Ads 468x60px

.

හිමිනම අපවත් කල මෙහෙව් තිරිසනකුට ගුණරත්න ලෙසින් නමක්‌ දුන්නේ මොකාද?


සුමන සමන් අඩවියේ පිහිටි දෙහිඕවිට, කනන්ගම විවේක සේනාසනයේ වැඩවිසූ කෝන්කඩුවේ නන්දසිරි නම් හිමිනම, වැරදීමකින් මිනිස්‌ ආත්ම ලැබූ, තිරිසනුන් තිදෙනෙකුගේ ප්‍රහාරයකින් අපවත්ව ඊයේ ආදාහනය වූ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

පණ පිටින් අපාගත වන මේ මහා පාපයේ 'මහ මරුවා' ප්‍රියන්ත ගුණරත්න නමැති බිස්‌නස්‌කාරයෙකි. මෙහෙව් තිරිසනකුට ගුණරත්න ලෙසින් නමක්‌ දුන්නේ මොකාද? ඒකාගේ කටු කමින් හිමිනම ඝාතනයට උසිගැන්වී

පැමිණි අනෙක්‌ දඩබල්ලන් දෙදෙනාගෙන් එකෙකුගේ නම අජිත් ප්‍රියශාන්තය. ඒකාගේ ඇති ප්‍රිය ශාන්තභාවය කොතෙක්‌ වීද යත් හිමිනමට සිහිවිසඥ වනතුරු පහරදීමට තරම් ඒකා ප්‍රියය. ශාන්තය. අනේ නොදකින්.

ඊයේ අපට වාර්තා වුනු අයුරින්
මේ මරණයට නිමිත්ත කොස්‌ ගසකි. මේ විවේක සෙනසුනේ ඉදිකිරීම් වෙනුවෙන් යොදා ගැනීමට පූජා කර තිබූ කොස්‌ ගසක්‌ කැපීම සම්බන්ධයෙන් විරුද්ධව ක්‍රියාකළ ගුණරත්නයාව විහාරස්‌ථ දායක සභාව ඉදිරියේ විවේචනය කිරීම ඒකා කුලප්පු වීමට හේතුව බවය සැලවෙන්නේ.

මේ (අ)ගුණරත්නයා කුලප්පු වී අපරාධ කළ පළමු අවස්‌ථාව මෙය නොවන බවද කියවේ. නමුත් පොලිසිය ඒවා දැක දැකද ඒකාව හුරතල් කළ බව ප්‍රදේශවාසීහු පවසති. ඒ අනුව මේ සිදුවූ නස්‌පැත්තියට අනියමින් වටපිටාව සකසමින්, ගුණරත්න නමැති මේකාගේ මොන අගුණ තිබුණත් ඒවා මට්‌ටු නොකර ඒකා සමග තොඳොල් වූ ප්‍රදේශයේ පොලිසියේ ඇත්තන්ට 'නයිට්‌ හවුස්‌කෝට්‌' සමග තනපට කිහිපයක්‌ සම්මාන වශයෙන් පිරිනමන ලෙසින් විහාරස්‌ථ දායක සභාවට සහ ගම්වාසීන්ට අපි නිකමට මෙන් යෝජනා කරමු.

ඒ සමගින්, විහාරස්‌ථානය ගොඩනැගීම පිණිස කළ උත්සහයක අනියම් ප්‍රතිඵලයක්‌ ලෙසින් කෝන්කඩුවේ රත්නසිරි නම් හිමිනමක්‌ ඝාතනයට ලක්‌ව ඇති බව, ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයේ සහ මේ බෞද්ධ රාජ්‍යයේ සම අයිතිකරුවන් ලෙසින් මොරදෙන ජාතික හෙළ උරුමය සහ බොදු බල සේනාවට අපි මෙලෙසින් දැනුම් දෙන්නෙමු. 


මේ පාපය සිදුකළේ වෙනත් ආගමක මිනිසෙක්‌ නම් මේ වන විට මෙකී දෙගොල්ලන්ගේම ආගම් ආලය ඉස්‌මුරුත්තාව දක්‌වා පැමිණ තිබෙනු ඒකාන්තය. මේ ජාති ආගම් ආලවන්තයන් මේ දිනවල පක්‍ෂවලට මුක්‌කු ගැසීමේ කොන්ත්‍රාත්තුවෙන් දැඩි කාර්යබහුලත්වට පත්ව සිටින බැවින් හිමිනමක ඝාතනය වී ඇතැයි ඔවුනට දන්වා සිටිමින් ඔන්න අපි අපේ යුතුකම ඉටුකළෙමු. හැකිනම් ඔය විකාර පසෙක තබා සියල්ලට ප්‍රථම තමන්ගේ ජාතිය දහමින් පෝෂණය කරන මෙන්ද ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම ඉල්ලා සිටිමු.

වාර්තා වන අන්දමට ඒ විවේක සෙනසුන ගොඩනැගුනේ අපවත්වූ උන්වහන්සේගේ දිරියෙනි. කොස්‌ ගසේ ප්‍රශ්නය පැන නගින්නේද එහි ප්‍රතිඵලයක්‌ ලෙසය. භාග්‍යවතුන් වහන්සේ ගසක කොළයක්‌ හෝ නොකඩන ලෙසින් උපසම්පදා භික්‍ෂුවට එදා විනයක්‌ පැනවූවේ ගස්‌වලට අරක්‌ගෙන සිටින අල්පේශාඛ්‍ය දෙවිවරු මෙවැනි දෙයින් භික්‍ෂූන්වහන්සේ ලා කෙරෙහි ගැටෙන සිත් ඇති කරගන්නා බැවිනි. 


භික්‍ෂුව යනු ගින්දරකැයිද භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තාහ. ගින්දරක්‌ සමග ගැටීමෙන් එහි ආදීනව නොදත් අසරණයන් කරගන්නා විපැත්තිය දුටු බැවින් විය යුතුය භාග්‍යවතුන් වහන්සේ එදා ඒ විනය පැනවූයේ. මෙදා කොස්‌ ගසක්‌ කපන්නට යැමේ සිද්ධියෙන් භික්‍ෂුවක්‌ අපවත් කර මහා ගින්දරක්‌ සමග ගැටුණු තිදෙනෙක්‌ අපායට පාර කපාගත්හ. 

අනේ නන්දසිරි හිමියන්, තුන් සිව්රත් පාත්‍රයත් පමණක්‌ සන්තකය කරගනිමින් භික්‍ෂුව යනු ගින්දරයක්‌ය ආදී ලෙසින් බුදුන් වදාළ දහමින් පමණක්‌ ශාසනයට යුතුකම් ඉටුකළේ නම් අදටත් ජීවතුන් අතරය. ගුණරත්න සැබෑම ගුණවන්ත උපාසකයෙක්‌ ලෙසින් සිටීමටද තිබුණි.

නමුත් අද භික්‍ෂුව ඝාතනය කළ ඒ පාපතරයන්ගේ ඇඳිවත හැරුණු විට සෙසු සබ්බ සකල මනාවම කෝපාවිෂ්ට වූ ගම්වැසියන් විසින් ගිනිබත් කර අළු පමණක්‌ ඉතිරිව ඇත. නන්දසිරි හිමියන්ද මේ වන විට පොළොවට පස්‌වන හෝ අළුව ඇති දේහයකි. ඉතිරි වූයේ කුමක්‌ද? මේ පුන් පොහෝදා ඔබම සිතන්න.


මැරයන්ගෙන් ගුටි කෑ හිමියෝ අපවත් වෙයි - ප්‍රදේශවාසීහු මැරයන්ගේ ගෙවල් ගිනි තියයි
 
Related Posts with Thumbnails