Ads 468x60px

.

නිල්මිණි තෙන්නකෝන් ආයෙත් අම්මා කෙනෙක් වෙන්න යන කතාව.


සමහරුන්ට ඉවසිල්ලක් නෑ මේක බලනකන්

දවසක්දා මට දෙරණේ ලක්සිරි කතා කළා. අම්මා නවකතාව ටෙලි නාට්‍යයට නගනවා. එකේ අම්මගේ චරිතයට මාව තෝර ගත්තා කියලා. ඒ චරිතයට පණ දෙන්න මං කැමතිද කියලා ඇහුවා.

ඒ කතාව අහපු ගමන්ම මට ගොඩක් සතුටු හිතුණා. උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා නවකතාව මේ වෙද්දී අපේ සමාජය තුළ පුළුල් කතාබහකට ලක්වෙලා තිබුණේ. ඉතින් ඒ වගේ ආන්දෝලනාත්මක

නවකතාවක චරිතයක් වෙන්න ලැබීමම සතුටක්. ආඩම්බරයක්.

නවකතාවකින් සමාජගත වුණු චරිතයකට පණ දෙන එක අභියෝගයක් කියලා නිල්මිණිට හිතුණේ නැද්ද?

අර සතුට ගාවට හිතට දැනුණේ අන්න ඒ හැඟීම තමා. මේ චරිතය හරියට නොකළොත් නිල්මිණි තෙන්නකෝන් විනාශවෙන බව මට හිතුණා. ඒ එක්කම මම තිගැස්මට පත්වුණා.

ඊට පස්සේ?


ජානක සිරිවර්ධන අපේ ගෙදර ආවා.... නිල්මිණි, ඔයාට පණ දෙන්න තියෙන්නේ ළමයි දහදෙනෙක් ඉන්න අම්මෙකුගේ චරිතයකට. මේක හුඟක් අභියෝගාත්මක වැඩක්. ඒ වගේම තමයි හරියට කර ගත්තොත් සම්මාන පිට සම්මාන ලැබේවි. ඉස්සෙල්ලම ඔයා මේ පොත කියවන්න කියලා මට අම්මා පොත දුන්නා.

ඊට පස්සේ නිල්මිණි ඒ අභියෝගය බාර ගත්තා?

ඔව්. මට මතක් වුණා හැන්දෑව ටෙලිනාට්‍යගේ මොණිකාව. ඒත් අම්මා කෙනෙක්.... හැන්දෑවේ අම්මා වුණු මට තව පාරක් අම්මා වෙන්න බැරිද? මම අභියෝගය බාර ගත්තා.

මේ අම්මා චරිතය පටන් ගන්නේ වයස අවුරුදු කීයෙන්ද?


අවුරුදු හතලිහෙන්... එතැන ඉඳලා ටික ටික වයසට යනවා.... මාව අම්මා කරද්දී මගේ පෙනුමට වැඩියෙන් මාව වියපත් කරලා... මොකද මෙයා දුක් විඳින අම්මා කෙනෙක්.

කොහෙද රූගත කිරීම් කරන්නේ...?


පන්නිපිටිය, හොරණ වගේ ප‍්‍රදේශවල.

අලූත් මව් පදවිය ගැන මොකද හිතෙන්නේ?


මම කලා ලොවට ආව මුල් දවස්වල ‘‘සෙට්’’ වල ගෙවපු කාලෙ මට මතක් වුණා... අම්මා සෙට් එකත් ඒ වගේ ලෙංගතු කමක් පිරිලා. මම අම්මා වෙද්දී අනෙක් අය අපේ ළඟම නෑදෑයෝ බවට පත්වෙලා. ඇත්තටම මේක ‘‘ටීම් වර්ක්’’ එකක්. හැමෝම ඒක තේරුම් අරගෙන එකිනෙකාට සහයෝගය දක්වනවා. පුදුම විදිහට දැනෙන දෙයක් වෙලා.

ඔබ මීට කලින් අම්මාගේ් චරිතයට පණ දුන් අවස්ථා මතක් කළොත් ?


මම මුලිනුත් කිව්වා වගේ හැන්දෑවෙ අම්මා කෙනෙක් වුණා. ඒ චරිතයට මට සම්මානත් ලැබුණා. මේ දවස්වල විකාශය වෙන ඩිංගිරි අම්මා ටෙලිනාට්‍යයේ අම්මත් මම.

ඒ අම්මලයි මේ අම්මයි අතර වෙනසක් දකිනවද?


අනිවාර්යයෙන්ම... මේ අපේ උපුල් සර්ගේ අම්මා. දරුවෝ දහදෙනෙක් එක්ක ජීවිත සටනට උර දුන්නුු දුක්විඳින අම්මා. මේ චරිතය කලින් කරපු චරිතවලට වැඩියේ සහමුලින්ම වෙනස්.

නිල්මිණි අම්මා වෙද්දී අප්පච්චි වෙන්නේ කවුද?


සරත් කොතලාවල

අම්මා ෂූටිං තවමත් ඉවර නැහැ. මෙතෙක් කරපු දර්ශන අතුරින් ඔයාට හිතට දැනුණ දර්ශනය මතක් කරන්න. 


ඇත්තම කිවුවොත් අම්මා ටෙලිනාට්‍යයේ එන හැම දර්ශනයක්ම හැඟීම් බරයි.... හුඟක් දර්ශනවලදී ඇස්වල කඳුළු පිරෙනවා මේ අතරෙ එක දර්ශනයක් තියෙනවා දහවෙනි දරුවා උපදින අවස්ථාවේ.

මේ දරුවා ඉපදුනාට පස්සේ දරුවගේ අප්පච්චි මගේ ළඟට මාරාවේෂ වෙලා එනවා. ‘‘ ඕකව ගිහිල්ලා කැලේට විසිකරපං’’ කියලා කෑගහලා කියනවා. ඒ වෙලාවේ මේ අම්මා කරන්නේ අර පුංචි දරුවව තුරුල් කරගෙන ඇස් දෙකේ කඳුළු පුරවාගන්න එක.

‘‘මේ තමයි මගේ හයිය....’’ කියලා අම්මා අර දරුවව පපුවට තුරුල් කර ගන්නවා. ඒ වෙලාවේ මට මතක් වුණේ මගේ දරු පැටියව.

‘‘මම කොහොමහරි මේ පැටියව හදා ගන්නවා කියලා අම්මා කෑගහලා කියනවා’’ ඒ අවස්ථාව තමයි ගැහැණියකගේ සැබෑම දරු කැක්කුම මතුවෙන අවස්ථාව.

නිල්මිණි තෙන්නකෝන් යළිත් මව් පදවිය ලැබගෙන මව් සෙනෙහසේ චමත්කාරය අපේ සමාජයට තිළිණ කරන මොහොතේ, ඇය පණ දුන් මේ අභියෝගාත්මක රංගනය හෙට සිට රාත‍්‍රි 9ට දෙරණ ටී.වී. නාලිකාව ඔස්සේ ඔබ වෙත සමීපවීමට නියමිතය. ඊට කලින් නිල්මිණිගේ රංගනයට ලැබුණු ප‍්‍රතිචාර ගැනත් නිල්මිණිගෙන් අසමු.

‘‘මේ තාක් රූගත කෙරුණු දර්ශන ඔක්කොම සන්නස්ගල සර් බලලා තිබුණා... එයා කිව්වා නිල්මිණි ඔයා බොහොම හොඳට මගේ අම්මගේ චරිතයට පණදීලා තිබුණා කියලා. ඒ ප‍්‍රතිචාරය මට මගේ ඉදිරි රංගන කාර්යයට පහසුවක් වුණා.’’ ඒ වගේම තිලිණත් ජානක අයියත් මගේ රඟපෑම ගැන කතා කළේ සතුටින්.

මේ දවස්වල ‘‘අම්මා’’ ටේලර් එක යනවා.  ඕක දකින රසික රසිකාවියෝ මගෙන් අහනවා කවදද මේ අම්මා පටන්ගන්නේ කියලා. එයාලටත් ඉවසිල්ලක් නෑ මේ නාට්‍යය බලනකන්.
 
Related Posts with Thumbnails