Ads 468x60px

.

‘‘මගේ පියාගේ ආත්මයේ නාමයෙන් තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ - සජිත් කියයි


සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය එපා වී ඇති බවත් සමහර විට පිළියන්දල ජන රැළියේ වේදිකාවට සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමට හැකියාවක් ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවසූ පුවතක් ඊයේ දිනයේ අප ඔබ වෙත ගෙන ආවා.

එහෙත් ඊට පිළිතුරු වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ ‘‘මගේ පියාගේ ආත්මයේ නාමයෙන් තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ. පියන් අගමැතිකමක් ගන්න යන්නෙත් නැහැ. විලිලජ්ජා නැතිව ආණ්ඩුව බොරු කියනවා. මම අද සංධානයට එනවලු. සන්ධානය
වෙනුවෙන් බොරු කියන රූපවාහිනී බ්රේකින් නිවුස් දානවා‘‘ යනුවෙනුයි.

තව දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා "මට ඔළුවෙ අමාරුවක් නැහැ. මේ වට උත්තර දීලා මගේ හක්කත් ගෙවිලා. හැබැයි මට එකක් කියන්න පුළුවන්. ලබන 9 වැනිදායින් පස්සේ මහින්ද රාජපක්ෂටත් හංස වේදිකාවට එන්න වෙනවාමයි.‘‘ යනුවෙන් පැවසීය.

දෙවිනුවර වැල්ලමඩමේ එජාප රැස්වීමක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේය. මෛත්‍රිපාල සිරිසේන මහතාද ජනහමුව ඇමතීය. 


සජිත් පිළියන්දල සන්ධාන වේදිකාවට නගින්න ඉඩ තියෙනවා - ජනපති
 
Related Posts with Thumbnails