Ads 468x60px

.

ජනපතිගේ වෙබ් අඩවි සහ Facebook, Twitter ගිණුම් ගැන යන කටකතා


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවි සහ සමාජ ජාල ගිණුම්හි පරිපාලන කටයුතු සැකී අහමඩ් නමැත්තා වෙත පවරා ඇතැයිද, ඉන් ජනාධිපතිවරණ සමයේ සිරිසේන මහතාගේ ආධාරයට සිටි සමාජ ජාල හිමිකරුවන් අනාරක්ෂිත වී ඇතැයිද පැවසෙන පුවත් සාවද්‍ය බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටී.

මාධ්‍ය නිවේදනය:

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් නොමඟ යවන පුවත් පිලිබඳව පැහැදිලි කිරීමක්.

ජනාධිපතිතුමා හෝ ජනාධිපති කාර්යාලය මගින් ගරු ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය (www.president.gov.lk) හෝ පුද්ගලික වෙබ් අඩවිය

(www.maithripala.com / lk) හෝ සමාජ මාධ්‍ය ගිණුම් (facebook.com/maithripalas, twitter.com/MaithreepalaS) පවත්වාගෙන යෑමට කිසිම පුද්ගලයකු වෙත බලය පවරා නැත. 

ජනාධිපතිවරණ සමයේ ගරු. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ එම ගිණුම් සම්බන්ධයෙන් කටයුතු කල සහ අවශ්‍ය තොරතුරු සැපයු එම කණ්ඩායම තවමත් එම කාර්යයේ යෙදී සිටිති.

මේ දිනවල සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි හරහා පලවන (මෛත්‍රීගේ Social Media ආධාරකරුවන්ගේ තොරතුරු මහින්ද වෙත පත්කිරීමේ අවදානම ක් - මෛත්‍රී සටන පාවා දෙයිද? ) යන පුවත හා එහි සඳහන් සැකි අහමඩ් නමැති පුද්ගලයා පිලිබඳ තොරතුරු සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය ඉතා වගකීමෙන් දන්වා සිටියි.

- ජනාධිපති මාධ්‍ය ඒකකය
 
Related Posts with Thumbnails