Ads 468x60px

.

මීගමුවේ පාසල් සිසුවියට නිරුවත් අසභ්‍ය දර්ශන සහිත "පෙන්ඩ්‍රයිව්" එකක්‌ තෑගි කළ ගුරා


අපයෝජනය කල නිරුවත් පින්තුර 
ඉන්ටනෙට් එකටත් දාලා

මිශ්‍ර ජාතික පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යාවක්‌ ලිංගික අපයෝජනයට ලක්‌කර පසුව ඇයට නිරුවත් අසභ්‍ය දර්ශන සහිත "පෙන්ඩ්‍රයිව්" එකක්‌ තෑගි කළ බව කියන එම විදුහලේ ඉංග්‍රීසි විෂය භාර ගුරුවරයෙකු පිලිබඳ පුවතක් මීගමුව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම  ගුරුවරයා අකරංගහ බඩල්ගම පදිංචි නමින් බලදරගේ උපුල් නිශාන්ත නැමැති අයෙක් බවයි. මොහු තිදරු පියෙකි. 


මොහුගේ ලිංගික අපයෝජනයට ලක්‌ව ඇත්තේ කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක් වන අතර මෙම ඉංග්‍රීසි ගුරුවරයා එම ශිෂ්‍යාවට ඉංග්‍රීසි කියාදීම සඳහා ඇගේ නිවසට ගොස්‌ ඇගේ නිවසේදී දීර්ඝ කාලයක්‌
ලිංගික අපයෝජනයට ලක්‌කර ඇත.

පසුව ඇය මීගමුවේ ප්‍රධාන මිශ්‍ර ජාතික පාසලේ 10 වසර පංතියේ ඉගෙනුම ලබද්දී එම විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයා අතින් තමා වසර තුනකට ඉහතදී ලිංගික අපචාරයට ලක්‌වූ අයුරු විදුහලේ විද්‍යා ගුරුවරයාට පවසා ඇත.


ඉන් අනතුරුව නඩු වාර්තාවේ සඳහන් පරිදි එම විද්‍යා ගුරුවරයා වන ඉපලෝගම නව ජයගඟ පාරේ පදිංචි සංජීව රුවන් ප්‍රේමරත්න නමැති 25 හැවිරිදි අවිවාහක ගුරුවරයාත් එම ශිෂ්‍යාව දූෂණය කර දීර්ඝ ලෙස ලිංගික ක්‍රියාවන්ට ලක්‌කර පසුව ඇයට උපත් පාලන පෙති බීමට යොමු කළ බවද නඩුවේ පැමිණිල්ලේ සඳහන් වේ.

එතැනින්ද නොනැවතුන සංජීව රුවන් ප්‍රේමරත්න නමැති ගුරුවරයා එම ශිෂ්‍යාවගේ නිරුවත් ඡායාරූප ගෙන අන්තර් ජාලයට මුදා හැරී බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙම ගුරුවරයා ද දෙසැම්බර් මස 11 වෙනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.

අන්තර් ජාලයේ ශිෂ්‍යාවගේ නිරුවත් ඡායාරූප තිබීම පිළිබඳව දැන ගන්නට ලැබී එම විදුහලේ විදුහල්පතිවරයා මේ පිළිබඳව විමසීමේදී සියලු තතු හෙළිදරව්වී ඇත. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජනක විකුම් තිලක මහතා සැකකරු නොකළ වරදකට පටලවා ඇතැයි පවසා ඇප ඉල්ලා සිටියත් එම ඉල්ලීම අධිකරණය ප්‍රතික්‍ෂේප කරන ලදී.
 
Related Posts with Thumbnails