Ads 468x60px

.

කෙහෙළියගේ දියණිය නැවත පැමිණෙන එක ලංකාවට හොඳ නැතිලු...


දේශපාලන හිතවත්කම් මත විදේශ සේවයට පත් කළ 36 දෙනෙකු පසුගියදා නැවත කැඳවීමට නව රජය කටයුතු කරනු ලැබූ අතර ඒ හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියටද නැවත මෙරටට පැමිණීමට සිදුවී තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විට ඇයගේ නැවත පැමිණීම පිළිබඳව ආරංචි මාර්ග ඔස්සේ විවිධ තොරතුරු වාර්තා වනවා. ඇයගේ ෆැසිපික් කණ්ඩාය මේ සැසිවාර සංවිධානය කිරීමේ කමිටුවේ දරන උප සභාපති ධුර කාලය

අවසන් වන්නේ 2015 ජූලි මාසයේදීයි.

මේ නිසා ධුර කාලය කල් ඉකුත් වීමට පෙර ලංකාවට නැවත කැඳවීම නිසා ශ‍්‍රී ලංකාව එම කමිටුව සමඟ ඇති සබඳතා අත්හැර දැමීමක් සිද්ධවිය හැකි බව කියා ඇති අතර එය ලංකාවට හොඳ නැති බව කියා ඇත. 


එම ධූරය ලංකාවේ වෙනත් විදේශ නියෝජිතයෙකුට පැවරිය නොහැකි වන්නේ ඇගේ පෞද්ගලික දක්ෂතාව මත එම තනතුර හිමිව තිබෙන නිසා බවත් ඇය දන්වා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසන්නේ මෙවන් තොරතුරක් පිළිබඳව ඔවුන්ට වාර්තා නොවන බවත් නැවත කැඳවූ පිරිස මෙම මස 28වනදා දිවයිනට පැමිණිය යුතු බවත්ය. 


මේ පිළිබඳව විශ්වාස කටයුතු මාර්ග ඔස්සේ ඇයගේ සමීපතමයෙකු සඳහන් කලේ කිසිඳු පැකිලීමකින් තොරව ඇය දිවයිනට පැමිණීමට කැමැත්තෙන් සිටින බවයි.

ඇයගේ මෙම තනතුර බලාපොරොත්තුවෙන්ම එරට රැදී සිටීමේ අවශ්‍යතාවක් නොමැති අතරම ඇයගේ සුදුසුකම් මත වෙනත් රැකියාවක නිරත වීමට විදේශ රටක අවස්ථාව ඇති බවත් ඇයට සමීපතම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 
Related Posts with Thumbnails