Ads 468x60px

.

හෝටලයකට අරන් ගිහින් 07 දෙනෙක් දූෂණය කල හබරාදූවේ දැරිය


14 හැවිරිදි බාල වයස්කාර දැරියක් පුද්ගලයන් 07 දෙනෙකු විසින් දූෂණය කිරීමේ සිද්ධියක් හබරාදූව පොලිස් වසමේ, මිහිරිපැන්න ප‍්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. දැරිය ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය ගාල්ලේ පදිංචි සිය ඥතිවරියකගේ නිවසට ගොස් ආපසු එමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.

එදින බස් රථයේදී හඳුනා ගත් තරුණයෙකු සමඟ මෙම දැරිය මිත‍්‍රකමක් ගොඩ නගා ගෙන ඇත. එම තරුණයා විසින් දැරිය හෝටලයකට රැගෙන

ගොස් දූෂණය කර තිබෙනවා. එයට පසු තවත් පුද්ගලයන් 06 දෙනෙකු විසින් දැරිය දූෂණයට ලක් කර තිබෙනවා

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු (119) තොරතුරක් අනුව හබරාදූව පොලීසිය සිදු කළ වැටලීමකදී දැරිය පොලිස් බාරයට ගෙන ඇති අතර මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වදුරඹ, ලේලවල වත්තේ පදිංචි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් සොයා හබරාදූව පොලීසිය විසින් පරීක්ෂණ අරඹා තිබෙනවා.
 
Related Posts with Thumbnails