Ads 468x60px

.

පෙර කී සියලු අනාවැකි සත්‍ය වූ නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා මෛත්‍රී ජය ගන්නා බව කියු හැටි.


ඉදිරි ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නා බව ස්වාධීන ජ්‍යෝතිර් වේදීන්ගේ සංගමය ඊයේ සෝලිස් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පවසා තිබෙනවා.

නාත්තන්ඩියේ පී ඩී පෙරේරා, ගාමිණී බුලත්සිංහල සහ කේ ඒ යූ සරත්චන්ද්‍ර යන ජ්‍යෝතිර්වේදීහු ඊට එක්වූනා.

2014 අවසානයේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වන බව, කාන්තාවක් එහි මූලිකත්වය ගන්නා බව හා නොසිතූ චරිතයක් පොදු අපේක්ෂකයා බවට පත්වන බවටත් තමන් මින් පෙර කී සියලු අනාවැකි
සත්‍ය වූ බවත්,    ජනාධිපතිවරණයෙන් සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කීවේය.

සිරිසේන මහතාගේ කේන්ද්‍රයේ රාජ යෝග රැසක් ඇති බවත්, ඔහු නියත වශයෙන්ම ජනාධිපතිවරණය ජය ගන්නා බවත් ගාමිණී බුලත්සිංහල සහ කේ ඒ යූ සරත්චන්ද්‍ර මහත්වරු කීහ.

මේ අතර ජනාධිපති ජෝතිෂ උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් කියා තිබුණේ ජනාධිපති වරණයෙන් නියත වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා බවයි. සිරිසේන මහතාගේ කේන්ද්‍රයේ රාජ යෝග නැතැයි ද ඔහු කියා තිබිණි.

එහි වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails