Ads 468x60px

.

අගවිනිසුරු මොහාන් ඉවත් කරයි - හිටියේ නීතියට පිටින් - යලි හිටපු අගවිනිසුරුවරිය පුටුවේ


අගවිනිසුරු මොහාන් පීරිස් නමැත්තා නීත්‍යාණුකූල ලෙස අගවිනිසුරු ධූරයට පත් කර නොමැති බැවින් අගවිනිසුරු ලෙස ඔහු ඉටු කරනු ලැබූ කාර්යයන්ගෙන් ඉවත් කර ඇති බවත් ඒ වෙනුවට හිටපු අගවිනිසුරු වරියට තම ධූරයේ කටයුතු කරගෙන යෑමට බාධාවක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දහවල් ලිපියක් මගින් දැනුම් දුන්නා.

ඉන්පසුව මීට මොහොතකට පෙර හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාර නායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරනයට පැමිණ වැඩ කටයුතු ආරම්භ කළා.

අගවිනිසුරු මොහාන් පීරිස් ඉල්ලා අස්වන තුරු නීතිඥයන් සිවිල් සංවිධාන පිරිස් වෘත්තීයවේදීන් 5000 කට ආසන්න පිරිසන් අද උදේ 8

සිට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂනයක් ආරම්භ කළා. එබැවින් මොහාන් පීරිස් අද අධිකරණයට පැමිණියේ නැත.

එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 යටතේ දෝෂාභියෝගයකින් පසුව අගවිනිසුරුවරිය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ යුතු වුවත් එවැනි යෝජනාවක් ගෙන එන්නේ නැතිව ඇය ඉවත් කර ඇති බවයි. 


ඒ අනුව එම ඉවත් කිරීම අනීතික වලංගු නොවන එකක් සේම මොහාන් පීරිස් මහතා පත් කිරීමද අනීතික වලංගු නොවන එකක් බවයි. 

ඊට අමතරව පැවැති ජනාධිපතිවරණයේදී අගවිනිසුරුවරයා එක් අපේක්ෂක යෙකුගේ නිවසේ ගත කළ බව ඔහු විසින්ම පිලිගෙන තිබෙනවා නම් එ් නිසාමද ඔහු අගවිනිසුරු ධූරයේ හෝ වෙනත් කිසිදු විනිසුරු ධූරයකට කටයුතු කිරීමට නුසුදුසු බවද  ඒ අනුව හිටපු අගවිනිසුරු වරියට යලි පැමිණ සේවය කිරීමට නීතිමය බාධාවක් නොමැති බවද වැලිඅමුණ මහතා පැවසීය.

පසුගිය දෝෂාභියෝග අවස්ථාවේදී දෝෂාභියෝග විභාගයේ තීන්දුව දීමෙන් පසු අගවිනිසුරුවරිය ඉවත් කළ යුතු යැයි අදාල යෝජනාව වෙනුවට පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබුනේ අගවිනිසුරුවරියට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු යැයි ඉදිරිපත් කළ පැරණි යෝජනාවමය.


මේ ගැටළුව එදිනම පාර්ලිමේන්තුවේදී ඡන්දය ගණන් ගැනීමෙන් පසු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකව සිටි ජෝන් අමරතුංග මතුකළ නමුත් එම අවස්ථාවේදී රාජපක්ෂ රෙජීමය එය ගණන් ගත්තේ නැත.

මොහාන් පීරිස් මෙම ධූරයට පත් කළ දා සිටම
අගවිනිසුරු ලෙස අප ඔහු හැඳින්වූයේ ඉහත කරුණු මත ඔහුගේ පත් වීම හොර පත්වීමක් නිසාය.

අපට වාර්තා වන්නේ අද දහවල් 1 පමණ වන විට හිටපු අගවිනිසුරුවරිය පැමිණ වැඩ කටයුතු ආරම්භ කළ අගවිනිසුරුවිරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සුළු කාලයක් අගවිනිසුරුධූරයේ කටයුතු කර ගෞරවාන්විත ආකාරයෙන් විශ්‍රාම යන බවයි. 


ඉන්පසුව අදාල ව්‍යවස්ථා සංශෝධන වලින් පසු ස්වාධීන අධිකරණ කොමිසම බලාත්මක කිරීම හරහා  නව අගවිනිසුරුවරයෙක් පත් කෙරෙන තුරු ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු වරයෙක් පත් කරනු ඇති අතර එවිට මේ වන විට යම් යම් ආකාරයට බේද භින්න වී ඇති අධිකරණ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් වනු ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවට මොහාන් පීරිස් අත් අඩංගුවට පත් වනු වැළැක්විය නොහැකිය.
 
Related Posts with Thumbnails