Ads 468x60px

.

මහින්ද හාමුදුරුවො තිස්ස තිස්ස කියලා කථා කළා.. දුනු ඊතල අත් ඇරල තිස්ස වැඳ වැටුණා..- දයාසිරි


ඊයේ කුරුණෑගල පැවති රැස්වීමකදී දයාසිරි ජයසේකර මහඇමතිවරයා එජාපයේ තිස්ස අත්තනායක රජයට එක්වූ ආකාරය උපමා කළේ මිහිඳු (මහින්ද) මහරහතන් වහන්සේ දේවානම් පිය (තිස්ස) සොයා ලංකාවට වැඩම කළ අවස්ථාවටයි.

ඔහු ඒ ගැන ප්‍රකාශ කළේ පහත පරිදිය.

මහින්දාගමනයේදී මිහිඳු මහරහතන් වහන්සේ එනවා. ඇවිල්ලා පර්වතයට නැගල හොයනව... කථා කරනවා කෝ තිස්ස තිස්ස තිස්ස කියලා.. තිස්ස දුනුහී ඇදල ආපහු තියල මහින්ද මහරහතන් වහන්සේට වඳිනවා..අනේ මහින්දාගමනයේ තුන්වෙනි අදියර වෙනකොට තිස්සත් අපිත් එක්ක..

ජනාධිපතිතුමා හොය හොය හිටියේ කෝ තිස්ස තිස්ස තිස්ස කිය කිය හොය හොය හිටියා. මෙන්න තිස්ස අත්තනායක මැතිතුමා කෙලින්ම දුනු හැරපියා අතිගරු ජනාධිපතිතුමා එක්ක එකතු වුණා. අපේ සැලූන් දොර

ඇරල ජනාධිපතිතුමා ටක් ටක් ගාල කට්ටිය ඇතුළට ගන්නවා හෙට අනිද්දා වෙනකොට...

එහි දෙරණ වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails