Ads 468x60px

.

අතුරු අයවැය 2015 - අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩුවේ


අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන මිල ගණන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් නොව 13 ක් සඳහා බලපැවැත්වෙන අතර පැවති දැරිය නොහැකි ජීවන වියදම සමනය කිරීම සඳහා අතුරු අයවැයේදී අඩුකරන දේවල් ගැන ඇමතිවරයා කියා සිටියේ මෙලෙසින්. 
 
සීනි මිල රුපියල් 10 කින් අඩුවේ.
කිරිපිටි ග්‍රැම් 400 උපරිම සිල්ලර මිල රුපියල් 325 වනු ඇත.
සස්ටජන් කිරිපිටි ග්‍රැම් 400  රුපියල් 100 කින් අඩුවේ.
තිරිගු පිටි කිලෝග්‍රෑමය රුපියල් 12.50 කින් අඩුවේ.
පාන් මිල රුපියල් 6 කින් අඩුවේ.

මුං ඇට කිලෝව රුපියල් 40 කින් අඩුවේ
හාල්මැස්සන් කිලෝව රුපියල් 15 කින් අඩුවේ
ටින් මාළු රුපියල් 60 කින් අඩුවේ
කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවේ
උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් අඩුවේ.
උඳු කිලෝව රුපියල් 60 කින් පහළට
කහ කිලෝව රුපියල් 100 කින් අඩුවේ
වියළි මිරිස් කිලෝව රුපියල් 25කින් අඩුවේ

ඉන්ධන මිලට සංශෝධන
දැනට ඩීසල් 95 පෙට්‍රල් 117 භූමිතෙල් 65 ලෙස අඩුකර ඇත.
භූමිතෙල් මිල තවත් රුපියල් 6 කින් එනම් රුපියල් 59 තෙක් අඩුවනු

ඇත. ගෑස් මිල රුපියල් 300 කින් අද රාත්‍රියේ සිට අඩුවේ.

විදුලි ගාස්තු අඩුවීම
ලෝක වෙළෙඳපොලේ ඛණිජ තෙල් මිල අඩුවීමට සාපෙක්ෂව තෙල් මිල අඩුවීමත් සමග ඉදිරියේදී මිල සූත්‍රයක් අනුව විදුලි ගාස්තු අඩුවනු ඇති බවත් රජයේ ආයතන වලට සූර්ය බලය හඳුන්වාදී මිල අඩුකරන බවත් කියා සිටියා.

බස්ගාස්තු අඩුවීම
දැනට සාකච්ඡා කර ඇති පරිදි සියයට 10 කින් බස් ගාස්තුත් සියයට 5 කින් වෑන් ගාස්තුත් අඩු කරන ඇත.


------------------වැටුප් වැඩිවීම-------------

අද පාර්ලිමේන්තුවේදී අතුරු අය වැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද සවස 1.30 ට පමණ අය වැය කතාව ආරම්භ කළේය.රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන ඔහු එහිදී ප්‍රකාශ කළ ආකාරය මෙසේය.

දින 100 විප්ලවකාරී වැටුප් වැඩිවීම මගින් මාසික වැටුප 10000 කින් වැඩිකර ඉන් 5000 ක් 2015 පෙබරවාරියේ සිටත් ඉතිරි 5000 2015 ජුනි මස සිටත් ලබාදෙන බවත් පොරොන්දු වනවා. 


මේ අනුව රජයේ සේවකයින්ගේ නාමික වැටුප 2014 ට සාපේක්ෂව 2015 දී සියයට 47 කින් වැඩිවනු ඇත. මූර්ත වැටුපේ වර්ධනයද සියයට 40 කින් වැඩිවී ඇත. මෙය රජයේ සේවකයින්ට ලබාදුන් විශාලතම වැඩිවීම වනු ඇත.

පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම ගැන සේවක වැටුප අවම වශයෙන් රුපියල් 2500 කින් වැඩිකරන්නට සලකා බලන ලෙසද ඇමතිවරයා ඉල්ලා සිටියා.

විශ්‍රාම වැටුප් දීමනාව ලබන අප්‍රේල් මස සිට රුපියල් 1000 කින් වැඩි කරන්නටද ඔහු යෝජනා කළා. ජ්‍යොෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන් රුපියල් මිලියනය දක්වා තැන්පතු සඳහා සියයට 15 ක පොලියක්ද ඔහු යෝජනා කර ඇත.

---------------අනෙකුත් යෝජනා--------------

මහපොළ දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කෙරේ 


ක්‍රීඩා සඳහා පමණක් වෙන්වූ නාලිකා වලින් රුපියල් මිලියන 1000 බද්දක් 

සැටලයිට් රූපවාහිනී හිමිකරුවන් සඳහා මිලියන 1000 ක බද්දක් 

ජංගම දුරකතන සමාගම් සඳහා එක්වරක් පමණක් රුපියල් මිලියන 250ක බද්දක්

සුරාසල් හිමියන්ගෙන් එක් වරක් ගෙවිය යුතු 250,000 ක බද්දක්


ආබාධිත රණ විරුවන්ටරුපියල් 500000 දක්වා ණයක්


විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් සඳහා ආධාර


වාහන ආනයන කරුවන්ගෙන් මිලියන1.5ක වාර්ෂික බද්ධක්


අබලන් වාහන විකිනීමෙන් රුපියල් මිලියන 1000 ක ආදායමක් ලබන්නට යෝජිතයි


ජංගම දුරකතන සඳහා රීලෝඩ් කිරීමේදී අයකළ 25% බද්ද ඉවත්කෙරේ


විවාහ ලියාපදිංචි ගාස්තුව 5000 සිට 1000 තෙක් අඩුවේ


තැබෑරුම් සහ මත්පැන් අළෙවි සල් වලට රුපියල් 205000 බද්දක්


මත්පැන් බලපත්‍ර ගාස්තු 100% ඉහළට


කැසිනෝ හිමියන්ගෙන් රුපියල් මිලියන 1000 විශේෂ බද්දක්


සිමෙන්ති මිල රුපියල් 90 න් පහළට


යතුරු පැදි ත්‍රිරෝද රථ නිෂ්පාදනය සහ එකලස් කරන්නන්ට බදු සහන
දේශීය වාහන එකලස් කරන සමාගම් පැහැර හැරි බදු අයකිරීමට කටයුතු කරනු ලැබේ මින් රුපියල් කෝටි 12000 ආදායමක් අපේක්ෂා කෙරේ


හයිබි්‍රඩ් මෝටර් රථ වල බදු අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරනු ඇත


එන්ජින් ධාරිතාව 1000 අඩු වාහන සඳහා 15% බදු සහනයක්


සුපිරි වාසි බද්ද - මිලියන 2000 ට වඩා ලාභ ලබන ආයතන වලින් 25% ක බද්දක්


උපයන විට ගෙවීමේ බද්ද අයකිරීමේ සීමාව රුපියල් 750000 දක්වා ඉහළට


දුෂ්කර ප්‍රදේශ සඳහා ආදායම් බදු සහන
විදෙස් ගත වන්නන් ගෙනයන මුදලින් 20% බද්දක්
මන්දිර බදු - මිලියන 100 ක් හෝ ඊට අධික වටිනාකමක් වැඩි වටිනාකමක් ඇති නිවාස වලින් වර්ෂයකට රුපියල් මිලියනයක බද්දක්
ලක්ෂ 2ට අඩු රන් භාණ්ඩ උකස් පොළිය කපා හැරේ
 
Related Posts with Thumbnails