Ads 468x60px

.

මර්වින්ට පුද්ගලයෙක් බැන්නට පස්සේ සුභ අනාගතයක්‌ කියලා ගිහින්.

අපිටත් ඔය වගේ 
කුපාඩි වැඩ කරලා 
තියෙනවා කියලා.

ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට එරෙහිව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (25 දා) උදේ විභාග වූ නඩුව දහවල් 1.00 දක්‌වා කල් තැබීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි ඇමති මර්වින් සිල්වා මහතාට එක්‌තරා පුද්ගලයකු බැණ වැදීම හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක්‌ හට ගත්තා.

අධිකරණයෙන් පිටතට පැමිණි මර්වින් සිල්වා ඇමැතිවරයා මාධ්‍යයට කරුණු දක්‌වමින් සිටියදී එකවරම සුදු පැහැති ජීප් රථයකින් බැස පැමිණි

පුද්ගලයකු බොරු කියන්න එපා ඇමැතිතුමා, ඔය ගොල්ලො අපිටත් ඔය වගේ කුපාඩි වැඩ කරලා තියෙනවා. යනුවෙන් බැණ වදින්නට වුණා. 

එහිදී ඇමැතිවරයා අසල සිටි පිරිස ඊට විරෝධය පළ කිරීමත් සමග නැවත ජීප් රථයෙන් පලාගිය එම පුද්ගලයාගේ වාහනය පිටුපස මර්වින් සිල්වා මහතා සමග සිටි පිරිස ලුහුබඳිනු දක්‌නට ලැබිණි. මෙම සිද්ධියෙන් පසුව නැවත මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ ඇමති මර්වින් සිල්වා මහතා මෙසේ කීවේය.

පේනවනේ ඒ අයටත් ප්‍රශ්න තියෙනවා. ඒ වුණත් මම ආණ්‌ඩුවෙන් අයින් වෙන්නේ නැහැ.

කෙසේ වෙතත් ඊයේ (25 දා) මාලක සිල්වාට ඇප ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් මර්වින් සිල්වා ඇමැතිවරයාගේ ආධාරකරුවන් විශාල පිරිසක්‌ අධිකරණයට පැමිණ සිටියත් සාක්‍ෂිකරුවන් අධිකරණයට නොපැමිණීම නිසා මාලක සිල්වා ඇතුළු සැකකරුවන් හයදෙනා ලබන 28 දා තෙක්‌ රිමාන්ඩ් භාරයට පත්විය.

ඉන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි ඇමති මර්වින් සිල්වා මහතා සමාවෙන්න, මට මොකුත් කියන්න බැහැ. ඕගොල්ලන්ට සුභ අනාගතයක්‌ යෑයි පවසා සිය බිරිඳ සමග වාහනයට නැගී පිටව ගියේය.

ඉන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි මාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මෙසේ කීවේය.

මට අද ලොකු ප්‍රශ්නයක්‌ තියෙනවා. ලංකාව තාමත් බ්‍රිතාන්‍යයේ කොලනියක්‌ද කියලා මට හිතෙනවා. සුද්දාට වරෙන්තු කරලා සුද්දා උසාවියට ආවෙ නැතුවාට සැකකරු රිමාන්ඩ් කරනවා. මේකට එකම හේතුව සැකකරු මර්වින් සිල්වාගෙ පුතා වීමයි.
 
Related Posts with Thumbnails