Ads 468x60px

.

ඡන්දයක්‌ කට මුලටම පැමිණ තිබෙන අවස්‌ථාවක කරන ගොන් වැඩ


රියෑදුරු බලපත්‍රයක්‌ නැතිව, බීමතින් යතුරුපැදියක්‌ පැදවූ සමෘද්ධි සංවර්ධන නිලධාරියකු අත්අඩංගුවට ගත් ඇල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති ජී. ඩී. එස්‌. විදානගේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඇල්පිටියේ පොලිස්‌ අධිකාරි කාර්යාලයට මාරුකර යවා තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

වාර්තා වන අන්දමට ඔහු හොඳින් රාජකාරි කළ නිලධාරියකු බවත් මෙය දඬුවම් මාරුවක්‌ බවත් දැනගන්නට තිබෙනවා. සමෘද්ධි නිලධාරියා පෙර කී නාඩගම නටා ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ නොවැම්බර් 20 වැනිදායි. 

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු ජනාධිපතිතුමාගේ රූපය සහිත ටී ෂර්ට්‌ එකක්‌ ඇඳගත් ඔහු වෙරිමරගාතේ ඇල්පිටිය නගරයට පැමිණ
රතිඤ් පත්තු කරමින් පිස්‌සුවක්‌ කෙළින්නට පටන්ගෙන තිබෙනවා.

ඉන්පසු සමෘද්ධි නිලධාරීන්ට පසුගියදා රජයෙන් දුන් යතුරුපැදියක නැඟී අනතුරුදායක ලෙස නගරය හරහා ගොස්‌ තිබෙනවා. රතිඤ් පත්තු කර තිබෙනවා. ඔහුගේ යතුරුපැදිය ලියාපදිංචි කර නැති කිරි - කිරි ටොයියකු බඳු අලුත්ම භාණ්‌ඩයකි. මේ අනුව ඔහු පහත සඳහන් වැරදි කර ඇති බව පැහැදිලිය. එනම්,

1. රාජ්‍ය නායකයා වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ රූපය සහිත ටී ෂර්ට්‌ එකක්‌ ඇඳගෙන පිස්‌සු කෙළීමෙන් එතුමාට අනියම් අපහාසයක්‌ කිරීම.

2. බීමතින් ප්‍රසිද්ධ ස්‌ථානයක හැසිරීම.

3. ජනතාවට අපහසුවක්‌ වන ආකාරයෙන් හැසිරී අනර්ථයක්‌ කිරීම.

4. ලියාපදිංචි නොකළ මෝටර් සයිකලයක්‌ පදවාගෙන ගොස්‌ මෝටර් රථවාහන ආඥ පනත උල්ලංඝනය කිරීම.

මේ කසිප්පුකාරයාට නීත්‍යානුකූල දඬුවම් මෙන්ම නීතියට අනුකූල නොවන මතක හිටින දඬුවම්, දිය හැකි ය. එසේ මතක හිටින දඬුවමක්‌ වන්නේ ඔහු මේස ලාච්චුවකට දමා මේසයට පහර දීම ය. එහෙත් ඇල්පිටියේ අපරාධ ඕ. අයි. සී. ඔහු ලාච්චුවට නොදමා කූඩුවට දමා තිබේ.


කූඩුවෙන් එළියට ගිය සමෘද්ධි නිලධාරියා ගාල්ලේ බලගතු දේශපාලනඥයකු හමු වී මේ සිද්ධිය ගැන පැමිණිලි කර තිබේ. (ඒ දේශපාලනඥයා චන්දිම වීරක්‌කොඩි නොවේ.) ඕ. අයි. සී. ට ටිකට්‌ එක ලැබෙන්නේ ඉන් පසුව ය. මේ නිසා අදාළ මාරුව පිටුපස පෙර කී දේශපාලන බලවතා සිටින බව පැහැදිලි ය.

ඡන්දයක්‌ කට මුලටම පැමිණ තිබෙන අවස්‌ථාවක මෙබඳු ගොන් වැඩ කළ යුතු නැත. සිද්ධියට අදාළ කසිප්පුකාරයා ජනාධිපතිතුමාගේ පින්තූරය සහිත ටී ෂර්ට්‌ එකත් ඇඳගෙන හන්දියක්‌ මැද්දේ පිස්‌සු කෙළින විට බලා සිටින එකා අත්‍යන්තයෙන්ම හෙවත් ඉන්තේරුවෙන්ම කල්පනා කරන්නේ ඔහු සන්ධානයේ ආධාරකාරයකු ලෙස ය. 


ඊළඟ පියවර වශයෙන් ඕ. අයි. සී. මාරු කළ විට මේ ආරංචියට තටු ලැබෙන්නේ ය. පසුව දකුණු පළාත පුරා පියාඹන්නට පටන් ගන්නේ ය. අනතුරුව දේශපාලන වේදිකා මත දේශනා වන්නට පටන් ගන්නේ ය. ශ්‍රී ලංකාවේ සර්වජන ඡන්දය යනු 10% ක පමණ කටකතා මත පදනම් වූ බලවේගයකි. මේ සියයට දහය, සියයට විස්‌ස වන අවස්‌ථා ද තිබේ.

සියයට සියයම වන අවස්‌ථා ද තිබේ. ඇල්පිටියේ සිද්ධියේ වගකීම ආණ්‌ඩුවට නැතත් අදාළ දේශපාලන බලවතාට තිබේ. ඔහු අත්තනෝමතික ලෙස කළ ඇඟිලිගැසීම නිසා ඇල්පිටියේ ක්‍රයිම් ඕ. අයි. සී. ට ද වීරත්වයක්‌ ලැබී තිබේ. 

රතිඤ් තිබිය යුත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශ කළ විට පත්තු කිරීමට නොවේ. ඡන්ද ප්‍රතිඵල එන විට පත්තු කිරීමට ය.
 
Related Posts with Thumbnails