Ads 468x60px

.

කලකට පසු පක්‍ෂ භේදයක්‌ නොබලා රතිඤ්ඤා පත්තු කර සහයෝගය දැක්‌වූ එකම අය වැය


සාමාන්‍යයෙන් අය වැය කතාවක්‌ මගින් බඩු මිල අඩු කරන විට රතිඤ්ඤා පත්තු කරන්නේ ආණ්‌ඩු පක්‍ෂයේ ආධාරකාරයන් පමණි. සාමාන්‍ය ජනයා ට රතිඤ්ඤා ගැනීමට මුදල් නැති අතර විපක්‍ෂයේ ආධාර කරුවන්ට පරාජයේ ශෝක වේදනාව නිසා සිතෙන්නරතිඤ්ඤා පත්තු කිරීමට නොව ආණ්‌ඩුවට බෝම්බ ගැසීමට ය. 

එසේ තිබියදී මේ රටේ ජනයා, බොහෝ කලකට පසු පක්‍ෂ භේදයක්‌ නොබලා රතිඤ්ඤා පත්තු කර සහයෝගය දැක්‌වූ අය වැය වූ කලී ඊයේ
(29) සවස රවි කරුණානායක ඉදිරිපත් කළ අය වැය ලේඛනය විය යුතු ය. එය ගත සහ හිත යන දෙකටම දැනුන අය වැයකි. 

මේ අය වැයෙන් දුන් සහන මගින් ආණ්‌ඩුවට රුපියල් බිලියන කිහිපයක්‌ ම අවුරුදු පතා අහිමි වන බව අපි දනිමු. අහිමි වන ආදායම් වෙනත් මාර්ග වලින් උපයා ගෙන පාඩුව කවර් කර ජනතාවගේ සාගින්දර නිවීම තම යුතුකම සහ වගකීම බව මේ මෛත්‍රී - රනිල් ආණ්‌ඩුව මගින් පිළිගනු ලැබ ඇති බව පෙනෙයි.

අය වැය ලේඛනයෙන් මිල අඩු කරන ලද පාරිභෝගික ද්‍රව්‍ය 13 ක්‌ පමණ තිබුණත් ඒවා අතරින් වැදගත්ම භාණ්‌ඩ වන්නේ කිරිපිටි, ගෑස්‌, සීනි සහ භූමිතෙල් ය. කවුරු කොහොම කිව්වත් කිරිපිටි යනු මේ රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකි. 

කිරි යනු ආමාශයට හොඳ නැති ආහාරයක්‌ බවට මතයක්‌ තිබේ. කිරිවල අඩංගු ලැක්‌ටික්‌ අම්ලය මගින් උදරය වණ කරන බවට පිළිගැනීමක්‌ තිබේ. ඊට අමතරව ළමා වියෙන් පසුත් කිරි පරිභෝජනය කරන එකම ක්‍ෂීරපායි සතා මනුෂ්‍යයා බව ද කියනු ලැබේ. 

එසේම කිරිපිටි යනු බහුජාතික සමාගම් විසින් ලංකාවට පුරුදු කරන ලද තඹ සල්ලියක ප්‍රයෝජනයක්‌ නැති ආහාරයක්‌ බව ද කියනු ලැබේ. මේ කොයි එක කීවද කිsරිපිටි යනු අත්‍යවශ්‍ය ආහාරයකි. කිරිපිටි මිල ඉහළ දමමින් එයට පවතින ඉල්ලුම අඩු කර එතැනට දියර කිරි ආදේශ කිරීමේ අදහසක්‌ පසුගිය ආණ්‌ඩුවට තිබිණි. 

එය යම් තරමකින් හෝ ක්‍රියාත්මක කිරීම ද සිදු විය. එහෙත් කිරිපිටි වෙනුවට දියරකිරි පාවිච්චියට මිනිසුන් යොමු වූයේ කිරිපිටි මිල වැඩි කළ ආණ්‌ඩුවලට හෙණ ඉල්ලමිනි. ලංකාවට දියර කිරි හරියන්නේ ම නැත.

ඝර්ම කලාපික රටක්‌ වූ මෙහි ජනයාගෙන් වැඩි දෙනාට දියර කිරි පානය කළ විට බඩ බුරුල් වෙයි. (එහෙත් පුදුමය, ඉන්දියාවේ ජනයාට එවැනි අවුලක්‌ නැත.·) උදේට කෑම නොකා ගෙදරින් දුවන පාසල් දරුවාට කිරි පිටි වීදුරුවක්‌ දිය හැකිනම් බඩ නරක්‌ නොකර පෝෂණයක්‌ ලබා දිය හැකි ය. ඒ නිසා මෛත්‍රී - රනිල් ආණ්‌ඩුව කිරිපිටි මිල අඩු කර ලොකු දෙයක්‌ කර ඇත.

නාගරිකයෙහි සිටින ජනයාට වැඩක්‌ නැති වුණාට භූමිතෙල් යනු මේ රටේ දුප්පත් ජනයාට අත්‍යවශ්‍ය දෙයකි. සමස්‌ත වතුකරයේම ඉන්ධනය භූමිතෙල් ය. දවසේ බෝට්‌ටු නමැති ධීවර බෝට්‌ටු ක්‍රියාකරන්නේ භූමිතෙල්වලිනි. 


තවමත් දුර ගම්වල රැය ආලෝකවත් කරන්නේ භූමිතෙල් ලාම්පුව විසින් ය. නාගරිකයට ගෑස්‌ අත්‍යවශ්‍ය ය. තට්‌ටු නිවාස ජීවිතයට සහ අඩු ආදායම් ලබන ජනයා ජීවත්වන නිවාස උණුසුම් වන්නේ ගෑස්‌ වලිනි. සීනි කිලෝවක මිල අඩු වන්නේ රුපියල් 10 කින් බව ඇත්ත. 

ඒත් දුප්පත් මිනිහාට එයත් ලොකු දෙයකි. වියළි මිරිස්‌ සහ මුං ඇට මිල අඩු කිරීම කුස්‌සියේ බර සැහැල්ලු කරයි. පරිප්පු මිලත් අඩු වූයේ නම් එය කොයි තරම් අගනේද? එහෙත් සියලු දේ එක රැයින් කළ නො හැක. ඉදිරියේදී තවත් මෙවැනි මිල අඩුකිරීමක්‌ ලැබේවා!

 
Related Posts with Thumbnails