Ads 468x60px

.

ගාලුමුවදොර දේව මෙහෙය නිමවා පාප්වහන්සේ මඩු දේවස්ථානයට


ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ පස්වරුවේ මරදමඩු දේවස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. එහි පැවැත්වෙන කෙටි යැදුම් මෙහෙයක් සඳහා ද උන්වහන්සේ සහභාගි වනවා.

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේගේ මෙම ශ‍්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය බොහෝමයක් ද ඉහල වටිනාකමක් ලබාදී තිබීම විශේෂත්වයක්. බී.බී.සී ලෝක සේවය එහි ප‍්‍රමුඛ පුවතක් ලෙස එය
වාර්තා කර තිබෙනවා. සී.එන්.එන් සහ ෆොක්ස් නිවුස් වැනි වෙබ් අඩවිය ද එම පුවත් වාර්තා කර තිබෙන්නේ ඉහල ප‍්‍රමුඛත්වයක් ලබා දෙමින්.

ජුසේවාස් පියතුමන් ශාන්තුවරයට ඔසවා තැබු ශ‍්‍රී ලංකාවේ පළමු මුනිවරයාණන් වහන්සේයි. වර්ෂ 1651 වසරේ දී ඉන්දියාවේ ගෝවා හී උපත ලද උන්වහන්සේ වර්ෂ 1687දී ශ‍්‍රී ලංකාවට පැමිණියා.

එතැන් සිට කිතුනු දහම ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා උන්වහන්සේ ගේන් සිදුවු මෙහෙය අතිමහත්. ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ අද සිදු කළ දේශනයේ දී ද ඒ බව සිහිපත් කෙරුණා.

භාග්‍යවත් ජුසේවාස් පියතුමන් ශාන්තුවරයට ඔසවා තැබීම මීට නොබෝ වේලාවකට පෙර සිදුකෙරුණා. ඒ, ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලූමුවදොර පිටියේ පැවැත්වෙන විශේෂ දිව්‍ය පූජාවේදි.

වර්ෂ 1651දී ඉන්දියාවේ ගෝවා හී උපන් ජුසේවාස් පියතුමන් 1684 වසරේදී ශ‍්‍රී ලංකාවට පැමිණියා. ශ‍්‍රී ලංකාවේ කි‍්‍රස්තියානි දහම ප‍්‍රචලිත කිරීම සඳහා උන්වහන්සේ විසින් ඉටු කෙරුණු මෙහෙය අතිමහත්.

ශූද්ධෝත්තම පාප්වහන්සේගේ ගාලූමුවදොර දිව්‍ය පූජාව ඇරඹෙයි.

ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ විසින් මෙහෙයවන ගාලූමුවදොර විශේෂ දිව්‍ය පූජාව මේ වන විට පැවැත්වෙනවා.

උන්වහන්සේ මෙම දිව්‍ය පූජාව සඳහා ගාලූමුවදොර පිටියට පැමිණියේ විවෘත රථයක නැගී මග දෙපස රොක් වී සිටි බැතිමතුන්ට ආශිර්වාද කරමින්. උන්වහන්සේ පිළිගැනීම සඳහා නර්තනාංග සහ ගායනා කිහිපයක් ද ඉදිරිපත් කෙරුණා.

ගීතිකා ගායනය සහ දිව්‍ය පූජාවේ සෙු කටයුතු අරම්භ වුයේ ඉන් අනතුරුවයි. මෙම දිව්‍ය පූජාව සඳහා විවිධ ප‍්‍රදේශ වලින් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණ සිටින බව අප වෙත වාර්තා වෙනවා.

1 2

 
Related Posts with Thumbnails