Ads 468x60px

.

මහින්ද රාජපක්ෂගේ සුරතේ රැඳුණු බොහෝ දෙනකු හඳුනා නොගත් දිලිසෙන වස්තුවේ කතාව මෙන්න.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතේ දක්නට ලැබුණු දිලිසෙන ලෝහමය වස්තුවක් පිළිබඳව පසුගිය කාලයේ බොහෝ දෙනකු ගේ කතාබහට ලක්වුණා. දේශපාලන රැස්වීම් අමතන විට පවා එතුමන් මෙය සුරතේ තබාගෙන සිටි අයුරු බොහෝ දෙනෙක් දකින්නට ඇති.

බොහෝ දෙනෙක් මෙය හැඳින්වූයේ මහජනතාව වශී කර ගැනීමට හා ඔවුන් ආකර්ෂණය කරගන්න හැකියාවක් ලැබෙන බලගතු යන්තරයක් වශයෙනුයි. එතුමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මෙය හඳුන්වා තිබුණේ ‘වශී බෝලය’ කියලයි. අනුර කුමාර දිසානායක මහත්ත යත් පසුගිය කාලයේ මේ ගැන විවේචනාත්මකව කතා කළා. 

එක් එක් අය මොනවා කීවත් ඒක ගැන අපිම හොයා බලා විස්තරයක් දැනගන්න එක හැම අතින්ම හොඳයි කියලා හිතුණා. එහෙම හොයන කොට තමයි මේ විස්තරේ හොයාගන්න ලැබුණේ.

මේකට කියන්නේ වජ්‍රය කියලා


මේ අතේ තියාගෙන ඉන්න. අමුතු උපකරණයට කියන්නේ ‘වජ්‍ර’ කියලා. වජ්‍ර කියන්නේ සංස්කෘත භාෂාවේ වචනයක්. එහි ‘අකුණ’ වගේම ‘දියමන්ති’ කියන අරුතින් පළ වෙනවා ඒ අදහස් සැලකිල්ලට ගත්තොත් එයින් කියැවෙන්නේ කිසිම දෙයකට නවත්වන්න බැරි බලවේගයක්

කියන එක. 

අහුවෙන ඕන දෙයක් විනාශ කරගෙන යන්න අකුණට පුළුවන්. දියමන්ති කියන්නේ ලෝකයේ තියෙන ශක්තිමත්ම පාෂාණයක්. වීදුරු වගේ දේවල් කැපීමටත් දියමන්ති යොදාගන්නා බව රහසක් නොවෙයි. 

දියමන්ති කිසිම දෙයකින් විනාශ වෙන්නේ නැහැ කියලයි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට ‘වජ්‍ර’ කියන්නේ කිසිම බල වේගයකින් නවතන්න බැරි වස්තුවක සහ කිසිම වස්තුවකට නවත්වන්න බැරි බලවේග එකතුවක්. එහෙමත් නැත්නම් එවැනි අපූරු බලයක් සහිත ආයුධයක් හෝ ආයුධයක් සංකේතවත් කරන යම්කිසි වස්තුවක්. 

භෞතික විද්‍යාවට අනුව නම් ලෝකයේ එවැනි බලවේග දෙකක් එක වර පවතින්නට ඉඩක් නැහැ. ඒත් වජ්‍ර කියන්නේ භෞතික විද්‍යාවට වඩා එහාට ගිය දෙයක් කියන එක මේ ලිපිය ඉදිරියට කියවාගෙන යනකොට වැටහෙයි.

වජ්‍රය ආගමික සංකේතයක්ද ?

 
වජ්‍රය මුගුරක් ලෙසින්ද විස්තර කෙරෙනවා. මේ මුගුරේ හිස අනිවාර්ය යෙන්ම නාරටි ආකාරයේ කොටස්වලින් යුක්ත වන බව දැක්වෙනවා. මේ නාරටි කෙළවර වන්නේ ගෝලාකාර මුදුනකින්. එසේත් නැත්නම් මේවා මුදුනින් එක් නොවී උල් ආකාරයෙන් පවතින්නටත් පුළුවන්. 


බුදුදහම. ෙජෙන ආගම සහ හින්දු දහමේ ආධ්‍යාත්මය දැඩි බව සහ ආධ්‍යාත්මික බලය සංකේතවත් කරන්නටත් මෙය යොදා ගැනෙනවා. වජ්‍රය සංකේතයක් ලෙස භාවිත කිරීම ඉන්දියාවේ සිට ආසියාවේ අනෙකුත් කලාපවලට පැතිර ගොස් තිබෙනවා. බුදු දහමේ පසුකාලීන ස්වරූපයක් වන වජ්‍රයානයේ සංකේතයත් මේ වජ්‍රයම තමයි.


වජ්‍රය ගැන මුලින්ම සඳහන් වෙන්නේ ග්වේදයේ. ග්වේදය කියන්නේ පුරාණ භාරතීය සිව් වේදයන්ගේ එකක්. එහි මෙය විස්තර කෙරෙන්නේ ග්වේදයේ එන දේව මණ්ඩලයේ ප්‍රධානියා වන ඉන්ද්‍ර දෙවිඳුන්ගේ ආයුධය හැටියටයි. 


ඔහු මෙයින් පව්කාරයන්ව සහ අඥානයින්ව මරා දැමූ බව සඳහන් වෙනවා. ග්වේදයේ සඳහන් වන්නේ දිව්‍ය මෙවලම් නිෂ්පාදනය කරන ‘ත්වත්සාර්’ විසින් මෙය නිර්මාණය කොට ඇති බවයි. 

එමෙන්ම සර්පයකුගේ වේසයෙන් සිටි ‘ව්රිතා’ නම් අසුරයා මරා දැමීමට ඉන්ද්‍ර දෙවියන් මෙය නිතර අතේ තබාගත් බවයි කියැවෙන්නේ. මේ මරා දැමීම යනුවෙන් සංකේතවත් වන්නේ අයුක්තිය නිසා යුක්තිය ඉස්මතු කිරීම බවත් අප අමතක කළ යුතු නැහැ. 

මේ නිසා ග්වේදයේ සඳහන් ඉන්ද්‍ර දෙවියන් ‘වජ්‍රහීත්’ (වජ්‍රය දරන්නා), ‘වජි්‍රවාත් හෙවත් වජි්‍රන්’ (වජ්‍රයෙන් සන්නද්ධව) ‘වජ්‍ර දකුණතින් ගත්) සහ ‘වජ්‍රබාහු’ හෙවත් ‘වජ්‍රාෂ්ට්‍ර’ (සිය අතෙහි වජ්‍රය දරා සිටීම) යන සමාන පදවලින් හඳුන්වනු ලබනවා. 

ඉන්ද්‍ර දෙවියන් සම්බන්ධ කතාව පසුකාලයේදී තරමක් වෙනස් වී ‘පුරාණ’ සාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේද කොටස් බවට පත්ව තිබෙනවා. පස්වැනි සියවසේ ජීවත් වූ බුද්ධඝෝෂ හිමියන් ‘වජ්‍රපානි’ නම් බෝධි සත්වයන් වහන්සේ යනු ඉන්ද්‍ර දෙවියන්ම බැව් සඳහන් කොට තිබෙනවා. ඒ වගේම ථිෙරවාදී බෞද්ධ සාහිත්‍යයේ ශක්‍ර දේවෙන්ද්‍රයාගේ ආයුධය හැඳින්වෙන්නෙ වජ්‍රායුධයටයි.

වජ්‍රයාන බුදු දහමින් පැමිණි දෙයක්

 
බුදු දහමේ ශාඛා තුනක් පවතිනවා. ඒ තමයි හීනයානය හෙවත් අපේ රටේ ඇති ථෙරවාදය, මහායානය හා වජ්‍රයානය. වජ්‍රයාන යන්නෙහි අර්ථය වන්නේ ‘අකුණක ආකාරයෙන්’ යන්නයි. 


බුදුන් වහන්සේ නිර්වාණය අවබෝධකර ගැනීම අකුණක් තරම් ප්‍රබලව සිදුවූ බව අඟවන්නට මෙය යොදාගැනෙනවා. එමෙන්ම බුදු දහම දියමන්ති තරම් ශක්තිමත්, කිසිවකට විනාශ කළ නොහැකි යන අර්ථයත් මෙහි තිබෙනවා.

වජ්‍රයක හැටි කොහොමද ?

 
සාමාන්‍යයෙන් වජ්‍රය කොටස් කිහිපයකින් යුක්ත වෙනවා. එහි මැද ඇති ගෝලය වැනි කොටසින් ‘සුන්‍යාත’ හෙවත් විශ්වයේ ආදි කල්පික ස්වභාවය නිරූපණය වෙනවා. සියලු දෙයටම වඩා ඉහළින් පවතින ඒකාත්මික බවයි එයින් පැවසෙන්නේ. 


මෙම ගෝලයෙන් පෙති අටක නෙළුම් මල් දෙකක් මතුවෙනවා. එක් මලකින් බුදු දහමේ දැක්වෙන සංසාරයත්, අනෙක් මලින් නිර්වාණයත් දැක්වෙනවා. මෙයට අමතරව පුරුෂලිංගය ද වජ්‍රය මගින් සංකේතවත් වනවා. 

ඇතැම් හින්දු මතවලට අනුව ලිංග සංකේතයෙන් ජවය සහ ශක්තිය විදහා දැක්වෙනවා.  එමෙන්ම ඇතැම් ස්ථානවල මකරා නම් කල්පිත සත්වයා ද මෙයින් නිරූපණය කෙරෙනවා.  මකරා යනු විවිධ සත්ව ලක්ෂණවලින් යුතු සංකේතාත්මක සත්වයෙක්.

භාවිතය

 
ඉන්ද්‍ර දෙවියන් විසින් අසුරයකු මරා දමන්නට යොදාගන්නට ඇතැයි කියන වජ්‍රය නම් නිසැකවම විශාලත්වයෙන් වැඩි එකක් වුණත්, වර්තමානයේ භාවිතයට ඇති වජ්‍ර ඒ තරම් විශාල නැහැ. 


එහි ප්‍රමාණය ගැන විශේෂයෙන් සඳහන් නොකළ යුතු වන්නේ බොහෝ දෙනෙක් එය රූපවාහිනියේ දැක ඇති නිසයි. සාමාන්‍යයෙන් මෙය පිත්තලවලින් තනනු ලබනවා. නමුත් මුදල් යහමින් ඇත්නම් රන්, රිදී වැනි ලෝහවලින් ද තනනු ලබන අවස්ථා තිබෙනවා. 

මෙය දකුණු අතේ මහපටැඟිල්ලට හා දබරඟිල්ලට මැදිවන සේ තබාගත යුතු වෙනවා. අන්තර්ජාලය ඔස්සේ මෙම වජ්‍ර අලෙවි කරන ඒ අඩවියක දැක්වෙන පරිදි මෙහි වටිනාකම සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් 99.95 පමණ වනවා. රුපියල්වලින් නම් 13,180ක් පමණ. 

නමුත් මෙය තනනු ලබන ලෝහයට අනුව මෙම ගණන් වෙනස් විය හැකියි. ලෝකයේ ඇති ප්‍රබලතම බලවේග දෙකෙහි එකතුව මෙයින් සංකේතවත් වන බැවින් මෙය දරාගෙන සිටින්නාට සතුරන් ජයගෙන ජයග්‍රහණය කරා ගමන් කළ හැකි බව දැක්වෙනවා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙය සුරතේ දරාගෙන සිටියේත් එනිසාම වන්නට ඇති. 

පෙර රජවරුන් මෙය භාවිත කරලා

 
අප බොහෝ දෙනෙක් දැන සිටින්නේ මේ ‘වජ්‍රය’ සුරතේ දරාගෙන හිඳින ප්‍රථම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මහතා ලෙසයි. නමුත් දුටුගැමුණු රජතුමාද මෙවන් වජ්‍රයක් සුරත දරා සිටි බවක් සමහරුන් කියනවා. 


නමුත් ඒ බවට කිසිම ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකින් තහවුරු වන්නේ නැහැ. නමුත් ක්‍රි.ව. අට වන සියවසේ දී පමණ වජ්‍රයානිකයන් විසින් භාවිත කළ මෙවන් ලෝකඩ වජ්‍රයක් අනුරාධපුර අභයගිරි පුරාවිද්‍යා ස්ථානයෙන් හමුවී තිබෙනවා. 

එය දැනට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ දකින්න පුළුවන්. කෙසේ හෝ මේ වජ්‍රය බලයේ කාව්‍යාත්මක සංකේතයක් මිස මෙය මුල් කොට බලය පවත්වාගෙන යා නොහැකි බව අප කවුරුත් වටහා ගත යුතුයි. 

එමෙන්ම එය සුරතේ රැඳුණු පමණින් අෂ්ඨ ලෝක ධර්මයන් පිටු දැකීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.  එසේ හැකියාවක් තිබුණා නම් මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙවැනි පරාජයකට පත්වීමට ඉඩකුත් නැහැ.

නිරංජන් චාමින්ද කරුණාතිලක
 
Related Posts with Thumbnails