Ads 468x60px

.

ITN එකේදී පවිත‍්‍රාගේ කටට මැස්සෝ වහපු හැටි (වීඩියෝ)


පසුගියදා ස්වාධීන රූපවාහිනි සේවය මඟින් උදෑසන 7 ට විකාශය කරන 7 වැනි පැය වැඩසටහනට විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත‍්‍රා වන්නි ආරච්චි මහත්මිය සහභාගි වුනා. එහිදී සිදුවන විශේෂ සිදුවීම නම් එම සජීවි වැඩසටහන අතරතුර ස්වාධීන රූපවාහිනියේ මැදිරිය තුළට ආ මැස්සෙක් දිගින් දිගටම ඇමතිවරියට බාධා කිරීමයි.

වරෙක මුහුනේ ඇතිල්ලෙමින්, තවත් වරෙක මුව තුළට යන්නට අර අදිමින් මෙම කරදරකාරී මැස්සා ඇමතිතුමියගේ හරවත් කතාවට නොයෙකුත් බාධා එල්ල කලා. වැඩසටහන අතරතුර ඇමතිවරිය අතින්
මැස්සා එලවන්නට හදමින් එයද පල රහිත වූ තැන ඇමතිවරිය පොතකින් ද මැස්සාට පහර දුන්නා. 

පසුව බැරිම තැන ඇමතිවරිය නිවේදකයාට තම කරදරය අසරණවූ සිනාමුසු මුහුණෙන් පැවසුවේ “මැස්සෙක්” කියාය.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්.

 
Related Posts with Thumbnails