Ads 468x60px

.

ලුණුවිල රෝහලේ දන්ත වෛද්‍යවරිය හා ඇගේ සැමියාගේ ඝාතකයා මාඔයට පැන දිවි නසා ගනී


වෙන්නප්පුව, නයිනමඩම ලුණුවිල රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍යවරිය, ඇගේ සැමියා සහ දරු දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඝාතකයා වූ නිවසේ සේවය කළ මුරකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා රැගෙන යමින් සිටියදී පෙරේදා (3 දා) සවස මාඔයට පැන සියදිවි හානිකර ගෙන ඇති බවයි.

මෙසේ දිවි නසා ගෙන ඇත්තේ ඇරැව්වල, තෝන්තොට දැඩිගම ප්‍රදේශයේ පදිංචි පුංචි කංකානම්ලාගේ ගුණපාල (44) නමැත්තෙකි.

සැකකරු සිව්පුද්ගල ඝාතනය සඳහා යොදාගත් පොරවක්‌ සඟවා තිබෙන බවට පාපොච්චාරණය කර එය පොලිසියට පෙන්වීමට යමින් සිටියදී මාංචු පිටින් තෝප්පුව පාලමෙන් මාඔයට පැන පලා යාමට උත්සහ කර

තිබෙනවා. එම අවස්‌ථාවේ පොලිසිය ඔහු බේරාගෙන මාරවිල රෝහලට රැගෙන ගොස්‌ ඇතත් ඒ වන විට ඔහු මියගොස්‌ සිට ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවා.

මෙම සිව් පුද්ගල ඝාතනය සිදු කරන අවස්‌ථාවේ ඔහුගේ අනියම් බිරිඳ ද වෛද්‍යවරියගේ නිවස ඉදිරිපස මුර කුටියේ සැකකරු සමඟ සිට ඇතැයි පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී
තිබෙනවා. ඒ අනුව ඝාතනයට ආධාර අනුබල දීම යටතේ ඇය අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවා.

තමන් වෛද්‍යවරිය ඇතුළු පවුලේ පිරිස ඉකුත් 30 වැනිදා රාත්‍රියේ ඝාතනය කළ බවත් වෛද්‍යවරිය, සැමියා හා පුත්‍රයා මරා දැමීමෙන් පසු වෛද්‍යවරියගේ 13 හැවිරිදි දියණිය නිවසේ සිරකරගෙන දූෂණය කර ඝාතනය කළ බවත් සැකකාර ඝාතකයා පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර
තිබෙනවා.

වෛද්‍යවරියගේ සැමියා පළ කළ පුවත් පත් දැන්වීමකට අනුව ඉකුත් නොවැම්බර් මස 02 වැනිදා රුපියල් 15000 ක වැටුපකට වෛද්‍යවරියගේ නිවසේ මුරකාර සේවයට පැමිණ
තිබෙනවා.

සැකකරුගේ අනියම් බිරිඳද ඔහු සමග පැමිණ ඇති අතර පසුව දෙදෙනාම මුර කුටියේ නතර වී එකට ජීවත් වෙමින් වෛද්‍යවරියගේ නිවසේ රැකියාව කර
තිබෙනවා.

එසේ සිටියදී ඉකුත් 30 වැනිදා දහවල් වෛද්‍යවරියගේ සැමියා මුදල් සිද්ධියකට සැකකාර ඝාතකයාට බැණවැදී
තිබෙනවා. ඉන් කෝපයට පත් සැකකරු එදින රාත්‍රි ඉතා සැලසුම් සහගතව වෛද්‍යවරිය හා පවුලේ පිරිස මරා දමා ඇතැයිද රහස්‌ පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

වෛද්‍යවරියගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට හැකි වන සේ මුර කුටියේ ප්‍රධාන විදුලි ස්‌විචයක්‌ සවිකර තිබී ඇත. එය ක්‍රියාත්මක කර නිවසේ විදුලිය විසන්ධි කළ සැකකරු ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණි අවස්‌ථාවේ ප්‍රථමයෙන් මුරකුටිය අසළදී වෛද්‍යවරියගේ සැමියා ඝාතනය කර
තිබෙනවා.

පසුව සැමියාගේ ප්‍රමාදය සොයා බැලීමට පැමිණෙද්දී වෛද්‍යවරියද මරා දමා ඇති සැකකාර ඝාතකයා අනතුරුව වෛද්‍යවරියගේ පුත්‍රයාවද මරා දමා නිවස තුළට ගොස්‌ 13 හැවිරිදි දැරිය එහි සිරකරගෙන දූෂණය කර මරා දමා
තිබෙනවා. ඔහු මෙම ඝාතන සිදු කිරීම සඳහා පොරවක්‌ වැනි මොට ආයුධයක්‌ භාවිතා කර ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

වෛද්‍යවරියගේ කුඩා දියණිය ඝාතනය කිරීමට පෙර දූෂණයට ලක්‌ වී ඇති බව මළ සිරුරු පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ද හෙළි වී
තිබෙනවා.

සැකකරු මෙම ඝාතන සිදු කරන අවස්‌ථාවේ ඔහුගේ අනියම් බිරිඳද මුර කුටියේ සිට ඇති අතර පසුව මළ සිරුරු ගල් ගැට ගසා පොල් ලෙලි වළට දමා පසුදා (31 වැනිදා) අලුයම දෙදෙනාම වෛද්‍යවරියගේ නිවසින් පලා ගොස්‌
තිබෙනවා.

දෙදරු මවක්‌ වන අනියම් බිරිය සැකකරුට හමුවී ඇත්තේ ඇය මාදම්පේ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කිරීමේදී "මිස්‌ කෝල්" එකක්‌ ඔස්‌සේ ඇති වූ ප්‍රේම සබඳතාවක්‌ අනුව බවද පොලිසිය අනාවරණය කරගෙන
තිබෙනවා.

මොවුන් දෙදෙනා වෛද්‍යවරියගේ නිවසින් පලා යද්දී රැගෙන ගිය රන් මාලයක්‌, වළල්ලක්‌, මුද්දක්‌ සහ වෛද්‍යවරියත්, දියණියත් කන පැළඳ සිටි කරාබු යුගල දෙකක්‌ද පොලිසිය සොයාගෙන
තිබෙනවා.

රහස්‌ පොලිසිය පුද්ගල තොරතුරු සහ විද්‍යාත්මක සාක්‍ෂි ඔස්‌සේ සිදු කළ පුළුල් විමර්ශනයකට අනුව මොවුන් දෙදෙනා කොටු කර ගැනීමට හැකි වූ බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මෙම ඝාතනවලට අනියම් බිරිඳගේ සම්බන්ධයක්‌ නොමැති බවත් ඝාතන හෙළිකරනු ලැබුවහොත් ඇයද ඝාතනය කරන බවට සැකකරු ඇයට තර්ජනය කර ඇතැයි පොලිස්‌ විමර්ශනවලදී හෙළිකරගෙන
තිබෙනවා

අභිරහස්‌ ලෙස ඝාතනය වූ ලුණුවිල රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය හා ඇගේ සැමියා
 
Related Posts with Thumbnails