Ads 468x60px

.

ලොව ලොකුම selfie ඡායාරූපය ගත්තු හැටි මෙන්න


බංග්ලාදේශයේ පිරිසක් විසින් නවතම වාර්තාවක් තැබීම උදෙසා ලොව වැඩිම පිරිසක් සහභාගී වූ selfie ඡායාරූපය අන්තර්ජාලයට නිකුත් කිරීමට මේ වන විට කටයුතු කොට තිබෙනවා. මේ සඳහා සහභාගී වී ඇති පිරිස 1151 වනවා.

ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 5කින් යුත් දුරකථනයකින් මෙම ඡායාරූපය ගෙන ඇති අතර මේ වන විට එය ෆේස්බුක් සමාජජාල වෙබ්

අඩවිය පුරා මිතුරන් අතර සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

මේ වන විට ලොව ජනප්‍රියම Selfie ඡායාරූපය ලෙස වාර්තා වී ඇත්තේ Oscar සම්මාන උළලේදී ලබාගත් Ellen DeGeneres ගේ සෙල්ෆියයි. එය ටුවිටර් වෙඩ් අඩවියේ Retweet මිලියන 3.37ක් හා Favorites මිලියන 2.01ක් ලබාගෙන
තිබෙනවා.

කෙසේ නමුත් බංග්ලාදේශයේදී ලබාගත් මෙම Selfie ඡායාරූපය ලොව වැඩිම පිරිසක් සහභාගී වූ සෙල්ෆිය ලෙස වාර්තා අතරට එක්වනු ඇති බවට බොහෝ මත පළවී
තිබෙනවා. කෙසේ නමුත් මෙය තවමත් ගිනස්
වාර්තාවක් ලෙස නම්කොට නැත.


 
Related Posts with Thumbnails