Ads 468x60px

.

ෆේස් බුක් එකේ ඉද්දි අභිරහස් ලෙස අතුරුදන් වූ අසෙල් මාලක සිසුවා


උසස්‌ පෙළ විභාගය අවසන් කර සිටි දීප්තිමත් සිසුවකු අන්තර් ජාලය පරිහරණය කරමින් සිටියදී ඉකුත් 12 වැනි දින රාත්‍රියේ හදිසියේ නිවසින් අතුරුදන්ව ඇති බව අප වෙත වාර්තා වෙනවා. පසුගිය 12 දා රාත්‍රි කාලයේ සිදුවූ මෙම සිද්ධිය ගාල්ල කලේගාන ප්‍රදේශවාසීන්ගේ කම්පනයටත් කුතුහලයටත් හේතු වී තිබෙනවා.

අතුරුදන් වීමේ සිද්ධිය සැලවීමත් සමග අප එම සිසුවා පදිංචි නිවස වෙත ගියේ මේ අතුරුදන් වීමේ සිද්ධියේ තොරතුරු සොයා ගැනීමටයි.

ගාල්ල කලේගානේ පදිංචි ගාල්ල ගින්තොට ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති ජගත් පෙරේරා සහ ගාල්ල ශාන්ත ඇලෝසියස්‌ විද්‍යාලයේ

ගුරුවරියක ලෙස කටයුතු කරන ජයන්ති සෙනවිරත්න යුවළගේ වැඩිමහල් දරුවා වන ඩී. එස්‌. අසෙල් මාලක පෙරේරා (19) මෙසේ අතුරුදන්ව සිටින සිසුවායි. ඔහු ගාල්ල ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලබන අයෙකි.

දහසක්‌ සිසුන්ගේ දැස්‌ පෑදීමේ යුග මෙහෙවරට උරදෙමින් කුරා කූඹියකුටවත් කරදරයක්‌ නොවන ලෙස දැහැමි දිවියක්‌ ගතකළ මෙම නිවැසියන්ට හදිසියේ මුහුණ පෑමට සිදුව තිබූ මෙම සිදුවීම දරාගත නොහැකිය.

අසෙල කුඩා වියේ සිටම අධ්‍යාපනයට දක්‍ෂ සිසුවෙකි. හෙතෙම පසුගිය අගෝස්‌තුවේ ජීව විද්‍යා විෂය ක්‍ෂේත්‍රයෙන් උසස්‌ පෙළ විභාගයට මුහුණ දුන්නේය. විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක්‌ බලාපොරොත්තුව සිටි අසෙල් පසුගිය 13 වැනිදා සිය නිවසින් අතුරුදන්ව තිබුණේ අලුයම 1.00 ට පමණය.

සිය පුතුගේ හදිසි අතුරුදන් වීමේ සිදුවීම අසෙල්ගේ පියා ජගත් පෙරේරා මහතා අප සමග විස්‌තර කළේය.

පුතා අධ්‍යාපනයට දක්‍ෂ දරුවෙක්‌. පුතා පසුගිය 11 වැනිදා මහවැලි කේන්ද්‍රයේදී ඔලිම්පියාඩ් තරගාවලියේ රන් පදක්‌කමක්‌ ලබා ගත්තා. එයා විභාගයෙන් පස්‌සේ ෙෆ්ස්‌ බුක්‌ ගිණුමක්‌ පරිහරණය කළා. එයාට ඒ ඔස්‌සේ තර්ජන තියෙන බවත් ඔහු සඳහන් කළා. 


ඔහුට ලඡ්ජා හිතෙන දෙයක්‌ ඒ මගින් සිදු කරන බවක්‌ මට වරක්‌ කීවා. පුතා අතුරුදන් වූ දිනයේ රෑ 12.00 පමණ වන තුරු පරිගණකයේ සිටියා. පසුව නින්දට ගියා. රාත්‍රි එකට පමණ නැගිටලා කීවා බඩේ අමාරුවක්‌ තියෙනවා කෝපි එකක්‌ හදන්න කියලා.

අම්මා කෝපි එක හදන්න ඇවිත් බලද්දී පුතා හිටියේ නෑ. මා නිවස තුළ බලල ගේ හැම තැනම බැලුවා. මම ගේ වටේ බලලා පාරට දිව්වා. කලේගාන හන්දියේ පොලිස්‌ ජීප් රථයක්‌ නතර කරලා තිබුණා. මම එම නිලධාරීන්ගෙන් දරුවා ගැන ඇහුවා. නමුත් ඔවුන් කිසිවකු මේ දරුවා දැක තිබුණේ නෑ.

අපි දරුවා හැම තැනම සෙව්වා. සොයා ගන්න බැරි වුණා. පෝද්දල පොලිසියටත් ගාල්ල පොලිසියටත් අපි පැමිණිලි කළා. පුතාට ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණා දැයි අපි දන්නේ නෑ. නමුත් ඔහුට ෙෆ්ස්‌ බුක්‌ එක ඔස්‌සේ තර්ජනය කරන පිරිසක්‌ ඉන්නවා කියලා කිව්වා.

මේ නිසා ඔහුගේ ෙෆ්ස්‌ බුක්‌ ගිණුම පවා වෙනස්‌ කර තිබෙනවා. ඉල්ලන්නේ අපේ දරුවා සොයල දෙන්න කියලා.

කෙසේ වෙතත් අසෙල් අතුරුදන් වූයේ කුමන හේතුවක්‌ මත දැයි යන්න මෙන්ම ඔහුට සිදුවූයේ කුමක්‌ ද යන්න ද අද වන විටද අභිරහසකි. අසෙල් ගැන යම් තොරතුරක්‌ වෙතොත් 0772598192 හෝ 0723966418 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස අසෙල්ගේ දෙමාපියෝ ඉල්ලා සිටිති.
 
Related Posts with Thumbnails