Ads 468x60px

.

මිලියන 500කට නඩු දානවා - ඇමැති මහින්දානන්ද , මාතර සුනිල් වෙනුවෙන් මම ඉන්නවා - රන්ජන්


දෙරණ රූපවාහිනියේ විකාශය වූ "වාදපිටිය" දේශපාලන වැඩසටහන අතරතුරදී ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අපහාසාත් මක වන අයුරින් දුරකථන ඇමතුමක්‌ දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගෙන් රුපියල් මිලියන 500 ක්‌ ඉල්ලා නඩුවක් ගොනුකර ඇති බවයි.

පසුගිය 03 වැනිදා රාත්‍රි වාද පිටිය විශේෂ දේශපාලන වැඩසටහනට තමා සහභාගි වී සිටියදී රන්ජන් රාමනායක මහතා ඔහුගේ ජංගම දුරකථන

යෙන් කටහඬ වෙනස්‌ කරමින් තමාට අපහාස වන ආකාරයට කතා කළ බවට චෝදනා කරමින් අලුත්ගමගේ මහතා මෙසේ නඩු මගට පිවිසීමට තීරණය කර තිබෙනවා.

එදින වාදපිටියට දුරකථන ඇමතුමක්‌දී මාතර - සුනිල් නමැති අයකු කළ ප්‍රකාශයක්‌ නිසා උරණ වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට මඩ ගැසීම නතර නොකිරීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවට දොෂාරෝපණය කරමින් වැඩසටහන අතරතුරදී ඊට සහභාගි වූ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා සමග පිටව ගියා.

පසුව රාත්‍රි 12.30 ට පමණ අලුත්ගමගේ මහතා මිරිහාන පොලිස්‌ ස්‌ථානයට ගොස්‌ මෙම සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක්‌ කර තිබෙනවා. එම විමර්ශනවලදී මෙම ඇමතුම දී ඇත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් බව තහවුරු වූයේ යෑයිද ඇමැතිවරයා පැවසුවා.


මාතර සුනිල් වෙනුවෙන් මා පෙනී ඉන්නවා
- රන්ජන් රාමනායක


දෙරණ රූපවාහිනියේ විකාශය වූ වාදපිටිය වැඩසටහනේ ඇමැතිවරයකුට චෝදනා කළේ මාතර සුනිල් කියලා කෙනෙක්‌. මහින්දානන්ද ඇමැතිතුමා මිලියන 500 ක්‌ ඉල්ලලා නඩු දැම්මොත් මම මාතර සුනිල් වෙනුවෙන් පෙනී සිටිනවා යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රන්ජන් රාමනායක මහතා කියා සිටියේ මාතර සුනිල් මහින්දානන්ද ඇමැතිවරයාගේ නම කිසිම අවස්‌ථාවක සඳහන් නොකළ බවත් මේ හේතුව නිසා මාතර සුනිල්ට නඩු පැවරිය නොහැකි බවත්ය.

මගේ නිවසට ශ්‍රී ලංකාවේ හතර දිග්බාගයෙන්ම මිනිස්‌සු එනවා. සමහරු දේශපාලන ආධාරකාරයො. තවත් අය රසිකයො. මෙහෙම ආව කෙනෙක්‌ මගේ ජංගම දුරකථනයෙන් දෙරණට කතා කරලා ප්‍රශ්න ඇහුවද දන්නෙ නැහැ යෑයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.


දෙරණේ වාද පිටියට ‘මාතර සුනිල්’ නමින් කෝල් කර ඇමැති මහින්දානන්දට අපහාස කළේ රන්ජන්ලු
 
Related Posts with Thumbnails