Ads 468x60px

.

මා මගේ අතින් වූ වරද පිලිගන්නවා - අනාවැකි කියන එක නතරකරනවා - සුමනදාස


ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජය ගන්නා බවට අනාවැකි පලකළ ජෝතිෂ්‍යෙව්දී සුමනදාස අබේගුණවර්ධන මහතා තවදුරටත් අනාවැකි කීම නතරකර දමන බවට ප්‍රකාශ කොට තිබේ.

සති අන්ත ජාතික පුවත්පතක් වෙත අදහස් පළකොට ඇති සුමනදාස මහතා මේ බව ප්‍රකාශ කොට ඇති අතර අනාවැකි කීම නතර කළත්
අනෙකුත් ජෝතිෂ්‍ය කටයුතු සුපුරුදු පරිදි සිදුකරන බවද ප්‍රකාශ කොට තිබේ. එම පුවත්පත් සාකච්චාවේදී තමාට වූ වැරදීම ඔහු පිළිගෙන තිබුනේ මෙලෙසිනි.

"මගේ අතින් එක්කෝ වැරද්දක් උනා..ඒ නිසා මම එහෙම කළ යුතු වෙනවා....දශමයක මග හැරීමක් නිසා හෝ මගේ අතින් වරදක් සිදු උනානම් මම වරද පිළිගත යුතුයි. ,මා මගේ අතින් වූ වරද පිලිගන්නවා..."
 
Related Posts with Thumbnails