Ads 468x60px

.

ලතා දිසානායක කැනඩාව අන්දලා...

ගායිකා ලතා දිසානායක කැනඩා රජයට ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කොට සරණාගත වීසා ලබාගෙන තිබෙන බව වාර්තාවේ. 

සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා මාස තුනක සංචාරක වීසාවකින් කැනඩාවට පැමිණි ලතා දිසානායක යළි ආපසු ලංකාවට නොගොස් කැනඩාවේ රැඳී ශ්‍රී ලංකා රජයෙන් ඇයට මරණ තර්ජන තිබෙන බව කියා කැනඩා ආගමන විගමන දෙපාර්තමෙන්තුවට අසත්‍ය පවසා ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කොට කැනඩාවේ සරණාගත භාවය ලබාගෙන ඇත​. 

කැනඩා නීතිය අනුව මෙසේ ව්‍යාජ හේතුන් ඉදිරිපත් කොට සරණාගත භාවය ලබා ගැනීම බලවත් වරදක් වන අතර සරණාගත භාවය අවලංගු
කිරීමටද හේතු වේ.

ලතා දිසානායක විසින් ශ්‍රී ලංකා ආණ්ඩුවට අවමන් සහගත වන ලෙස බොරු ප්‍රකාශ කරමින් කැනඩාවේ සරණාගත භාවය ලබා ගැනීම  ගැන කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය තවමත් කිසිදු පරීක්‍ෂණයක් ආරම්භ නොකිරීම ගැන ලංකාවට ආදරය කරන කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විමතිය පළ කරති.

- බිමල් ජයසිංහ
 
Related Posts with Thumbnails