Ads 468x60px

.

සජිත් පිළියන්දල සන්ධාන වේදිකාවට නගින්න ඉඩ තියෙනවා - ජනපති


මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාටත් එක්සත් ජාතික පක්ෂය එපා වී ඇති බවත් සමහර විට පිළියන්දල ජන රැළියේ වේදිකාවට සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමට හැකියාවක් ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද (05) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙබරවැව ජනතා රැලිය අමතමිනි.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ "මම දන්නවා සජිත්ටත් දැන් එපා වෙලා වගේ. මේ වේදිකාවට නැග්ගේ නැති වුණත් පිළියන්දල වේදිකාවට නගීද දන්නේ නෑ. එහිදී නැග්ගොත් පුදුම

වෙන්නෙත් නෑ මම. හැබැයි මම කියනවා. 

එතුමන්ට එහෙම ඉන්න. අර එක්සත් ජාතික පක්ෂය වැටෙන්න යන්නේ. නැතිවෙලාම යන්නේ නැතිවෙන්න ඒක පොඩ්ඩක් බලාගන්න. මගේ ගාවට නාවට කමක් නෑ ඡන්දේ දුන්නාම ඇති."

"හකීම් මහත්තයා නැගෙනහිරින් වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලනවා. මුස්ලිම් කලාපයක් එහෙම දෙන්නේ කොහොමද? මේක මහ අසාධාරණ ඉල්ලීමක්. මට ඡන්දෙ මෙච්චර තියෙනවා කියලා කිව්වා. 


මම කිව්වා ඔයා ඡන්දේ තියාගන්න මම රට තියාගන්නම් කියලා. උතුරේ ප්‍රභාකරන්ගේ මිත්‍රයෝ ටික, මේ පැත්තෙන් රවුෆ් හකීම්ලා මෙයාලා අරගෙන මහා ලොකුවට කෑගහනවා. " යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පැවසීය.
 
Related Posts with Thumbnails