Ads 468x60px

.

මම මැරෙන එකට යාළුවෝ සම්බන්ධ නෑ කියලා ලියලා කෝච්චියට පැන්න උසස් පෙළ සිසුවා


කෝච්චියට පනින්නට ඉස්සෙලා කෙල්ලෙක් එක්ක කතා කර කර ඉඳලා.

රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේදී පින්නවල ජාතික පාසලේ උසස් පෙළ සිසුවෙකු දුම්රියට පැන ඊයේ (19) සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ බදුල්ලේ සිට කොළඹ බලා පැමිණි උඩරට මැණිකේ සීඝ‍්‍රගාමී දුම්රියට පැන මෙම සිසුවා සියදිවි හානිකරගෙන ඇති බවයි.

රඹුක්කන - නුගවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සිසුවා සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කෙසේ වෙතත්, මියගිය සිසුවාගේ දෙමව්පියන් ඇතුළු ඔහු ඇසුරු කළ පුද්ගල

යන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

එමෙන්ම සිද්ධිය දුටුවෙක් ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය වෙත පැනීමට ප්‍රථම අදාල තරුණයා තරුණියක් සමඟ කතා බහක නිරතවී සිටි බවට තමන් දුටු බවයි. ඇය එම ස්ථානයෙන් ගිය පසුව තරුණයා එතනින් ගිය බවත් පසුව ඔහු දුම්රියට පැන ඇති බවට ආරංචි වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම ඔහුගේ මිතුරෙකු සඳහන් කලේ බෑගයේ තිබූ කොළයක මෙම සිදුවීමට මිතුරන් සම්බන්ධ නැති බවට ඔහු සටහන් කර තිබූ බවයි.
 
Related Posts with Thumbnails