Ads 468x60px

.

මාලක සිල්වා ඉරාන කෙල්ලව ඉරානයේදී බදියි

මාලක සිල්වා නම කියූ සැනින් පොඩි එකාද හොදින් දන්නා තරමට මාලක සිල්වා ප‍්‍රසිද්ධ ඇමති පුතෙක් විය. 

එම ප‍්‍රසිද්ධිය ගුණ යහපත් ක‍්‍රියාවන් ගෙන් නම් නොවේය. කෙසේ වෙතත් මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුතනුවන් වන මාලක සිල්වා ඔහුගේ පෙම් කතා රැසකින් පසුව ඉතා සමීපව ඇසුරු කල ඉරාන ජාතික තරුණියව විවාහ කොටගෙන ඇත. 

‘උර්ෆා’ නම් ඇයත් මාලකත් විවාහ වී ඇත්තේ ඉරානයේ ඉෂ්ෆාන් නගරයේදීය. එම මංගල උත්සවය සදහා මර්වින් සිල්වා ඇමතිවරයා හා පවුලේ අයද එහි ගොස් ඇත. විවාහයට ආරාධනා කර තිබුනේ පවුලේ
කිහිප දෙනෙකුට පමණි. ඉර්ෆා ඉරානයේ ධනවත් පවුලක සාමාජිකාවක් බවයි පැවසෙන්නේ.

තමන් දැඩි බෞද්ධයෙකු බැවින් එළැඹෙන ජාතික මැතිවරණයකදී මාලක සිල්වා මාතර දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදීමේ සූදානමින් පසුවන බව මාලක පසුගියදා පුවත්පතකට පවසා තිබුනා. 


එමෙන්ම පසුගිය කාලයේ රාත‍්‍රී සමාජ ශාලාවකදී ඔහු මේජර්වරයෙක්ට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද, ඔඩෙල් ආයතනය ඉදිරිපිටදී ආයුධ සන්නද්ධ පිරිසක් ඔහුට පහරදීමේ සිදුවීමක්ද, මිල අධික මොටර් රථ හිමිකරුවෙක් ලෙසද, පෙම්වතියන් රැසකගේ පෙම්වතා ලෙසද මාලක ජනපි‍්‍රයව සිටිනවා.
 
Related Posts with Thumbnails