Ads 468x60px

.

ඔබේ වාහනයටත් කවදාවත් හුළං බහින්නේ නැති ටයර් එකක් දාගන්න


වර්තමානයේ ටයර් නිෂ්පාදන ආයතන තමන්ගේ නිෂ්පාදන නවතම තාක්ෂණයට ගැලපෙන ආකාරයට සැකසීමට සැරෙන ආකාරයක් දක්නා ලැබෙනවා. මින් පෙර ඔබේ වාහනයේ ඇති ටයරයේ හුළං පුමාණය අඩු වීම ඩෑෂ්බෝඩ් එකෙහි ඇති විදුලි බුබුලක් මගින් පෙන්වීම සිදු කළද දැන් තාක්ෂණය ඊට වඩා දියුණු වී තිබෙනවා.

ටයර් ලෝකයේ නමක් දිනා ඇති ගුඩ්ඉයර් නම් ආයතන එම තාක්ෂණ්‍ය හඳුන්වාදී තිබෙනවා. මින් පෙර ඩෑෂ්බෝඩය මගින් පෙන්වූ ටයරයේ හුලං අඩුබව දැනගත් පසු හුලං ගැසීම සිදු කළද අනාගතයේදී වෙළෙඳ පොළට පැමිණෙන ටයර් මගින් ටයරයට අවශ්‍ය ප්‍රමාණයට හුළං ස්වයංක්‍රීයව

නැවත පිරවීමක් සිදු කරන තාක්ෂණයක් හඳුන්වාදීමට ඔවුන් සූදානම් වනවා. එම තාක්ෂණයත් සමගින් නැවත ටයරයට සුළං ගැසීමට ඔබට අවශ්‍ය නොවනු ඇත. 

මෙම තාක්ෂණය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එළැඹෙන මාස 18ක කාලය තුළ මෙය ඉතාමත් දියුණු තත්ත්වයකට ගෙ ඒමට ගුඩ්ඉයර් සමාගම පියවර ගනිමින් සිටිනවා. වර්තමානයේ ව්‍යාපාරික වාහනවලට පමණක් මේ තාක්ෂණ්‍ය යොදා ගනිමින් පර්යේෂණ සිදු කරන අතර මෙය සාර්ථක කර ගැනීමෙන් පසුව සියලුම වාහන ‍සඳහා යොදා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වනවා. 

AMT System (Air Maintenance Technology)ලෙසින් මෙම නව තාක්ෂණය ගුඩ්ඉයර් සමාගම විසින් හඳුන්වනු ලබනවා.
 
Related Posts with Thumbnails