩු මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ තුනකින් අඩු වන බවත්

මෙරින්චිගේ මහතා සඳහන් කළේය.

ආසන 13 සිට 20 දක්වා ප්‍රමාණයේ වාහනවල ආනයන බදු සියයට සියයකින් අඩුවීම නිසාත් එන්ජිත් ධාරිතාව 1000ජජ සහ ඊට අඩු කුඩා කාර්වල සහ වෑන්වල ආනයන බදු 202 සිට 173 දක්වා පහත දමා ඇති නිසා මෙම සහනය ජනතාවට හිමිවන බවද මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

2015 අයවැය යෝජනාව තුළ වාහන ආයනයන බදු අයකර ගැනීමේ ක්‍රමවේදය සරල කිරීම මෝටර් රථ ආනයනයේදී සහනයක් වනු ඇති බව ඔහු සඳහන් කළේය. මේ අතර තවත් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයක් වන ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරච්චන්ද්‍ර මහතා සඳහන් කළේ විදුලි මෝටර් රථ සඳහා 25ක තීරු බදු සහනයක් ලැබි ඇති බවයි. එමෙන්ම අවමංගල්‍ය සේවා රථ, මගී බස් රථ, ඩබල් කැබ් කුඩා ලොරි සඳහා ද සැලකිය යුතු මිල අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව ඔහු සඳහන් කළේය.

පසුගිය කාලයේ කුඩා ප්‍රමාණයේ වෑන් රථවල මිල අධික වීම හේතුවෙන් ඒවායේ අලෙවිය පහත මට්ටමේ තිබූ අතර විදේශ සංචාරක මෙහෙය වන්නන් එයින් වාහන මිලදී ගැනීමේදී විශාල දුෂ්කරතාවකට මුහුණ දුන් බවත් පෙන්වා දුන් සරච්චන්ද්‍ර මහතා මෙම මිල අඩුවීමේ වාසිය විශේෂයෙන් ඔවුන්ට හිමිවන බව සඳහන් කළේය.
 
Related Posts with Thumbnails