Ads 468x60px

.

බොලිවුඩ් නිළි වීනා මලික් හා සැමියා 26 වසරකට හිරගෙදරට


පාකිස්ථානයේ තිබෙන විශාලතම මාධ්‍ය ආයතනය වන Geo TV ආයතනයේ හිමිකරු හා සුරූපී පාකිස්ථානු නිළි වීනා මලික් මෙන්ම ඇගේ සැමියාට 26 වසරක හිර දඩුවමක් ලබාදී තිබෙනවා. ඒ පකිස්ථානයේ ත‍්‍රස්ත විරෝධී උසාවියක් මගින්.

පාකිස්ථානයේ Geo හා Jang ආයතනයන්හී හිමිකරු වන මිර් ෂාකිල් උර් රහ්මන්ට මෙම දඩුවම හිමිවූයේ ඔහුට අයත් Geo TV නාලිකාවෙන් පාකිස්ථානු ආගමික සම්ප‍්‍රධායන්ට අපහාසවන අයුරින් වන වැඩසටහනක් විකාශය කිරීමට ඉඩ ලබාදුන් නිසයි. 


බොලිවුඩ් නිළියකවූ වීනා මලික් හා ඇගේ පෙම්වතා වූ අසාද් බෂීර්ගේ විවාහ උත්සවය Geo TV හරහා විකාශය කිරීමේදී නර්තනයකට කිසි සේත්ම නුසුදුසු “Ali ke Saath hai Zahra ki Shaadi’”  නම් ගීතයට
වාදනයක් සමගින් ඔවුන් නර්තනයේ යෙදී තිබෙනවා. මෙයට පාකිස්ථානයේ ආගමික කණ්ඩායම්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.

නඩු තීන්දුව ලබා දෙමින් විනිසුරුවරයා පවසා ඇත්තේ ආගමික විශ්වාසයන්ට සිදුකල අපහාසය වෙනුවෙන් පාකිස්ථානු රුපියල් මිලියන 1.3 ක දඩයක්ද ගෙවන ලෙසයි. මීට අමතරව එම වැඩසටහන ඉදිරිපත් කල ෂයිස්තා වහිඩිටද 26 වසරක සිරදඩුවම නියමකරනු ලැබූවා.


නමුත් මේ වන විට මෙම සිව්දෙනාම පාකිස්ථානයෙන් බැහැරව සිටින බවයි වාර්තා වන්නේ. අදාල රූපවාහිනී වැඩසටහනෙන් අනතුරුව ඇතිවූ අන්තවාදී බලපෑම් නිසා මෙම තීන්දුවට පෙර සිටම ඔවුන් තම ආරක්ෂාව වෙනුවෙන් විදෙස් ගතවී තිබෙනවා.

2000 වසරේදී ‘Tere Pyar Mein’ චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි වීනා Yeh Dil Aap Ka Huwa, Koi Tujh Sa Kahan, Gali Gali Mein Chor Hai, Tere Naal Love Ho Gaya, Zindagi 50-50, Dirty Picture, Super Model යන චිත‍්‍රපටවල සාර්ථක රංගනයක් ඉදිරිපත් කලා.
 
Related Posts with Thumbnails