Ads 468x60px

.

ජීවිත අවදානමක් ගැන මෛත‍්‍රීගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)


ජීවිත පරිත්‍යාගයෙන් ආරම්භ කළ සටන කිසිසේත් අත් නොහරින බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පොළොන්නරුව බකමූණ නගරයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් ඒ මහතා කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළදී ජීවිත තර්ජන එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් ලැබී ඇති බවයි.

මම බොහෝම පැහැදිළිවම කියනවා... මේවා සෙල්ලමකට ගන්න එපා... අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ සටන කරන්නේ... ඉදිරි දින කිහිපය මගේත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේත්, සරත්
ෆොන්සේකා මහතාගේත් ජීවිත පිළිබඳ බරපතල අවදානමක් තිබෙනවා. 

අද අපේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා. අපිට වාර්තා වෙනවා ඉදිරි දින කිහිපය තුළ අපේ ජීවිත පරිස්සම් කර ගන්න කියලා. නමුත් අපි ජීවිත ආශාව අත්හැරලා මෙතැනට ඇවිත් තියෙන්නේ... නමුත් ජනතාව ඉදිරියේ මම කියනවා අපි ඒවාට මුහුණදීලා පස්සට යන්නේ නැහැ... මේ මැතිවරණ ව්‍යාපාරය අපි කරගෙන යනවා.

කිසියම් පාර්ශ්වයක් ප‍්‍රචණ්ඩත්වයෙන් මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට උත්සහා දරන්නේ නම් ඊට ජනතාව විසින් නිවැරදි තීන්දුවක් ලබාදෙනු ඇති බවද මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියා.

අපේ මළ කඳන් මතින් ප‍්‍රචණ්ඩත්වයෙන් දිනන්න ලැහැස්ති වෙනවා නම් ඒක කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපිව මරලා දාලා ජයග‍්‍රහණයක් ගන්න පුළුවන් නම් අපේ මරණය මතින් ඒක මේ රටේ ඉතිහාසයේ සටහන් වේවි... ඒක අදට විසඳෙන ප‍්‍රශ්නයක් නොවෙන්න පුළුවන්... ඒක අවුරුදු සියයකින් හරි විසඳේවි... අපි ඒ ප‍්‍රශ්නය ජනතාවට භාර කරනවා.

එම සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න...



ඉදිරි දින කිහිපයේදීත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වැඩි ආරක්ෂාවක් ලබාදෙන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය පොලිස්පතිවරයාගෙන් සහ හමුදාපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම්වලට එල්ල වන බාධා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි.

අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මෙරට පොලිස්පතිතුමාගෙන්. පොලිස්පතිතුමනි, මැතිවරණ රාජකාරීවලට යොදවා සිටින බලඇණි හැර ඔබට පුළුවන් නම් සියලූම පොලිස් බලඇණි මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ආරක්ෂාවට, එතුමාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදවන්න. 


යුද හමුදාපතිතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳව තිබෙන කාරණා ඇරෙන්නට බැරැුක්කවල හමුදා සෙබළුන් ඉන්නවා නම් හමුදා සේනාංකයක් දෙකක් වුණත් කමක් නැහැ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන්න. 

කවුරු වුණත් මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ වේදිකාවකට ගලක් ගහනවා නම්, කොඩි වැලක් කඩනවා නම්, කාර්යාලයක් ගිනිබත් කරනවා නම් පමණක් නෙවෙයි පෝස්ටරයක් ඉරනවා නම් කවුරුන් හරි... ඒ කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අගෞරවයක්.

විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කරුණු දැක්වූවා.

මේක මෙගා ටෙලි නාට්‍යයක්... මම මේක නමකුත් කිව්වා... ඇගේ වෛරය කියලා. මේ ඇගේ වෛරය මෙගා නාට්‍යයේ තව කොටස් තුනක් නැත්නම් හතරක් තමයි ඉතුරුවෙලා තියෙන්නේ. මේ පිටපත්වල එන්නේ මොකක්ද කියලා අපිට දැන් පේනවා. 


මේ පිටපත්වල එන්නේ මොකක්ද ජනතාවගේ අනුකම්පාව දිනාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ පෞරුෂය, විශ්වසනීයභාවය බිඳදැමීම සඳහා මොකටද එන්නේ, මොකක්ද කරන්න හදන ප‍්‍රවෘත්ති නිර්මාණය කියන එක අපිට රහසක් නෙවෙයි. 

ඔබටත් රහසක් වෙන්නත් බැහැ. මේ මෙගා ටෙලි නාට්‍යයේ ඊළග පිටපත් දිහා මෙරට ජනතාව අනිමිසලෝචනයෙන් බලාගෙන ඉන්නවා. අපි වගකීමෙන් කියනවා අපේ කඳවුරේ කවුරුන් හෝ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවකට සම්බන්ධ වුවහොත් අපි දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා.
 
Related Posts with Thumbnails