Ads 468x60px

.

මෙන්න මිනුවන්ගොඩ ඉන්ධන පිරවුම්හල මංකොල්ලයේ CCTV දර්ශන


මිනුවන්ගොඩ - මැඩෑමුල්ල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට ආයුධ සන්නද්ධව පැමිණි  පුද්ගලයන් දෙදෙනෙකු එම ඉන්ධන පිරවුම්හලේ තිබූ මුදල් තොගයක් කොල්ලකා පළාගොස් තිබෙනවා.

පසුගිය 12 වනදා රාත‍්‍රියේ අංක තහඩු රහිත යතුරුපැදියකින් පැමිණි මෙම කොල්ලකරුවන්, තමන්ට අයත් ජීප් රථයකටද වෙඩි තබා හානි සිදු කල

බවයි ඉන්ධන පිරවුම්හලේ හිමිකරු සඳහන් කලේ.

කෙසේ වෙතත් ඇඟිලි සලකුණු විශේෂඥයන් කණ්ඩායමක් යොදවා සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී  රුවන් ගුණසේකර සදහන් කරන්නේ.

කොල්ල කා ඇති මුදල් ප‍්‍රමාණය මේ වන තෙක් අනාවරණ වී නොමැති අතර පොලීසිය සඳහන් කළේ එම අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේ තිබූ හිමිකරුට අයත් මෝටර් රථයටද කොල්ලකරුවන් වෙඩි තබා ඇති බවයි.


 
Related Posts with Thumbnails