Ads 468x60px

.

Facebook සමාගම WhatsApp මිලදී ගනී !


ලොව ජනප්‍රියතම පණිවුඩ හුවමාරු සේවාවක් වන WhatsApp messenger මිලදී ගැනීමේ සූදානම් ඇති බව ෆේස්බුක් සමාගම විසින් මෙයට පෙර අදහස් දක්වා තිබුණු නමුත් ඒ පිළිබඳව වැඩිදුර විස්තර වාර්තා වූයේ නැත. 

නමුත් ඊයේ දින නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම පවසා තිබුනේ WhatsApp messenger සේවාව මිලදී ගැනීමේ කටයුත්ත සාර්ථක ලෙස නිමවූ බවයි.

මෙම ගණදෙනුවේප්‍ර තිපහලයක් ලෙස WhatsAppහි ප්‍රධාන විධායක නිලධාරියා වන “Jan Koum” ෆේස්බුක් අධ්‍යක්ෂක මණ්ඩලයට එක්වී තිබේ. මෙයට පෙර පරිදිම ඔහුගේ කණ්ඩායම මෙහෙයවමින් Facebook සමගින් Whatsapp ඉදිරියට ගෙනයෑමේ වගකීම පැවරී ඇත්තෙත් ඔහුටය.


මෙම ගණදෙනුව සඳහා Facebook කොටස් (Class A) 177,760,669 ක් හා ඇමෙරිකන් ඩොලර් බිලියන 4.95 ක මුදලක් Facebook විසින් WhatsApp සමාගම වෙත ලබාදී තිබේ.

මේ පිලිබදව Mark Zuckerberg අදහස් දක්වා තිබුනේ මෙලෙසිනි.

"WhatsApp ලෝකේ හැමතැනම ජනප්‍රිය සේවාවක්..මම සතුටට පත්වෙලා ඉන්නේ ඔවුන් අප සමග වැඩ කිරීමට එකතුවීම ගැන..මම

WhatsApp සහ ෆේස්බුක් එකතුව ඉදිරියේ කරන්න පුළුවන් මොනවද කියලා කල්පනා කරනවා..

ඒ වගේම මිනිසුන්ට ජංගම දුරකථනය මගින් සම්බන්ධතා ගොඩනගන්න තවත් පහසුකම් ලබා දෙන්නන බලාපොරොත්තු වෙනවා..

මම Jan (WhatsApp ප්‍රධාන විධායක නිලධාරි) ගොඩාක් කාලෙක ඉදන් දන්නවා..මම ස්තුතිවන්ත වනවා ඔහු අපේ අධ්‍යක්ෂක මණ්ඩලයට එකතුවී ෆේස්බුක් හා WhatsApp යන දෙකෙහිම සංවර්ධනයට දායක වීම ගැන."

WhatsApp සේවාව ෆේස්බුක් මිලදී ගැනීමත් සමග ඒ සඳහා දැනට පැවතියාට වැඩි මුදලක් ගෙවීමට සිදුවු ඇති රාවය ෆේස්බුක් සමාගම විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
 
Related Posts with Thumbnails