Ads 468x60px

.

අපි කුණු කන්නටම පුරුදු වූ ජාතියක්‌ බව....!


එක්‌දහස්‌ අටසිය ගණන්වල රුසියානු රජ පවුල වසඟයට ගෙන මාතෘ දුහිතෘ භේද නොසලකා වනචර කමෙහි යෙදුණ ග්‍රෙගරි රස්‌පුටින් නමැති පූජකයා මරා දමන ලද්දේ ආසනික්‌ මිශ්‍ර කේක්‌ කවා, සයනයිඩ් මිශ්‍ර වයින් පොවා, එතැනින් ද නොනැවතී පපුවට වෙඩි තබා ගඟටත් ඇද දැමීමෙනි.

අන්තිමේදී රස්‌පුටින් මියගියේ ආසනික්‌ කෑම, සයනයිඩ් බීම. පපුවට වෙඩි තැබීම හෝ නිසා නොව ගඟට වැටීමෙන් වතුර පෙවීම නිසා ය. රස්‌පුටින්
වස වර්ග ශරීරගත වීමෙන් නො මැරුණේ මන්ද යන්න මෑතක්‌ වන තුරුම රහසක්‌ව තිබිණි. 

එහෙත් මෑතකදී හෙළි වූ පරිදි විවිධ විෂ ද්‍රව්‍ය යොදා වාජීකරණ බෙහෙත් තනා ඒවා පරිහරණය කිරීමට පුරුදුව සිටි නිසා රස්‌පුටින්ට වස - විස ඔරොත්තු දෙන තත්ත්වයක්‌ තිබිණ. එහෙත් පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලද වැදගත්ම දෙය කුමක්‌ ද? 

රස්‌පුටින් ස්‌වභාවික මරණයක්‌ අත්වන තුරු ජීවත් වූයේ නම් ඔහු මිය යනු ඇත්තේ පිළිකා රෝගියකු ලෙස බව ය. එම පිළිකාව ශරීරයේ එකම ඉන්ද්‍රියක හෝ ඉන්ද්‍රියන් කිහිපයක එකවර හට ගැනීමට ඉඩ තිබිණ. ගලනාලය, පෙනහල්ල, වකුගඩු, ආමාශය, අක්‌මාව, මුත්‍රාශය සහ ගුද මාර්ගය එම ඉඳුරන් ය·

ලංකාව තරම් වස විස අනුභව කරන රටක්‌ තවත් වෙත්ද? මෙතරම් අපිරිසිදු ආහාර තිබෙන රටක්‌ තවත් වෙත්ද? මෙතරම් කුණු ආහාර මෙතරම් අභිරුචියකින් අනුභව කරන මිනිසුන් සිටින රටක්‌ තව වෙත්ද?


ඉන්දියානු වෙළෙන්දා කොතරම් කුණු පෙරාගෙන සිටියත් කෑම ටික හදන්නේ පිරිසිදුවට ය. හදන කෑම වල වසක්‌ විසක්‌ ගෑවුණොත් හදන එකාට සිදුවන්නේ හිරගෙදර කූරු ගණින්නට ය. 

තම රටේ ආහාරවල තත්ත්වය සෞඛ්‍යාරක්‍ෂිත කර ගැනීමට ඉන්දියානුවා හැකි උපරිම වෙර දරයි. ආහාරවලට වස විස මිශ්‍ර කරන්නකු හසු වූ විට චීන ජාතිකයා කරන්නේ හිසට වෙඩි තබා මැරීම ය. ඔහු ජීවතුන් අතර සිටියොත් ඔහු හදන ආහාර අනුභව කර තුන්හාරදහසක්‌ මිය යනු ඇතැයි චීන බලධාරීහු උපකල්පනය කරති.

තම රටේ තිබෙන නූඩ්ල්ස්‌වල ඊයම් අඩංගු බව දැනගත් ඉන්දියාව පසුගියදා විශාල කලබගෑනියක්‌ කළේ ය. මෙකී ක්‍ෂණික නූඩ්ල්ස්‌ නිපදවූ සමාගම ඊයම් පාවිච්චි කළේ නූඩ්ල්ස්‌ සර්පිලාකරණය සඳහා යොදන අමුද්‍රව්‍යයක්‌ ලෙස ය. 


ඊයම් දිගටම ශරීරගත වුවහොත් බොකු බඩවැලුත් සර්පිලාකාර වී ඇඟත් සර්පිලාකාර වන්නේ ය. මේ නිසා ඉන්දියානු නූඩ්ල්ස්‌ සමාගමට තවදුරටත් සෙල්ලම් කිරීමට ඉඩ නැත.

අපි කුණු කන්නටම පුරුදු වූ ජාතියක්‌ බව යළිදු කියමු. අප කන්නේ පරණ කුකුළු මස්‌ ය. පිළිකා ඇති කරන රසකාරකයන් ය. ඇට දිරාපත් කරවන වර්ණකයන් ය. බොක්‌ක තම්බන ආහාර කල්තබා ගැනීමේ රසායනිකයන් ය. දිගින් දිගටම මේවා ආහාරයට ගැනීම නිසා අපි වස විස වලට ඔරොත්තු දෙන රස්‌පුටින් මොඩලයේ මනුස්‌සයන් බවට පත්ව සිටිමු. 


එහෙත් වයස හතළිහ පනහ පැන්න ගමන් වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නෑසූ විරූ ලෙඩ රෝග අපට වැළඳෙයි. මෙවිට දොස්‌තර කියන්නේ විෂබීජයක්‌ ශරීර ගත වීම නිසා හඳුනා ගැනීමට බැරි ලෙඩක්‌ අපට වැළඳී තිබෙන බවය." අප මැරෙන්නේ නම නොදත්, අලුත්ම - අලුත් බ්‍රෑන්ඩ් නිව් රෝගයකින් ය.

මේ ගැන පැමිණිලි කරන්නට අප ඉදිරිපිට කෙනෙක්‌ නැත. හිටියත් ඒ ඉන්න එකා බහුජාතික ධනයට යට ය.

ඔන්න තත්ත්වය.
 
Related Posts with Thumbnails