Ads 468x60px

.

"මම වෙනසක්‌ කරලා උඹලට පෙන්වන්නම්" කියූ ක්‍රිෂාන් දිල්හාන් පෙන්වූ වෙනස මෙන්න (වීඩියෝ)


දඹුල්ල - ගලේවෙල - කිරලගොල්ල ප‍්‍රදේශයේ පාසල් සිසුවෙකු ගෙළ වැළලා ජීවිතක්ෂයට පත්වී ඇති පුවතක් මීට පෙර පුවත් වාර්තා වුණා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ ගෙළ වැළලාගෙන මියගොස් ඇත්තේ තලකිරියාගම ප‍්‍රදේශයේ විද්‍යාලයක මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත වයස අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයෙක් බවයි.

ක්‍රිෂාන් දිල්හාන් නැමැති මොහු තම ලැප්ටොප් පරිගණකයෙන් එල්ලා මැරෙන සිදුවීම විඩියෝගත කොට ඇතැයිද යන සැකයද මේ වන විට

මතුව ඇති බවයි තව දුරටත් වාර්තා වන්නේ.

මේ තරුණයා මියගිය මොහොතේ සිට ඔහුට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණි ජනතාව කම්පාවට පත්වූයේ තවත් දීර්ඝ කාලයක්‌ ජීවත්වීමට සිටි තරුණයකු අකාලයේ අහිමිවීම ගැනයි. 

තමන්ට මෙවැනි මරණයක්‌ අත්වේයයි මේ තරුණයාත් නොසිතන්නට ඇති. ඒත් මරුවා හොර රහසේම ඔහු රැගෙන ගියේය. ඒ මවුපියන් හා එකම සොයුරා මෙළොව තනිකර දමමින්ය. 

දිල්ෂාන් තරුණයා පසුගිය 7 දා මේ ලෝකයෙන් සදහටම සමුගත්තේ අවදානම් සහගත අත්හදාබැලීම් කිරීමට සිටින කාටත් පාඩමක්‌ කියා දෙමිනි. මේ සිද්ධියට සම්බන්ධ දර්ශණ ලැප්පොට්‌ යන්ත්‍රයේ තිබේදැයි බැලීමට එය පොලිස්‌ භාරයට ගෙන මොරටුව විශ්වවිද්‍යාලයට යෑවීමට කටයුතු කර තිබුණි.

"අපිට පුතාලා දෙන්නෙක්‌ ඉන්නවා. මියගොස්‌ සිටින්නේ මගේ වැඩිමහල් පුතා දිල්ෂාන් ජයරත්නයි. සිද්ධිය වූ දින එනම් පසුගිය 4 වැනි සෙනසුරාදා පෙරවරුවේ මම මගේ බාල පුතා සමග දතක්‌ ගලවන්නට රෝහලට ගියා.

අපි ගෙදරින් එනවිට එහි සිටියේ වැඩිමහල් පුතා විතරයි. අපි ආපසු නිවසට ආවේ පෙරවරු 11.10 ට පමණ. ලොකු පුතාගේ කාමරයේ අගුලු ලා තිබුණා. මම පුතාට කතා කළත් පිළිතුරක්‌ නැති නිසා සැකයක්‌ ඇතිවුණා. 

පසුව අසල්වාසීන් සමග දොර කඩා කාමරයට ගොස්‌ බැලුවිට ලනුවක්‌ ගෙලට දමාගෙන ලොකු පුතා වහලයේ ලීයක එල්ලී සිටිනවා දුටුවා..." යයි ගලේවෙල ඇතාබැඳිවැව කිරලගොල්ල පදිංචි එච්. ජී. ක්‍රිෂාර දිල්ෂාන් ජයලත් නමැති සිසුවාගේ මව වන ශ්‍රියානි සුරතිස්‌ස (38) නමැති අය පැවසුවාය.

මෙසේ මියගොස්‌ ඇත්තේ තලකිරියාගම මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන එච්. ඡේ. ක්‍රිෂාන් දිල්ෂාන් ජයලත් (17) නමැති සිසුවෙකි. මියගිය සිසුවාගේ මව හඬමින් මෙසේද පැවසුවාය. 

"මියගිය පුතා ලබන වසරේ උසස්‌ පෙළ විභාගය ලියන්නටයි හිටියේ. එයා සංගීතයට හරිම දක්‌ෂයි. පුතා එල්ලෙන අවස්‌ථාවේදී ලැප්ටොප් පරිගණකය ඒ දෙසට යොමු කරලයි තිබුණේ. ඔහුගේ ගෙලවටා තුවායක්‌ හා රෙදිවලින් හැදූ පාපිස්‌සක්‌ද ඔතා තිබුණා. 

පුතාට සියදිවි හානි කරගැනීමට තරම් හේතුවක්‌ තිබුණේ නෑ. ඔහු මියගිය පසු ඔහුගේ යාළුවෝ මා සමග පැවසුවේ "මම වෙනසක්‌ කරලා උඹලට පෙන්වන්නම්" කියා ඔවුන් සමග පැවසූ බවයි. සිද්ධියට කලින් මේ ගැන දැනගන්නට ලැබුණා නම් පුතා ගැන සෝදිසියෙන් ඉන්නට තිබුණා.

අවවාද කරන්නත් තිබුණා... අනේ දැන් මොනවා කීවත් වැඩක්‌ නෑ. මගේ තුරුළෙම හැදුන වැඩුන පුතා මට නැතිවුණා. මගේ පුතා පෙන්වපු වෙනස මේකද පුතේ..." කියමින් රැස්‌ව සිටි පිරිසගේ නෙත්වලට කඳුළු එක්‌ කරමින් දිල්ෂාන්ගේ මව හඬා වැළපුණාය.

මියගිය තරුණයාගේ පියා වන එම්. ජී. උපාලි ජයලත් (45) මහතා, අප සමග මෙසේ පැවසුවේ, තම පුතාගේ අකල් වියෝව ආයාසයෙන් යටපත් කරගනිමින්ය.

"සිද්ධිය වූ දින පෙ.ව. 11.30 ට පමණ මගේ ලොකු පුතාට අනතුරක්‌ සිදුවී ඇති බවට දුරකථන පණිවිඩයක්‌ ආවා. ඒ වහාම මම ගෙදර පැමිණියා. මගේ පුතා මියගොස්‌ සිටියා. ගෙදර තිබූ එක්‌ පහනක්‌ නිවී ගියා. 

ඔහුට අවශ්‍ය පාසල් උපකරණ පොත් පත් ආදිය මම අරගෙන දුන්නේ හොඳ අධ්‍යාපනයක්‌ ලබාදී යහපත් පුරවැසියකු කරන්නයි. ඒ බලාපොරොත්තු බොඳවී ගියා. මම දැන් සිටින දුවලා පුතාලාගෙන් ඉල්ලා සිටින්නේ අවදානම් සහගත දේවල්වලට යොමුවෙන්න එපා. මේ සිද්ධිය පාඩමකටගන්න කියලයි."

එහි හිරු වීඩියෝව පහතින්.


 
Related Posts with Thumbnails