Ads 468x60px

.

මගේ බිරිඳ තේජායි මහේෂියි ෆේස්බුක් වලින් නිතරම ‘‘චැට් කර ගන්නවා’’


අමිල අබේසේකර කාලයක පටන් ජනප‍්‍රියත්වය එකසේ රැකගෙන ඉන්න නළුවෙක්. අමිල රඟපාන ‘‘ෆේස්බුක්’’ ආදර දෑසක් වාගේ ටෙලි නාට්‍ය මේ දිනවල දැකගන්න පුළුවන් මෙවර ඇත්තම කියන්න කතාබහට අපි එක්කර ගත්තෙ අමිලවයි. අමිල රඟපාන අලූත්ම ටෙලිනාට්‍යය පහක් දෙසැම්බර් 01 වෙනිදා සිට විකාශනය වෙනවා.

අමිලගෙ රැකියාවද? විනෝදාංශයද? කියන්න රඟපෑම?

‘‘මම රඟපෑමත් එක්ක ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක්. මොනම මොහොතකවත් විනෝදාංශයක් විදිහට රඟපෑමෙ යෙදෙනවා කියලා කියන්න මම කැමති නෑ... රඟපෑම නිසා තමයි මගේ ජීවිතයට බොහෝ
හොඳ දේවල් ලැබුණෙ. අවුරුදු දාහතක් තිස්සෙ මම රඟපානවා. 

ඒත් අපේ රටේ තත්ත්වය අනුව රඟපෑමෙන්ම ජීවත්වෙන්න අපහසුයි. මේ ඉන්දියාවෙනම් ඔන්න රඟපෑම පමණයි වෘත්තිය කියල කියන්න පුළුවන්.

රඟපෑම නිසා අමිලගෙ ජීවිතයට ලැබුණු ඒ බොහෝ හොඳ දේවල් අතරේ වඩාත්ම හොඳ දේ මොකක්ද?

‘‘මගේ විවාහය.. තේජාව මම මුලින්ම අඳුන ගත්තෙ මගේ රසිකාවියක් විදිහටයි. එයා කැමතිම නළුවා මම වුණා’’

දැන් විවාහවෙලා අවුරුදු කීයද..?

‘‘අපේ වෙඩින් එක ගත්තෙ 2010 අවුරුද්දෙ ඒත් අපි දෙන්න එන්ගේජ් වෙලා හිටපු කාලේ එක්ක බලද්දි ලබන අවුරුද්දේ මාර්තුවලට අවුරුදු දහයක් වෙනවා.’’

විවාහයට පස්සෙ ජනප‍්‍රියත්වය අඩුවෙනවා කියන එක අමිලට බලපාල තියෙන්නෙ කොහොමද?

‘‘ඒක තනිකරම බොරුකතාවක් ජනප‍්‍රිය නැති අය හදාගත්ත කතාවක්. ජනප‍්‍රියත්වයට විවාහයට නොවෙයි බලපාන්නෙ.. තමන්ගෙ දක්ෂතාවයත් හා කලා ලෝකය තුළ තමන් පය ගහල ඉන්න විදිහයි’’

අමිලගෙ බිරිඳ රූමත් ගුවන් සේවිකාවක්... ඇයි එයාව ඔබගේ ටෙලි නාට්‍යයකටවත් සම්බන්ධ කර නොගන්නෙ..?

‘‘තේජාට රඟපෑම කෙරෙහි උනන්දුවක් නෑ.. ඒ වගේම එයාගෙ රැකියාවත් එක්ක ඒ වෙනුවෙන් කාලයකුත් නෑ.. ඒත් අපි දෙන්නා එක වෙළඳ දැන්වීමකට නම් පෙනී හිටියා.’’

ඔබත් එක්ක රඟපාන නිළියන්ගෙන් ඔබේ බිරිඳ තේජා කැමතිම නිළිය කවුද?

‘‘එයා එහෙම විශේෂයෙන්ම කැමැත්තක් දක්වනවා කියලා කෙනෙක් නෑ.. ඒත් එයා මම රඟපාන ටෙලි නාට්‍ය අනිවාර්යෙන්ම නරඹන නිසා මෙන්න මේ අය හොඳයි කියලා කියන කීපදෙනෙක් නම් ඉන්නවා.”

ඒ හොඳයි කියලා කියන අය අතරෙ මුලින්ම ඉන්න අය කවුද?

‘‘මම හිතන්නෙ එහෙම නම් කියන එක හරිමදි කියලා’’

මෑත කාලේ අමිල වැඩිපුරම රඟපෑවෙ මහේෂිත් එක්කයි. ඇයි මහේෂිවම තෝරාගන්න හේතුව..?

‘‘ඇත්තෙන්ම මහේෂි ටෙලි නාට්‍යවලට සමබන්ධ වුණෙත් මම නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍යයකින්. ඊට පස්සෙ ටෙලි නාට්‍ය පහක විතරම අපි දෙන්නා තමයි එකට රඟපෑවෙ.. ඒක මගේ කැමැත්ත නිසාම සිද්ධවුණ දෙයක් නෙවෙයි... අපි දෙන්නට තමයි ආරාධනා ලැබුණෙ..’’

මහේෂියි ඔබේ බිරිඳ තේජායි යාළුවෝද?

‘‘ ඔව් ... දෙන්නගෙ හිතවත්කමක් තියෙනවා.. නිතර හමුනොවුනත් ෆේස්බුක් වලින් එහෙම දෙන්නා නිතරම ‘‘චැට් කර ගන්නවා’’

ප‍්‍රතිචාරත් එක්ක බලද්දි..රඟපෑමේදී ඔබට වැඩියෙන්ම ගැලපුනේ උපේක්ෂාද (පබාද) නැත්නම් මහේෂිද?

‘‘උපේක්ෂාත් එක්ක මට රඟපාන්න ලැබුණේ ‘‘පබා’’ ටෙලිනාට්‍ය විතරයි. ‘‘පබා’’ කියන්නෙ අති විශාල ජනප‍්‍රියත්වයක් ලබපු ටෙලි නාට්‍යයක්නෙ. හැබැයි ඊට පස්සෙ මට එක දිගටම ටෙලි නාට්‍ය කිහිපයකම මහේෂිත් එක්ක රඟපෑමට ලැබීමටත් ප‍්‍රතිචාර බලපාන්න ඇති. ඒ විදිහට බලද්දි ඒ දෙන්නම රඟපෑමේදී මට ගැලපෙනවා ඇති.’’

පබා ටෙලි නාට්‍යයෙන් පස්සෙ ඔබ උපේක්ෂාත් එක්ක රඟනොපාන තීරණයක හිටියා නේද? තාමත් ඒ තීරණය එහෙමද?

... නෑ මම නම් එහෙම තීරණයක හිටියෙ නෑ. මට ආරංචි වුණ විදිහට උපේක්ෂා තමයි ඒ වගේ තීරණයක ඉඳලා තියෙන්නෙ.. ‘‘පබා’’ ටෙලි නාට්‍යයෙන් පස්සෙ අපි දෙන්නට තවත් ටෙලි නාට්‍ය දෙකකට කතා කරලා තිබුණත්.. ඒ අවස්ථා මඟ ඇරෙන්න උපේක්ෂාගෙ ඒ තීරණය බලපාන්න ඇති. උපේක්ෂා රඟපාන්න අකමැති නළුවන්ගෙ ලිස්ට් එකේ මමත් ඉන්නවා කියලයි ඒ කාලෙ දැනගන්න තිබුණෙ.’’

මෑතකාලෙ රඟපාන්න ආපු නළුවො ඔබට අභියෝගයක් නෙමෙයිද?

‘‘.. නෑ.. මට එහෙම අභියෝගයක් නම් නෑ.. කොහොමටත් මේ කේෂ්ත‍්‍රයෙ කාටවත් එක දිගට රැුඳිලා ඉන්නත් බෑනෙ.. අලූත් මුහුණ එනවා.. ඒ අයට ඉඩ ලැබෙනවා..  ඒ තත්ත්වය තේරුම් අරගෙනයි මම ඉන්නෙ. තාමත් මට රඟපාන්න ලැබෙන ආරාධනාවල නම් අඩුවක් දැනෙන්නෙ නෑ’’.

මෑතකාලෙ ආපු ඒ සමහර නළුවො තනිකරම නටන්නෙ පිස්සු කියල හිතෙන අවස්ථා නැද්ද?

‘‘අනිවාර්යෙන්ම එහෙම හිතෙන අවස්ථාත් තියෙනව..’’

ඇයි එහෙම වෙන්නෙ...?

‘‘ ඒක තමයි හිතාගන්න බැරි... සමහර අය එන මුල්කාලෙදි හරිම හොඳයි. හරිම නිහතමානියි. ඒත් චරිතයකින් දෙකකින් ජනතාව අතරට ගියාට පස්සෙ... එයාල තමයි ‘‘අයියලා’’ මුල් කාලෙ ‘‘අයියා’’ මචං කියපු අය ඊට පස්සෙ ඇවිදින්නෙත් පොලොවෙන් අඟල් ගාණක් ඉහලින්. 

මට හිතෙන විදිහට එක්කෝ එහෙම වෙන්නෙ.. එායලම ඇඳගන්න නිසා.. එහෙමත් නැත්නම් වෙනත් අය එයාලව ‘‘අන්දන’’ නිසයි. හැබැයි ඒ වගේ බොළද ‘‘ෂෝ’’ වලට වැඩි ආයුෂක් නම් නෑ.

ළඟඑන මැතිවරණයේදී දේශපාලන වේදිකාවට ගොඩවෙන්න එහෙම අදහසක් නැද්ද?

නෑ.. කිසිසේත්ම නෑ..

ඔබ ළඟින් අසුරුකරන දේශපාලනඥයො ඉන්නවද?

ළඟින්ම නොවුනත් හිතවත්කම් තියෙන අය කීපදෙනෙක්ම ඉන්නවා. අපේ වෙඩින් එකටත් මම දේශපාලකයින් දහඅට දෙනෙකුට ආරාධනා කෙරුවා. ඒ හිතවත්කම් මත පමණයි.

 අමිල තාත්තා කෙනෙක් වෙලා... තේජා අම්මා කෙනෙක් වෙන දවසට තව කල් තියනවද?

‘හැම දෙයක්ම හොඳ විදිහට සිද්ධ වුණා වගේ ඒ වාසනාවන්ත මොහොතත් වාසනාවන්ත විදිහටම සිද්ධවෙයි. අපේ ජීවිත සම්පූර්ණ වෙන්නෙ එතකොටයි.
 
Related Posts with Thumbnails