Ads 468x60px

.

මහින්ද පැරදුණොත් රූපවාහිනී නාලිකාවක් තුළදී ගිනි තබාගන්නවා කියන ජ්‍යොතිශාස්ත්‍රඥයා


මෙවර ජනපතිවරණය නිසා ලංකාවේ ජ්‍යොතිෂ්‍යවේදීන් කිහිපදෙනෙකුම සියදිවි නසාගැනීමේ අවදානම භාරගෙන තිඛෙනවා.

එක් අයෙකු වන්නේ චන්ද්‍රසිරි බණ්ඩාරයි ඔහු පසුගියදා සිරස නාලිකාවට පැමිණ මහින්ද පැරදුණොත් දිවිනසාගන්නා බව කියා සිටි අතර මාපලගම විමලරත්න නමැති තවත් ජ්‍යොතිශාස්ත්‍රඥයෙකුද රූපවාහිනී නාලිකාවක් තුළදී ගිනිතබාගෙන දිවිනසාගන්නා බවට දැන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.


ඔහු පසුගිය සතිඅන්ත සිළුමිණ පුවත්පතින් මෙම අවදානම් අභියෝගය පළ කර තිබුණි. කිසිදු විශේෂ හේතුවකින් තොරව ඊයේ (5) විහාරමහා දේවී උද්‍යානයේදී මෛත්‍රී ජයගන්නා බව කියමින් පන්නිපිටියේ

නාඳුනන පුද්ගලයෙකු ගිනි තබාගත් අතර අද ඔහු මිය ගියා. 

මැතිවරණයක කාගේවත් ජයග්‍රහණයක් හෝ පරාජයක් වෙනුවෙන් තමාගේ දිවි තොරගන්නට තරම් පිරිහුණ ලංකාවේ දේශපාලනය ගැන ඇතිවන්නේ කණගාටුවකි. ජ්‍යොතිශාස්ත්‍රඥ මාපලගම විමලරත්න පාරදුණොත් දිවි නසාගන්නට හේතු කියමින් මහින්ද දිනන බව ලියා තිබුනේ මෙසේය.

ඉතා අහිංසක දුර්වල පක්ෂියෙකු වන හංසයා තරගයකට උචිත ශක්තිමත් සංකේතයක් නොවීමත්, බුලත් කොළය යන්න සංකේතාත්මකව ශක්තිමත් සංකේතයක් වීමත් මුල් බැල්මටම පෙනෙන අවාසි සහගත තත්ත්වයකි.

බුලත් කොළය පෙරදිග සංස්කෘතික ලෝකයේ තිඛෙන අතිශයින්ම බලගතු වූ සශ්‍රීකත්වය ජයග්‍රහණය පෙන්වන ලකුණකි.

අලියා වැනි ශක්තිමත් සතකු තම ලකුණ වශයෙන් ගත් කාලයේදී එහි නායකයා කොතරම් බලගතුව සිටියා ද යන්න අප දනිමු. හංසයා යනු සුළු සිදුවීමකදී පවා හිස පහත් කරගෙන දිය යට යන දුර්වල සත්ත්වයෙකි.

මහින්ද මහතාගේ කේන්ද්‍රය අනුව එතුමා දැනට ගත කරන්නේ ගුරු මහ දශාවේ බුධගේ අන්තර දශාවය. උපතේදී —කෝටියක්˜ දෝෂ භංග කරමින් දිග් බලයෙන් යුතුව ලග්නයේ සිටින ගුරු ග්‍රහයා ඔහුට බුද්ධිය, ජනබල, දෙවියන්ගේ ආකර්ෂණය ලබා දී ඇති අතර, දහවැන්නේ සිටින රාහු ග්‍රහයා යුද ජයග්‍රහණය සහිතව මිය යනතුරු රාජ්‍ය බලය හිමිකර දී ඇත.


ජනාධිපතිතුමාගේ කේන්ද්‍රයේ බලවත්ම යෝගයක් වන්නේ —චන්ද්‍ර අධි යෝගයයි˜. ඕනෑම ගැටලූවකට දක්ෂ ලෙස මුහුණදීමේ චිත්ත ශක්තිය ඉන් ඔහුට ලැබී ඇත.

මෛත්‍රීගේ කේන්ද්‍රය අනුව ඔහු දැනට ගත කරන්නේ සෙනසුරුගේ මහ දශාවේ රවිගේ අතුරු දශාවයි. මෛත්‍රී දැනට ලග්න ඒරාෂ්ඨකය ගත කරයි. මහජනයා නියෝජනය කරන 7 අධිපති කුජ නීචවීම නිසා කුජගෙන් නියෝජනය වන කතරගම දෙවියන්ගේ ආකර්ෂණය මෛත්‍රීට ලැඛෙන්නේ නැත. 


පොදු මහජනතාව නියෝජනය කරන ශනි ග්‍රහයා මෛත්‍රීගේ බලවත්ම අශ=භ ග්‍රහයා බවට පත්වන්නේ ශනි ඔහුගේ 22 වන දේර්කාණධිපති වීම නිසාය. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමෙන් යුධයෙන් ජයගත් රට නැවත එල්. ටී. ටී. ඊ. යට දීමට ගිවිසුමක් අත්සන් කළ බව දැන් දැන් පොදු ජනයා අතර පැතිර යාම නිසා පොදු ජනයා මෛත්‍රීගෙන් ඈත්වීමට හේතු පෙනේ.

මැතිවරණය සඳහා දෙදෙනා නාම යෝජනා භාරදුන් නැකැත් ද මෛත්‍රීට අපලදායක තත්ත්වයක් ඇතිකර තිබේ.

අනික් අතට මෛත්‍රීගේ සටන මෙහෙයවන රනිල් දැන් ගත කරන්නේ බුධ මහ දශාවේ කේතු

අන්තරයයි. ඔහු මීන ලග්නකරුවෙකි. රටට අහිතකර ගිවිසුම්වලට අප්‍රසිද්ධියේ රහසින් එළඹීමට ඔහු පෙළඹෙන්නේ මෙම කුමන්ත්‍රණකාරී කේතු ග්‍රහයාගේ බලපෑම නිසාය.

1945/09/29 දින උදේ 9.56 ට උපන් චන්ද්‍රිකාගේ කටක ලග්න කේන්ද්‍රය ද සජිත්ගේ මිථුන ලග්න කේන්ද්‍රය ද මේ දිනවල ඇත්තේ ආශ්‍රය කරන අය අමාරුවේ දමන ග්‍රහ තත්ත්වයකි.

මේ රටේ අතීතයේ සිටි ඩඩ්ලි, ෙජ් ආර්., සිරිමා, දහනායක මෙන්ම වර්තමාන ජනාධිපති මහින්ද ද කන්‍යා ලග්න හිමියන්ය.

ගාමි‚ දිසානායක, සරත් ෆොන්සේකා හා මෛත්‍රීපාල සිරිසේන තුලා ලග්න හිමියන්ය. තුලා ලග්න හිමියකුට ලංකාව පාලනය කිරීමට පින් නැති බව පවසන්නේ සරත් ෆොන්සේකාටත්, ගාමි‚ දිසානායකටත් සිදුවූ දේ සිහිපත් කරමිනි.

මේ අනාවැකිය කිසිම ලෙසකින් වැරදීමට ඉඩක් නැති අතර, මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කළහොත් මෙය ලියන මා රූපවාහිනි නාළිකාවක් තුළදී ගිනිතබා ගන්නා බවට ද, මෙය කියවන හැම අයකුටම මෙයින් පොරොන්දුවක් දෙනු ලබන්නේ කිසි ලෙසකින් මගේ අනාවැකිය වැරදීමට ඉඩක් නැති නිසාය.
 
Related Posts with Thumbnails