Ads 468x60px

.

මං බඳින දවස මටත් වඩා හොඳට දන්නේ පත්තර කාරයෝ - උපේක්ෂා


උපේක්ෂා ඔබ දැන් හරිම වෙනස් නේ?
 
ඇඳුමෙන් නම් දැන් වැඩිපුර සාරි අඳින්න වෙනවා පර්ලිමේන්තු යන නිසා. පොඩි කාලේ ඉඳල මම නිශ්ශබ්ද කෙනෙක්. දැන් නම් කතා බහට වැඩිපුර නැඹුරුයි. දේශපාලනයේදී එය අවශ්‍යයිනේ. හැසිරීමේ නම් මට මගේ වෙනසක් පෙන්නේ නැහැ.

දේශපාලනය සහ රංගනය යන දෙකෙන් එකකට සමු දෙන්න වුණොත් ඔබ සමු දෙන්නේ?

 
එය අවස්ථාව අනුව වෙනස් වෙයි. පොඩි කාලේ ඉඳලා කිසිම දෙයක් අත් අරින්න බැරි තරමට මං ඒවාට ලෝබ වෙලා හිටියේ නැහැ. මොන යම්

හේතුවක් නිසා හෝ මට දේශපාලනය හෝ කලාව අතහරින්න සිදු වුණොත් මට එවැනි තීරණයක් ගැනීම අපහසු වෙන එකක් නැහැ. හැබැයි කලාවට මම ගොඩක් ආදරෙයි. දේශපාලනයත් එහෙමයි.

දැන් උපේක්ෂාගේ විවාහයත් අද හෙටම සිදු වේවිද?

 
තවම දිනයක් නැහැ. සමහර පත්තර වල මම මේ දවසේ විවාහ වෙනවා කියලා දිනත් පළ කරලා තිබුණා. ඒත් එහෙම දිනයක් නියම කරලා නැහැ.බෝහො දුරට ලබන වසරේ මාස පහ අතරේ විවාහ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

ඔබේ පසුගිය ජීවිතය ගැන ආපසු හැරී බැලුවොතින් අද ඔබට මොකද හිතෙන්නේ?

 
මට උපේක්ෂා ස්වර්ණමාලී ගැන ආඩම්බරයි. ඇය බොහෝ ගැටලු වලට මුහුණ දුන් කෙනෙක්. නමුත් ඒ හැම දේම අභියෝගයක් ලෙස බාර ගෙන ඉදිරියට ආපු කෙනෙක් තමයි ඇය.

මගේ ජීවිතයට ඒ ගරුත්වය මම දෙනවා. මගේ ජීවිතය ඉදිරියට ගේනවා වගේම ලොකු පැහැදීමක් තියෙනවා මගේ අත්දැකීම් ඔස්සේ මට අද මේ සමාජයේ ඉන්න පිඩිත දරුවන්ට සහ කාන්තාවන්ට උදවු වෙන්න පුළුවන් යන හැඟීම මට තිබෙනවා.


ඔබේ වගකීම් ගොන්නට මෑතකදී තව අලුත් වගකීමක් එකතු වුණා?
 
ඉතාමත් සතුටුයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස දැන් විධිමත් විදිහට වැඩ කරන්න අවස්ථාවක් ලැබි තියෙනවා.

මේ වගකීම ඔබට සාර්ථකව ඉටු කරන්න පුළුවන් වේවි යැයි හිතනවාද?
අනිවාර්යෙන්ම පුළුවන්.

උපේක්ෂා දේශපාලනය ඇවිත් කරපු දෙයක් නැහැයි කියල ඇතැමුන් චෝදනා කරනවා?

 
මම එය ප්‍රතික්ෂේප කරනවා. මට විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න හැම දේශපාලඥයෙකුටම ඔය වගේ චෝදනා තියෙනවා. එය ලෝක ස්වභාවය. දේශපාලඥයෙක් වීම දේව වරමක් ලැබුණා වගේ දෙයක් නොවෙයි. ඕනෑම දෙයක් කළ හැකි යම් සීමාවක් සහ පිළිවෙළක් තියෙනවා.ඒ ඔස්සේ අපිට කරන්න පුළුවන් කාර්යභාරය සීමිතයි. 


එය හැමෝටම පොදු කරුණක්. අනෙක දේශපාලඥයෙක් කියන්නෙත් මනුස්සයෙක්. ඔහුගෙන් හෝ ඇයගෙ අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩුවක් වෙච්ච ගමන්ම ඒ අඩුපාඩුව පමණක් දකින ආකල්පයක් අපේ සමාජයේ තියෙනවා.

ඡන්දයකින් නැවත පාර්ලිමේන්තුවට තේරි පත් වීමේ අවිනිශ්චිතතාව මත මේ අවස්ථාව ලබා ගත්තා යැයිද හිතෙන්න පුළුවන්?

 
මේ අවස්ථාව අවුරුදු හතරකට කලින් ලැබුණත් මම භාර ගන්නවා. එත් මට ඒ කාලෙදී ලැබුණේ නැහැ. ජනාධිපතිතුමාගෙන් මම මුලින් ඉල්ලුවේ ආසනයක්. එවැනි වගකීමක් භාර ගැනීමට නිදහස, කාල වෙලාව සහ ශක්තිය අපිට තිබෙනවා. 


වසර හතරකින් පසු හෝ මේවැනි වගකීමක් ලැබීම සතුටුයි. අනෙක වගකීමක් භාර ගත් පළියට ඡන්දයක් දිනන්න බැහැ. ඒ වගකීම නිසා ඡන්දයක් දිනන්න හෝ පරදින්න හේතු වෙන්න පුළුවන්, තමන් බාර ගත් තනතුරෙහි සිට ජනතාවට කොපමණ සේවයක් කරනවාද ඒ වගකීමෙන් තමන් කොච්චර සාර්ථක වෙනවද යන කරුණු මත.
 
Related Posts with Thumbnails