Ads 468x60px

.

මෛත්‍රීගේ දින සීයෙන් සහනයක් නැහැ - රාජපක්ෂ හේග් වෙත ගෙන යාම අපේ බලාපොරොත්තුවයි


ශ්‍රී ලංකා දමිළ ජාතිකයකු වන ,මේ වන විට යුරෝපීය ප්‍රසිද්ධ ගායිකාවකව සිටින මායා(M.I.A ) ලෙසින් අමතන මාදංගි අරුල්ප්‍රකාශම් ජනපති වරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව චැනල් 4 නාලිකාවට අදහස් පළකොට තිබේ. එහිදී ඇය ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව වෙනස් වුවත් එහි දැකිය හැක්කේ එකම මුහුණු ටික බවය.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙලේ දමිල ජනතාව උදෙසා කිසිවක් නොමැති බව ඇය විසින් චෝදනා කරනු ලබයි. 2009 වසරෙන් පසු දමිල ජනතාව සාමය තෝරාගත් හේතුවෙන් ඔවුන් සාමකාමී ව විසුවද හිටපු ජනපතිවරයා විසින් දමිල ජනතාවට නිසිලෙස සැලකුවේ නොමැති බවද ඇය විසින් එම සාකච්චාවේදී පවසා තිබේ.

ඇය තවදුරටත් පවසා ඇත්තේ රාජපක්ෂ හේග් වෙත ගෙන යාම දමිල ජනතාවගේ බලාපොරොත්තුව බවයි. ඇයගේ මතය සමස්ත දමිල ජනතාවගේ බලාපොරොත්තුවද බවද යන්න නිවේදකයා විමසා සිටි අවස්ථාවේ ඇය එයට පිළිතුරු ලබා දුන්නේ ඇයගේ යූ ටියුබ් වීඩියෝ
වලට දමිල ජනතාවගේ ප්‍රතිචාර ලැබෙන හෙයින් ඔවුන්ගේ මතය එයින් නිරූපණය වන බවයි.

M.I.A ගේ පියා කොටි සංවිධානයේ ආරම්භක කාලයේ සාමාජිකයකු වන අතරමායා පසුගිය1986 දී පවුලේ අය සමඟ දේශපාලන ‍රැකවරණ ඉල්ලා බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.

M.I.A දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝව බලන්න පහතින් 

 
Related Posts with Thumbnails