Ads 468x60px

.

සිරී පාදේ යනවා කියලා හෝටලයක තරුණයන් පස්දෙනෙක් එක්ක බීලා නැටු තරුණිය (පින්තුර)


ශ‍්‍රී පාද වන්දනාවේ යන බව පවසමින් හැටන් නගරයට පැමිණි කාන්තා වක් ඇතුලු තරුණයන් පස්දෙනෙකු හැටන් නගරයේ අවන්හලක බීමත්ව අශෝභන ලෙස හැසිරෙන බවට හැටන් පොලීසියට ලද තොරතුරක් මත එම කාන්තාව සහ තරුණයන් පස්දෙනා හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අප වෙත වාර්තා වෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මොරටුව අගුලාන ප‍්‍රදේශයේ පදිංචි මෙම පිරිස කොළඹ කොටුවේ සිට උඩරට මැණිකේ දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ පැය දෙකකට
ආසන්න කාලයක් මෙම අවන්හලේ බීමත්ව සිටි බවයි.

මෙම
පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සිද්ධිය සමතයකට පත්කර දෙන ලෙස එම වැටලීමට ගිය පොලිස් නිළධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙන අතර අත්අඩංගුවට ගත් මෙම පිරිස වෛද්‍ය වරයෙකු වෙත ඉදිරිපත්කර අද (11) පස්වරුවේ හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලීසිය පවසනවා. 

ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණෙන විට පූජනීය ස්ථානයක් ලෙස සලකා ශ‍්‍රීපාදය කරුණා කරන ලෙසත් මත්පැන් රැගෙන නොයන ලෙසත් බීමත්ව ශ‍්‍රී පාදයට නොපැමිණෙන ලෙසත් හැටන්පොලීසිය මගින් ජනතාව දැණුවත් කර තිබෙනවා.






 
Related Posts with Thumbnails