Ads 468x60px

.

භෝජන සංග‍්‍රහයට සහභාගි නොවීම නිසා ප‍්‍රසන්න විතානගේත් ස්වරණවාහිනියෙන් දොට්ට


ඉහල බලපෑමක් මත හිටි හැටියේම ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂක ප‍්‍රසන්න විතානගේ මහතාද ස්වර්ණවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කොට ඇති බව වාර්තා වෙනවා. 

මෙය හුදකලා සිදුවීමක් නොවන අතර ප‍්‍රසන්න විතානගේ මහතාට විරුද්ධව මෙසේ විවිධ බලපෑම් වන්නට පටන්ගෙන ඇත්තේ පසුගියදා අරලිය ගහ මන්දිරයේ කලාකරුවන් වෙනුවෙන් පැවැත්වූ භෝජන සංග‍්‍රහයට සහභාගි නොවීමේ ප‍්‍රතිවිපාකයක් වශයෙනි.

එම නිසා ස්වර්ණවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ප‍්‍රසන්න විතානගේ මහතාව ඉවත් කරන ලෙස ඉහල දේශපාලන බලපෑමක් ස්වරණවාහිනි

පාලන අධිකාරිය වෙත එල්ලවි තිබෙනවා. 

එහි ප‍්‍රතිපලයක් ලෙස ඒ මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ස්වර්ණවාහිනි පාලනය අධිකාරිය විසින් දැන්ම් දී තිබෙනවා. ඒ අනුව විතානගේ මහතා පසුගිය දිනෙක එම තනතුරෙන් ඉවත්වී තිබෙනවා.

එසේම ප‍්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කල විදෙස් සම්මාන රැුසකට පාත‍්‍රවූ ඔබ නැතුව ඔබ එක්ක චිත‍්‍රපටයට වාරණයක් පනවා
තිබෙනවා. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් පනවා ඇති එම වාරණය අනුව චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට නම් එහි දර්ශන තුනක් සහ දෙබස් කිහිපයක් කපා ඉවත් කරන්නට සිදුවන බව ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණි සුමනසේකර දැනුම්දි තිබෙනවා. 

මෙම වාරණයට හේතුව ලෙස ඔහු ප‍්‍රකාශ කරන්නේ එම දර්ශන සහ දෙබස් කිහිපය නිසා හමුදාවේ ප්‍රතිරූපයට හානියක් වන බවයි.

‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ  දර්ශන සහ දෙබස් කපා හැරීම අධ්‍යක්ෂවරයා ප්‍රතික්‍ෂේප කොට යම් හෙයකින් තහනමට ලක්වුවහොත් එය නැරැඹීමේ අවස්ථාව අහිමි වන්නේ මෙරට  චිත්‍රපට ප්‍රේක්ෂක පිරිසට පමණි. 


මක්නිසාද යත් මේ වන විට එම චිත්‍රපටය ඉන්දියාව, ප්‍රංසය, රුසියාව, ඉතාලිය ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර උළෙල කිහිපයකම ප්‍රදර්ශනය කොට සම්මානයටද පාත්‍ර වී අවසන්ය.

‘ඔබ නැතුව ඔබ එක්ක’ ප්‍රංසයේ වෙසූල් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසද, රුසියාවේ සකාලින් චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපට ලෙස විචාරක සම්මානයද, ඉතාලියේ මිලානෝ සම්මාන උළෙලේදී සිග්නීස් සම්මානයද, හොඳම චිත්‍රපටය ලෙස ආසියානු නෙට්පැක් සම්මානයද, ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානයද හිමි කරගත් විශිෂ්ට සිනමා කෘතියකි.


96 DSC03588 maxresdefault prasanna
 
Related Posts with Thumbnails