Ads 468x60px

.

අතුරුදන්ව සිටි රාජගිරියේ විදුහල්පති යළි නිවසට.


පසුගිය 19 වනදා උදෑසන සිට රාජගිරිය - හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ වැඩිමහල් සොහොයුරා කොට්ටාව පොලීසියට පැමිණිලි කර තිබුණා.  46 හැවිරිදි විදුහල්පති වරයා මීට වසර එකහමාරකට පෙර එම විද්‍යාලයට පැමිණ තිබුණේ බදුල්ල ප‍්‍රදේශයේ විද්‍යාලයකින් ස්ථාන මාරුවක්  ලබාගෙනයි.

කෙසේ නමුත් පාසලේ තාක්ෂණ පීඨය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්ව යෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබී ඇති අතර කොට්ටාව - මාලපල්ල ප‍්‍රදේශයේ පදිංචි පාසලේ නියෝජ්‍ය විදුහල්පති

වරයාගේ නිවසට මෙම විදුහල්පතිවරයා උදෑසන 6 යි 40 ට පමණ ගොස් ඇති බව සඳහන් වුනා.

එහි ගිය විදුහල්පතිවරයා නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ යතුරු සියල්ල භාරදී ඇත්තේ තමන් පාසලට පැමිණීමට තරමක් ප‍්‍රමාද වන බව පවසමිනුයි. කෙසේ වෙතත් පෙර සැළසුම් කර තිබූ පරිදි ජනාධිපති වරයාගේ ප‍්‍රධානත්වයෙන් පාසලේ තාක්ෂණ පීඨය විවෘත කිරීමේ උත්සවය පවත්වා තිබෙනවා.

එලෙස දින 5ක් පමණ අතුරුදන් වූ සිටි රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා යළි නිවසට පැමිණ ඇති බවට වාර්තා වෙනවා. ඒ ඊයේ රාත්‍රියේදීයි.

කෙසේ වෙතත් විදුහල්පතිවරයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අද (24) දිනයේදී ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.
 
Related Posts with Thumbnails